යෙදුමෙන් කියවන්න

චරියා කථා

3. 5.

3. 5.

චරියා කථා

චරියා කථා

චරියාති අට‍්ඨ චරියායො, ඉරියාපථචරියා ආයතනචරියා සතිචරියා සමාධිචරියා ඤාණචරියා මග‍්ගචරියා පත‍්තිචරියා පත‍්තිචරියා ලොකත්‍ථචරියාති.

චරියා යනු: චර්‍ය්‍යා අටෙකි. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ ප්‍රාප්ති (ඵල) චර්‍ය්‍යා යැ ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා යැ යි

ඉරියාපථචරියාති චතුසු ඉරියාපථෙසු.

ඉරියාපථචරියා යනු: සතර ඉරියව්හි යැ.

ආයතනචරියාති ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු.

ආයතනචරියා යනු: ආධ්‍යාත්මිකබාහිර ෂඩායතනයෙහි යැ.

සතිචරියාති චතුසු සතිපට‍්ඨානෙසු.

සතිචරියා යනු: සතර සතිපට්ඨානයෙහි යැ.

සමාධිචරියාති චතුසු ඣානෙසු.

සමාධිචරියා යනු: සතර ධ්‍යානයෙහි යැ.

ඤාණචරියාති චතුසු අරියසච‍්චෙසු.

ඤාණචරියා යනු: සතර ආර්‍ය්‍යසත්‍යයෙහි යැ.

මග‍්ගචරියාති චතුසු අරියමග‍්ගෙසු.

මග්ගචරියා යනු: සතර ආර්‍ය්‍යමාර්‍ගයෙහි යැ.

පත‍්තිචරියාති චතුසු සමාඤ‍්ඤඵලෙසු.

පත්තිචරියා යනු: සතර ශ්‍රාමණ්‍යඵලයෙහි යැ.

ලොකත්‍ථචරියාති තථාගතෙසු අරහන‍්තෙසු සම‍්මාසම‍්බුද‍්ධෙසු, පදෙසෙ පච‍්චෙකබුද‍්ධෙසු, පදෙසෙ සාවකෙසු.

ලෝකත්‍ථචරියා යනු: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් කෙරෙහි යැ. එක්දෙසෙකැ ප්‍රත්‍යෙකබුද්ධයන් කෙරෙහි යැ, එක්දෙසෙකැ ශ්‍රාවකයන් කෙරෙහි යි.

ඉරියාපථචරියා ච පණිධිසම‍්පන‍්නානං, ආයතනචරියා ච ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං, සතිචරියා ච අප‍්පමාදවිහාරීනං, සමාධිචරියා ච අධිචිත‍්තමනුයුත‍්තානං, ඤාණචරියා ච බුද‍්ධිසම‍්පන‍්නානං, මග‍්ගචරියා ච සම‍්මාපටිපන‍්නානං, පත‍්තිචරියා ච අධිගතඵලානං, ලොකත්‍ථචරියා ච තථාගතානං අරහන‍්තානං සම‍්මාසම‍්බුද‍්ධානං, පදෙසෙ පච‍්චෙකබුද‍්ධානං, පදෙසෙ සාවකානං. ඉමා අට‍්ඨ චරියායො.

ප්‍රණිධිසම්පන්නයනට (සන්හුන් ඉරියව් ඇතියනට) ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා ද ඉඳුරන්හි වසනලද දොර ඇතියනට ආයතනචර්‍ය්‍යා ද අප්‍රමාදවිහාර ඇතියනට ස්මෘතිචර්‍ය්‍යා ද සමාධියෙහි යෙදුණවුන්ට සමාධිචර්‍ය්‍යා ද බුදධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යා ද සම්‍යක්ප්‍රතිපන්නයනට මාර්‍ගචර්‍ය්‍යා ද පැමිණි ඵල ඇතියනට ප්‍රාප්තිචර්‍ය්‍යා ද තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයනට, ප්‍රත්‍යෙකබුද්ධයනට එකදේශයෙක්හි ශ්‍රාවකයනට එකදේශයෙක්හි ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා ද වේ. මොහු අෂ්ඨචර්‍ය්‍යා යි.

අපරාපි අට‍්ඨ චරියායො: අධිමුච‍්චන‍්තො සද‍්ධාය චරති. පග‍්ගණ‍්හන‍්තො විරියෙන චරති. උපට‍්ඨාපෙන‍්තා සතියා චරති, අවික‍්ඛෙපං කරොන‍්තො සමාධිනා චරති, පජානන‍්තො පඤ‍්ඤාය චරති, විජානන‍්තො විඤ‍්ඤාණචරියාය චරති. එවං පටිපන‍්නස‍්ස කුසලා ධම‍්මා ආයාපෙන‍්තීති ආයතනචරියාය චරති, එවං පටිපන‍්නො විසෙසමධිගච‍්ඡතීති විසෙසචරියාය චරති. ඉමා අට‍්ඨ චරියායො.

අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: අධිමෝක්‍ෂ කරනුයේ ශ්‍රද්ධා වශයෙන් පවති, ප්‍රග්‍රහ කරනුයේ වීර්‍ය්‍ය වශයෙන් පවති, අරමුණෙහි සිහි එළවා තබනුයේ ස්මෘති වශයෙන් පවති, අවික්‍ෂේප කරනුයේ සමාධි වශයෙන් පවති, ප්‍රකාරයෙන් දන්නේ, ප්‍රඥා වශයෙන් පවති, විජානනය කරනුයේ විඥානචර්‍ය්‍යා වශයෙන් පවති, මෙසෙයින් (ඉන්‍ද්‍රීයචර්‍ය්‍යායෙහි) පිළිපන්නහුට (ශමථවිදර්‍ශනා විසින් පැවැති) කුශලධර්‍මයෝ අත්‍යර්‍ත්‍ථයෙන් පවතිත් නු’යි ආයතනචර්‍ය්‍යා වශයෙන් පවති. මෙසෙයින් පිළිපන්නේ (විෂ්කමහණාදී) විශේෂයට පැමිණේ නු’යි විශේෂචර්‍ය්‍යා වශයෙන් පවති. මොහු අෂ්ටචර්‍ය්‍යාවෝයි.

අපරාපි අට‍්ඨ චරියායො: දසස‍්නචරියා ච සම‍්මාදිට‍්ඨියා අභිනිරොපනචරියා ච සම‍්මාසඞ‍්කප‍්පස‍්ස, පරිග‍්ගහචරියා ච සම‍්මාවාචාය, සමුට‍්ඨානචරියා ච සම‍්මාකම‍්මන‍්තස‍්ස, වොදානචරියා ච සම‍්මාආජීවස‍්ස, පග‍්ගහචරියා ච සම‍්මාවායාමස‍්ස, උපට‍්ඨානචරියා ච සම‍්මාසතියා, අවික‍්ඛෙපචරියා ච සම‍්මාසමාධිස‍්ස. ඉමා අට‍්ඨචරියායොති.

අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: සම්‍යග්දෘෂ්ටියට දර්‍ශණචර්‍ය්‍යා ද සම්‍යක්සංකල්පයට අභිනිරෝපණචර්‍ය්‍යාද සම්‍යග්වචනයට පරිග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්කර්‍මාන්තයට සමුත්‍ථානචර්‍ය්‍යා ද සම්‍යගාජීවයට ව්‍යවදානචර්‍ය්‍යා ද සම්‍යග්ව්‍යායාමයට ප්‍රග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්ස්මෘතියට උපස්ථානචර්‍ය්‍යා ද සම්‍යක්සමාධියට අවික්‍ෂේපචර්‍ය්‍යා ද වෙයි. මොහු අෂ්ටචර්‍ය්‍යා වෙත් යයි.

චරියාකථා සමත‍්තා

චර්‍ය්‍යා කථා නිමි.