යෙදුමෙන් කියවන්න

20. තමාලපුප‍්ඵියවග‍්ගො අට‍්ඨකථා

20. තමාලපුප‍්ඵියවග‍්ගො

20. තමාලපුප්ඵිය වර්‍ගය

තමාලපුප‍්ඵියත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

වීසතිමෙ වග‍්ගෙ පඨමත්‍ථෙරාපදානං උත‍්තානමෙව.

විසිවැනි වර්ගයෙහි පළමුවැනි තෙරුන් වහන්සේගේ අපදානය නොගැඹුරු ම ය.

දුතියත්‍ථෙරාපදානෙ යං දායවාසිකො ඉසීති ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා වනෙ වසනභාවෙන දායවාසිකො ඉසීති සඞ‍්ඛං ගතො, අත‍්තනො අනුකම‍්පාය තං වනං උපගතස‍්ස සිද‍්ධත්‍ථස‍්ස සත්‍ථුනො වසනමණ‍්ඩපච‍්ඡාදනත්‍ථාය යං තිණං, තං ලායති ඡින්‍දතීති අත්‍ථො. දබ‍්බඡදනං කත්‍වා අනෙකෙහි ඛුද‍්දකදණ‍්ඩකෙහි මණ‍්ඩපං කත්‍වා තං තිණෙන ඡාදෙත්‍වා සිද‍්ධත්‍ථස‍්ස භගවතො අහං අදාසිං පූජෙසින‍්ති අත්‍ථො.

දෙවැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි යං දායවාසිකො ඉසී යනු සෘෂි පැවිද්දෙන් පැවිදි ව වනයෙහි වසන බැවින් දායවාසික සෘෂි යයි ප්‍රසිද්ධියට ගියේ තමාගේම අනුකම්පාව පිණිස ඒ වනයට වැඩමකළ සිද්ධත්‍ථ ශාස්තෲන් වහන්සේ වසන තැන මඩුවෙහි වහලය සඳහා යම් තණක් වේද එය ලායති කපානුයි අර්ථයි. කුසතණ වහලයක් තනා නොයෙක් කුඩා දඬුවලින් මඩුවක් තනා එය තණපතින් වසා සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට අදාසිං පිදුවෙමි යන අර්ථයි.

සත‍්තාහං ධාරයුං තත්‍ථාති තං මණ‍්ඩපං තත්‍ථ ඨිතා දෙවමනුස‍්සා සත‍්තාහං නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නස‍්ස සත්‍ථුනො ධාරයුං ධාරෙසුන‍්ති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

සත්තාහං ධාරයුංතස්ස යනු ඒ මඩුව එහි සිටි දෙවිමිනිස්සු සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී වැඩහුන් ශාස්තෲන් වහන්සේට හා දෙවි මිනිසුන්ට උපකාරී වූහ. ධාරයිංසු යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේම ය.

තිණසන්‍ථර දායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

තතියත්‍ථෙරස‍්ස අපදානෙ ඛණ‍්ඩඵුල‍්ලියත්‍ථෙරොති එත්‍ථ ඛණ‍්ඩන‍්ති කට‍්ඨානං ජිණ‍්ණත‍්තා ඡින‍්නභින‍්නට‍්ඨානං, ඵුල‍්ලන‍්ති කට‍්ඨානං ජිණ‍්ණට‍්ඨානෙ කණ‍්ණකිතමහිච‍්ඡත‍්තකාදිපුප‍්ඵනං, ඛණ‍්ඩඤ‍්ච ඵුල‍්ලඤ‍්ච ඛණ‍්ඩඵුල‍්ලානි, ඛණ‍්ඩඵුල‍්ලානං පටිසඞ‍්ඛරණං පුනප‍්පුනං ථිරකරණන‍්ති ඛණ‍්ඩඵුල‍්ලපටිසඞ‍්ඛරණං. ඉමස‍්ස පන ථෙරස‍්ස සම‍්භාරපූරණකාලෙ ඵුස‍්සස‍්ස භගවතො චෙතියෙ ඡින‍්නභින‍්නට‍්ඨානෙ සුධාපිණ‍්ඩං මක‍්ඛෙත්‍වා ථිරකරණං ඛණ‍්ඩඵුල‍්ලපටිසඞ‍්ඛරණං නාම. තස‍්මා සො ඛණ‍්ඩඵුල‍්ලියො ථෙරොති පාකටො අහොසි. තතියං.

තුන්වැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේ යනු මෙහි ඛණ්ඩං යනු බදාම කඩන ලද බැවින් සුන්බුන් වූ ස්ථානය ඵුල්ල යනු බදාම? කැඩුණු තැන කණ්ණාකිත හතුවැනි මල් පිපීම. ඛණ්ඩ ද ඵුල්ල ද ඛණ්ඩඵුල්ල වේ. කටුකොහොල් ප්‍රතිසංස්කරණය යනු නැවත නැවත තහවුරු කිරීම යනු ඛණ්ඩඵුල්ල පටිසංඛරණ නමි. මේ තෙරුන් වහන්සේ පුණ්‍ය සම්භාර පුරන කල්හි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යයෙහි සුන්බුන් තන්හි හුණුපිඬක් ආලේපකොට තහවුරු කිරීම ඛණ්ඩඵුල්ල පටිසංඛරණ නමි. ඒ නිසා උන්වහන්සේ ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේයයි ප්‍රකට වූහ. තුන්වැනියි.

ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

චතුත්‍ථත්‍ථෙරස‍්සාපදානෙ රඤ‍්ඤො බද‍්ධචරො අහන‍්ති රඤ‍්ඤො පරිචාරකො කම‍්මකාරකො අහොසින‍්ති අත්‍ථො.

සතරවැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි රඤ්ඤො බද්ධචරො ආසිං යනු රජුගේ පරිවාරකයෙක් ද වැඩකරුවෙක් ද වීමි යන අර්ථයි.

ජලජුත‍්තමනාමිනොති ජලෙ උදකෙ ජාතං ජලජං, කිං තං පදුමං, පදුමෙන සමානනාමත‍්තා පදුමුත‍්තරස‍්ස භගවතොති අත්‍ථො. උත‍්තමපදුමනාමස‍්ස භගවතොති වා අත්‍ථො. චතුත්‍ථං.

ජලජුත්තම නාමිනො යනු ජලෙ ජලයෙහි උපන් ජලජ. ඒ කුමක්ද පද්මයයි. පද්මයට සමාන නමක් ඇති බැවින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ යන අර්ථයි. උත්තම වූ පදුම නම් භාග්‍යවතුන් වහන්සේගේ හෝ අර්ථයි. සිව්වැන්න.

පඤ‍්චමං උත‍්තානත්‍ථමෙව.

පස්වැන්න නො ගැඹුරු ය.

ඡට‍්ඨෙ නගරෙ ද‍්වාරවතියාති මහාද‍්වාරවාතපානකවාටඵලකාහි වතිපාකාරට‍්ටාලගොපුරකද‍්දමොදකපරිඛාහි ච සම‍්පන‍්නං නගරන‍්ති ද‍්වාරවතීනගරං, ද‍්වාරං වතිඤ‍්ච පධානං කත්‍වා නගරස‍්ස උපලක‍්ඛිතත‍්තා “ද‍්වාරවතී නගර”න‍්ති වොහරන‍්තීති නගරෙ ද‍්වාරවතියාති වුත‍්තං. මාලාවච‍්ඡො පුප‍්ඵාරාමො මම අහොසීති අත්‍ථො.

සයවැන්නෙහි නගරෙ ද්වාරවතියා යනු මහදොරින් ද ජනෙල් කවුළුවලින් ද වැටපවුරු අගුල් ගෝපුර මඩදිය අගලින් ද යුතු නගර යනුයි ද්වාරවතී නගරය නමි. දොර ද වැට ද ප්‍රධානකොට නගරය උපලක්‍ෂිත වූ බැවින් ද්වාරවතී නගරයයි ව්‍යවහාර කරති. ද්වාරවතී නගරයෙහි යනු නගරයයි කියන ලදි. මාලාවච්ඡො මට මල් උයනක් අහූ විය යන අර්ථයි.

තෙ කිසලයාති තෙ අසොකපල‍්ලවා. ඡට‍්ඨං.

තෙ කිසලයා යන ඒ අසෝක දලු. සයවැනියි.

සත‍්තමට‍්ඨමනවමානි උත‍්තානත්‍ථානෙව. දසමෙපි අපුබ‍්බං නත්‍ථීති.

සවැනි, සත්වැනි, අටවැනි, නවවැනි අපදාන නොගැඹුරු අරුත් ඇත්තේමය. දසවැන්නෙහිද අපූර්වයක් නැත.

වීසතිමවණ‍්ණනා සමත‍්තා.

විසිවැනි වර්ග වර්ණනාවයි.