පාටිහාරියකථා අට්ඨකථා
පාටිහාරියකථා
ප්‍රාතිහාර්‍ය්‍ය කථා
පාටිහාරියකථාවණ්ණනා
ඉදානි ලොකත්ථචරියාපරියොසානාය චරියාකථාය අනන්තරං ලොකත්ථානුසාසනපරියොසානං පාටිහාරියං දස්සෙන්තෙන කථිතාය සුත්තන්තපුබ්බඞ්ගමාය පාටිහාරියකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ සුත්තන්තෙ තාව පාටිහාරියානීති පච්චනීකපටිහරණවසෙන පාටිහාරියානි. ඉද්ධිපාටිහාරියන්ති ඉජ්ඣනවසෙන ඉද්ධි, පටිහරණවසෙන පාටිහාරියං, ඉද්ධියෙව පාටිහාරියං ඉද්ධිපාටිහාරියං. ඉතරෙසු පන ආදිස්සනවසෙන ආදෙසනං, අනුසාසනවසෙන අනුසාසනී. සෙසං වුත්තනයමෙව.
ලෝකාර්ථ චර්යා කෙළවරකොට ඇති, චර්යා කථාවට අනතුරුව, ලෝකාර්ථ අනුශාසනා කෙළවරකොට ඇති, ප්රාතිහාර්ය විස්තර දක්වන්නහු විසින් දේශිත සූත්‍රාන්ත පූර්වංගම ප්රාතිහාර්ය කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි පාටිහාරියානි යනු එකිනෙකට විරුද්ධ ඉන්ද්රියයන්ගෙන් වෙන් වෙන්ව බැහැර කිරීම් වශයෙන් ඉද්ධිපාරිහාරියං යනු සිද්ධවීම් වශයෙන් සෘද්ධියි. විරුද්ධ දෑ එළැවීම් වශයෙන් ප්රාතිහාර්ය යයි. සෘද්ධියම ප්රාතිහාර්ය වූයේ සෘද්ධි ප්රාතිහාර්ය යයි. අනෙක්වාහි වනාහි පෙන්වීම් වශයෙන් ආදෙසනංයි. අනුසාසන වශයෙන් අනුසාසනීයි. සෙස්ස කියන ලද ක්‍රමයමැයි.
ඉධාති ඉමස්මිං ලොකෙ. එකච්චොති එකො පොසො. ඉද්ධිපාටිහාරියනිද්දෙසො හෙට්ඨා වුත්තත්ථොයෙව. නිමිත්තෙන ආදිසතීති ආගතනිමිත්තෙන වා ගතනිමිත්තෙන වා ඨිතනිමිත්තෙන වා කථෙති. එවම්පි තෙ මනොති එවම්පි තව මනො සොමනස්සිතො වා දොමනස්සිතො වා කාමවිතක්කාදිසම්පයුත්තො වා. අපි-සද්දො සම්පිණ්ඩනත්ථො. ඉත්ථම්පි තෙ මනොති සොමනස්සිතාදිතො එකෙකවිධෙපි චිත්තෙ නානප්පකාරපරිදීපනං. ඉතිපි තෙ චිත්තන්ති ඉතිපි තව චිත්තං, ඉමඤ්ච ඉමඤ්ච අත්ථං චින්තයමානං පවත්තතීති අත්ථො. බහුං චෙපි ආදිසතීති චිත්තතො අඤ්ඤං වා ඉදඤ්ච ඉදඤ්ච නාම අහොසි භවති භවිස්සතීති බහුකම්පි කථෙති. තථෙව තං හොති, නො අඤ්ඤථාති තං සබ්බම්පි යථා යථා කථිතං, තථෙව හොති, අඤ්ඤථා න හොති.
ඉධ යනු මෙලොව. එකච්චො යනු එක් පුරුෂයෙක්, සෘද්ධි ප්රාතිහාර්ය නිර්දේශය යට කියන ලද අර්ථමය. නිමිත්තෙන ආදිසති යනු පැමිණි නිමිත්තෙන් හෝ ගිය නිමිත්තෙන් හෝ සිටි නිමිත්තෙන් හෝ කියයි. එවම්පි තෙ මනො යනු මෙසේද නුඹගේ මනස සොම්නසින් යුක්තවූයේ හෝ දොම්නසින් යුක්ත වූයේ හෝ කාම විතර්කාදියෙන් යුක්ත වූයේ හෝ වේ. අපි ශබ්දය සම්පිණ්ඩණාර්ථයෙහිය. ඉත්ථම්පි තෙ මනො යනු සොම්නස් ආදී වශයෙන් එක් එක් ආකාර වූද සිතෙහි නානාප්‍රකාර භාවය දැක්වීමයි. ඉතිපි තෙ චිත්තං යනු නුඹගේ සිත මේ මේ ආකාරද වේ. මේ මේ අර්ථ සිතමින් පවතී යයි අර්ථයි. බහුඤ්චෙපි ආදිසති යනු සිතින් අන්‍ය වූ හෝ මේ මේ දෑ වූයේය වේ වන්නේ යයි බොහෝ දෑද කියයි. තථෙව තං හොති නො අඤ්ඤථා යනු ඒ සියල්ලම යම් යම් ආකාරයකින් කියන ලද්දේද, ඒ අයුරින්ම වේ. අන් අයුරෙකින් නොවේ.
න හෙව ඛො නිමිත්තෙන ආදිසතීති නිමිත්තං ජානන්තොපි කෙවලං නිමිත්තෙනෙව න කථෙති. අපිචාති අපරපරියායදස්සනං. මනුස්සානන්ති චිත්තං ජානනකමනුස්සානං. අමනුස්සානන්ති සාවිතානං වා අස්සාවිතානං වා යක්ඛපිසාචාදීනං. දෙවතානන්ති චාතුමහාරාජිකාදීනං . සද්දං සුත්වාති අඤ්ඤස්ස චිත්තං ඤත්වා කථෙන්තානං සද්දං සුණිත්වා. පනාති නිපාතො පුන ආරම්භෙ. විතක්කයතොති යං වා තං වා විතක්කෙන විතක්කෙන්තස්ස. විචාරයතොති විතක්කසම්පයුත්තෙනෙව විචාරෙන විචාරෙන්තස්ස. විතක්කවිප්ඵාරසද්දං සුත්වාති විතක්කවෙගවසෙන උප්පන්නං විප්පලපන්තානං සුත්තප්පමත්තාදීනං කූජනසද්දං සුත්වා. යං විතක්කයතො සො සද්දො උප්පන්නො, තස්ස වසෙන “එවම්පි තෙ මනො”තිආදීනි ආදිසති.
න හෙව ඛො නිමිත්තෙන ආදිසති යනු නිමිත්ත දනුයේද හුදෙක් නිමිත්තෙන්ම නොකියයි. අපිච යනු වෙනත් ක්රමයක දැක්වීමයි. මනුස්සානං යනු සිත දැනගන්නා වූ මනුෂ්‍යයින්ගේ. අමනුස්සානං යනු ශ්‍රවණය කරවන ලද්දා වූ හෝ ශ්‍රවණය නොකරවන ලද්දා වූ හෝ යක්ෂ පිශාචාදීන්ගේ, දෙවතානං යනු චාතුර්මහා රාජිකාදීන්ගේ, සද්දං සුත්වා යනු අන්‍යයාගේ සිත දැන කියනවුන්ගේ ශබ්දය ශ්‍රවණය කොට, පන නැවත ආරම්භයෙහි, නිපාතයකි. විතක්කයතො යනු යම් ඒ දෙයක් විතර්ක කරන්නහුගේ, විචාරයතො යනු විතර්ක සම්ප්‍රයුක්ත වූම විචාරයෙන් විමසා බලන්නහුගේ, විතක්ක විප්ඵාරං සද්දං සුත්වා යනු විතර්ක වෙග වශයෙන් උපන් විකාර දොඩවන්නවුන්ගේ නින්දට වට, මත්වූවන්ගේ නාදය අසා, යමක් කල්පනා කරන කල්හි එම ශබ්දය උපන්නේ වේද, එම ශබ්දයාගේ වශයෙන් ‘ඔබගේ මනස මෙසේ’ යයි ආදිය පෙන්වයි.
අවිතක්කං අවිචාරං සමාධින්ති විතක්කවිචාරක්ඛොභවිරහිතසන්තචිත්තස්සාපි ජානනසමත්ථතං දස්සෙන්තෙන වුත්තං, සෙසචිත්තජානනෙ පන වත්තබ්බමෙව නත්ථි. චෙතසා චෙතො පරිච්ච පජානාතීති චෙතොපරියඤාණලාභී. භොතොති භවන්තස්ස. මනොසඞ්ඛාරා පණිහිතාති චිත්තසඞ්ඛාරා ඨපිතා. අමුකං නාම විතක්කං විතක්කයිස්සතීති කුසලාදිවිතක්කං විතක්කයිස්සති පවත්තයිස්සතීති පජානාති. පජානන්තො ච ආගමනෙන ජානාති, පුබ්බභාගෙන ජානාති, අන්තොසමාපත්තියං චිත්තං ඔලොකෙත්වා ජානාති. ආගමනෙන ජානාති නාම කසිණපරිකම්මකාලෙයෙව “යෙනාකාරෙනෙස කසිණභාවනං ආරද්ධො පඨමජ්ඣානං වා දුතියාදිජ්ඣානං වා අට්ඨ සමාපත්තියො වා උප්පාදෙස්සතී”ති ජානාති. පුබ්බභාගෙන ජානාති නාම පඨමවිපස්සනාය ආරද්ධාය එවං ජානාති, “යෙනාකාරෙනෙස විපස්සනං ආරද්ධො සොතාපත්තිමග්ගං වා උප්පාදෙස්සති…පෙ… අරහත්තමග්ගං වා උප්පාදෙස්සතී”ති ජානාති. අන්තොසමාපත්තියං චිත්තං ඔලොකෙත්වා ජානාති නාම “යෙනාකාරෙන ඉමස්ස මනොසඞ්ඛාරා ඨපිතා, ඉමස්ස නාම චිත්තස්ස අනන්තරා ඉමං නාම විතක්කං විතක්කෙස්සති, ඉතො වුට්ඨිතස්ස එතස්ස හානභාගියො වා සමාධි භවිස්සති, ඨිතිභාගියො වා විසෙසභාගියො වා නිබ්බෙධභාගියො වා, අභිඤ්ඤායො වා උප්පාදෙස්සතී”ති ජානාති. බහුං චෙපි ආදිසතීති චෙතොපරියඤාණස්ස චිත්තචෙතසිකානංයෙව ආරම්මණකරණතො සරාගාදිසොළසපභෙදවසෙනෙව බහුං චෙපි කථෙති, න අඤ්ඤවසෙනාති වෙදිතබ්බං. තථෙව තං හොතීති ඉදං එකංසෙන තථෙව හොති. චෙතොපරියඤාණවසෙන ඤාතඤ්හි අඤ්ඤථාභාවී නාම නත්ථි.
අවිතක්කං අවිචාරං සමාධිං යනු විතර්ක විචර කැළැඹීම් විරහිත ශාන්ත චිත්තයාගේද දැනීමෙහි සමර්ථතාව දක්වන්නහු විසින් යූසේයි. සෙසු සිත් දැනගැනීම්හි වනාහි කිවයුත්තක්ම නැත. චෙතසා චෙතො පරිච්ච පජානාති යනු චෙතොපරියඤාණලාභියා, භොතො යනු භවත්හුගේ, මනො සංඛාරා පණිහිතා යනු චිත්ත සංස්කාර තබන ලද්දාහු, අමුකං නාම විතක්කං විතක්කයිස්සති යනු කුශලාදී සිතිවිල්ලක් සිතන්නේය. පවත්වන්නේ යයි දනියි. දන්නේද පැමිණීමෙන් දනියි. පූර්වභාගයෙන් දනියි. සමවත තුළ සිත බලා දනියි. පැමිණීමෙන් දනියිනම්, කසිණ පරිකර්ම කාලයෙහිම යම් ආකාරයකින් කසිණ භාවනාව අරඹන ලදද? ප්‍රථමධ්‍යානය හෝ ද්විතීය ධ්‍යානය හෝ අට සමවත් හෝ උපදවන්නේ යයි දනියි. පූර්වභාගයෙන් දනියි නම්, ප්‍රථම විදර්ශනාවගේ ආරම්භයෙහිදීම දනියි. යම් ආකාරයකින් එම විදර්ශනාව අරඹන ලදුයේ, සෝවාන් මාර්ගය හෝ උපදවන්නේය. -පෙ- අර්හත් මාර්ගය හෝ උපදවන්නේ යයි දනියි. සමවත තුළ සිත බලා දනියි නම්, යම් ආකාරයකින් මොහුගේ මනෝ සංස්කාර තබන ලද්දාහුද, මෙනම් චිත්තයට අනතුරුව මෙනම් විතර්කය විතර්කනය කරන්නේය. මෙයින් නැගිටි ඔහුට පිරිහීමට නැඹුරු වූ හෝ සමාධිය වන්නේය. අඩුවැඩි නොවී පවත්නා ස්වභාවයට පත් සමාධිය වන්නේය. විශේෂාධිගමයන් ලබාදෙන සමාධිය හෝ වන්නේය. තියුණු අවබෝධයට අයත් හෝ සමාධිය වන්නේය. අභිඥාවන් හෝ උපදවන්නේ යයි දනියි. බහුඤ්චෙපි ආදිසති යනු චෙතොපරිය ඤාණයට චිත්ත චෛතසිකයන්ම අරමුණු කරන හෙයින්, සරාගාදි සොළොස් ප්රභේදයෙන්ම බොහෝකොටද කියයි. අනෙකක් වශයෙන් නොවේයයි දතයුතුය. තථෙවෙතං හොති යනු මෙය ඒකාන්තයෙන්ම එසේම වේ. චෙතොපරිය ඤාණ වශයෙන් දන්නා ලද්දේ වේ. අන්‍යාකාරයෙන් සිදුවීමක් නම් නැත.
එවං විතක්කෙථාති එවං නෙක්ඛම්මවිතක්කාදයො පවත්තෙන්තා විතක්කෙථ. මා එවං විතක්කයිත්ථාති එවං කාමවිතක්කාදයො පවත්තෙන්තා මා විතක්කයිත්ථ . එවං මනසි කරොථාති එවං අනිච්චසඤ්ඤමෙව, දුක්ඛසඤ්ඤාදීසු වා අඤ්ඤතරං මනසි කරොථ. මා එවං මනසාකත්ථාති එවං නිච්චන්තිආදිනා නයෙන මා මනසි අකත්ථ. ඉදං පජහථාති ඉදං පඤ්චකාමගුණරාගාදිං පජහථ. ඉදං උපසම්පජ්ජ විහරථාති ඉදං චතුමග්ගඵලප්පභෙදං ලොකුත්තරධම්මමෙව පාපුණිත්වා නිප්ඵාදෙත්වා විහරථ.
එවං විතක්කෙථ යනු මෙසේ නෛෂ්ක්‍රම්‍ය විතර්කාදීහු පවත්වමින් සිතාබලවු. මා එවං විතක්කයිත්ථ යනු මෙසේ කාම විතර්කාදීන් පවත්වමින් සිතාබැලීම් නොකරවු. එවං මනසිකරොථ යනු මෙසේ අනිත්‍ය සංඥාවන්ද, දුක්ඛ සංඥාදීන් අතරත වූ එක්තරා එකක් මෙනෙහි කරවු. මා එවං මනසිකරිත්ථ යනු මෙසේ නිත්‍යයයි ආදී ක්‍රමයෙන් මෙනෙහි නොකරවු. ඉදං පජහථ යනු පඤ්චකාම ගුණයන්හි ඇලීම් ආදිය දුරුකරවු. ඉදං උපසම්පජ්ජ විහරථ යනු මෙම සිව්මග ඵල ප්‍රභේද වූ ලෝකොත්තර ධර්මයටම පැමිණ එම ගුණ නිපදවා වාසය කරවු.
ඉදානි ඉද්ධිපාටිහාරියෙ අපරං පරියායං විසෙසෙන දස්සෙන්තො නෙක්ඛම්මං ඉජ්ඣතීති ඉද්ධීතිආදිමාහ. තත්ථ කාමච්ඡන්දං පටිහරතීති අත්තනො පටිපක්ඛභූතං කාමච්ඡන්දං පටිබලං හුත්වා හරති පජහතීති තදෙව නෙක්ඛම්මං පාටිහාරියං නාමාති අත්ථො. යෙ තෙන නෙක්ඛම්මෙන සමන්නාගතාති එවං කාමච්ඡන්දපටිහාරකෙන තෙන නෙක්ඛම්මෙන යෙ පුග්ගලා පටිලාභවසෙන සමන්නාගතා. විසුද්ධචිත්තාති කාමච්ඡන්දාභාවතො විසුද්ධචිත්තා. අනාවිලසඞ්කප්පාති කාමසඞ්කප්පෙන අනාලුලිතනෙක්ඛම්මසඞ්කප්පා. ඉති ආදෙසනාපාටිහාරියන්ති පරචිත්තකුසලෙන වා අඤ්ඤෙන වා සම්මාසම්බුද්ධෙන වා බුද්ධසාවකෙහි වා එවං ආදෙසනා පාටිහාරියන්ති අත්ථො. අථ වා ඉති එවං ආදිසනං ආදෙසනාපාටිහාරියන්ති ආදෙසනසද්දො පාඨසෙසං කත්වා පයුජ්ජිතබ්බො. එවං ආසෙවිතබ්බන්ති ඉමිනා ච පකාරෙන ඉමිනා ච පකාරෙන ආදිතො සෙවිතබ්බං. සෙසත්තයෙපි එසෙව නයො. තදනුධම්මතා සති උපට්ඨපෙතබ්බාති තස්ස නෙක්ඛම්මස්ස අනුකූලභූතා සති භුසං ඨපෙතබ්බා. ඉති අනුසාසනීපාටිහාරියන්ති එත්ථ ආදෙසනාපාටිහාරියයොජනාය විය යොජනා කාතබ්බා. අබ්යාපාදාදීසුපි එසෙව නයො. පාඨො පන ඣානාදීනි සඞ්ඛිපිත්වා අන්තෙ අරහත්තමග්ගමෙව දස්සෙත්වා ලිඛිතො. තත්ථ චතූසුපි මග්ගෙසු “එවං ආසෙවිතබ්බො”තිආදි එකචිත්තක්ඛණිකත්තා මග්ගස්ස පුබ්බභාගවසෙන වුත්තන්ති වෙදිතබ්බං. මග්ගස්ස හි පුබ්බභාගභූතාය ලොකියමග්ගසඞ්ඛාතාය වුට්ඨානගාමිනියා විපස්සනාය මග්ගුප්පාදනත්ථං ආසෙවනාදීසු කතෙසු තාය උප්පන්නො මග්ගොපි ආසෙවිතො භාවිතො බහුලීකතො නාම හොතීති වෙදිතබ්බං. සබ්බත්ථිකවාදාචරියා පන “එකෙකමග්ගො සොළසක්ඛණිකො”ති වදන්ති. තදනුධම්මතාසතිඋපට්ඨාපනං පන පුබ්බභාගෙ යුජ්ජතියෙවාති.
සෘද්ධි ප්‍රාතිහාර්යයෙහි වෙනත් ආකාරයක් විශේෂයෙන් දක්වනුයේ, නෙක්ඛම්මං ඉජ්ඣතීති ඉද්ධි යනාදිය වදාළහ. එහි කාමච්ඡන්දං පටිහරති යනු තමාට ප්රතිපක්ෂ වූ, කාමච්ඡන්දය ප්රතිබලව ඉවත්කරයි. දුරුකෙරේනුයි එයම නෛෂ්ක්‍රම්‍ය ප්රාතිහාර්ය නමැයි අර්ථයි. යෙ තෙ නෙක්ඛම්මෙන සමන්නාගතා යනු මෙසේ කාමච්ඡන්දය ප්රතිබලව දුරුකරන ඒ ඒ නෛෂ්ක්‍රම්‍යයෙන් යම් පුද්ගලයෝ ප්රතිලාභ වශයෙන් යුක්ත වූවාහු, විසුද්ධ චිත්තා යනු කාමච්ඡන්ද අභාවයෙන් පිරිසිදු සිතැති, අනාවිල සංකප්පා කාම සංකල්පයෙන් නොකළඹන ලද නෛෂ්ක්‍රම්‍ය සංකල්ප, ඉති ආදෙසනා පාටිහාරියං යනු පරසිත් දැනීමෙහි දක්ෂතායෙන් හෝ අන් අයුරෙකින් හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හෝ බුද්ධ ශ්රාවකයින් විසින් හෝ මෙසේ අනුන්ගේ සිත් දැන ප්‍රකාශ කිරීම ආදෙසන ප්රාතිහාර්ය යයි අර්ථයි. නොහොත් මෙසේ කීම ආදෙසන ප්රාතිහාර්ය යයි ආදෙසන ශබ්දය පාඨශේෂකොට යෙදිය යුතුය. එවං ආසෙවිතබ්බං යනු මේ මේ ආකාරයෙන් මුලසිට සේවනය කළයුතුය. සෙසු ත්රයයෙහිද එම ක්‍රමයමැයි. තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා යනු එම නෛෂ්ක්‍රම්‍යයට අනුකූල වූ සිහිය බොහෝ සේ තැබිය යුතුය. ඉති අනුසාසනී පාටිහාරියං යනු මෙහි ආදේසනා ප්රාතිහාර්ය යෝජනාවෙහි මෙන් යෙදීම කළයුතුය. අව්යාපාදාදීන්හිද එම ක්‍රමයමැයි. පාඨය වනාහි ධ්‍යානාදීන් හකුළුවා අර්හත් මාර්ගයම පෙන්වා ලියා ඇත. එහි සිව් මාර්ගයන්හිද මෙසේ සේවනය කළයුතුයැයි ආදිය එක් චිත්තක්ෂණික හෙයින් මාර්ගයෙහි පූර්වභාග වශයෙන් කියන ලදැයි දතයුතුය. සර්වාස්තිවාදී ආචාර්යවරු වනාහි, එක් එක් මාර්ගය සොළොස් ක්ෂණිකයැයි කියති. ඒ අනුව පවත්නා සිහියෙහි එළඹීම වනාහි පූර්ව භාගයෙහි යෙදේමය.
පුන නෙක්ඛම්මං ඉජ්ඣතීති ඉද්ධීතිආදීනි “ඉද්ධිපාටිහාරිය”න්තිපදස්ස කම්මධාරයසමාසත්තදීපනත්ථං වුත්තානි. සුත්තන්තෙ වුත්තෙසු තීසු ඉද්ධිපාටිහාරියස්සෙව සමාසත්තෙ වුත්තෙ සෙසානං ද්වින්නම්පි වුත්තොව හොතීති ඉමස්මිං පරියායෙ මූලභූතස්ස ඉද්ධිපාටිහාරියස්සෙව සමාසත්ථො වුත්තොති වෙදිතබ්බන්ති.
නැවත නෙක්ඛම්මං ඉජ්ඣතීති ඉද්ධි යනාදීන් ‘ඉද්ධිපාටිහාරියං’ යන පදයට කර්මාධාර සමාසභාවය දැක්වීම සදහා යූසේයි. සූත්‍රාන්තයෙහි කියන ලද, ත්‍රිවිධ සෘද්ධි ප්රාතිහාර්යයාගේම සමාසාර්ථය කී කල්හි, සෙසු ද්වයයටම කියන ලද්දේම වේයයි මෙම ක්රමයෙහි, මූලය වූ, සෘද්ධි ප්රාතිහාර්යයෙහිම සමාසාර්ථය කියන ලදැයි දතයුතුය.
පාටිහාරියකථාවණ්ණනා නිට්ඨිතා.
ප්රාතිහාර්ය කථා වර්ණනා නිමි.