26. ථොමකවග්ගො අට්ඨකථා
26. ථොමකවග්ගො
26. ථොමක වර්ගය
ථොමකත්ථෙරඅපදානාදිවණ්ණනා
ඡබ්බීසතිමෙ වග්ගෙ පඨමාපදානං උත්තානමෙව.
විසිහයවැනි වර්ගයෙහි පළමුවැනි අපදානය නොගැඹුරුමය.
දුතියාපදානෙ විජහිත්වා දෙවවණ්ණන්ති දෙවතා සරීරං විජහිත්වා ඡඩ්ඩෙත්වා, මනුස්සසරීරං නිම්මිනිත්වාති අත්ථො. අධිකාරං කත්තුකාමොති අධිකකිරියං පුඤ්ඤසම්භාරං කත්තුකාමො දෙවරො නාම අහං දෙවරාජා භරියාය සහ බුද්ධසෙට්ඨස්ස සාසනෙ සාදරතාය ඉධ ඉමස්මිං මනුස්සලොකෙ ආගමිං ආගතොති අත්ථො. තස්ස භික්ඛා මයා දින්නාති පදුමුත්තරස්ස භගවතො යො නාමෙන දෙවලො නාම සාවකො අහොසි, තස්ස සාවකස්ස මයා විප්පසන්නෙන චෙතසා භික්ඛා දින්නා පිණ්ඩපාතො දින්නොති අත්ථො.
දෙවැනි අපදානයෙහි විජහිත්වා දෙවවණ්ණං යනු දේවතා ශරීරය විජහිත්වා හැරදමා මනුෂ්‍ය ශරීරයක් මවාගෙන යන අර්ථයි. අධිකාරං කත්තුකාමො යනු අධිකකිරියං පින් රැස් කිරීමක් කරනු කැමැත්තේ දේවර නම් වූ මම දේවර භාර්යාව සමග බුද්ධ ශ්‍රේෂ්ඨයින් වහන්සේගේ සසුනෙහි ආදර ඇති බැවින් ඉධ මේ මිනිස්ලොව. ආගමිං පැමිණියේ වෙමි යන අර්ථයි. තස්ස භික්ඛා මයා දින්නා යනු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ යම් දෙවරනම් ශ්‍රාවකයෙක් වීද, ඒ ශ්රාවකයාට මා විසින් අතිශයින් ප්‍රසන්න වූ සිතින් භික්ඛාදින්නා පිණ්ඩපාතය දෙන ලදී යන අර්ථයි.
තතියාපදානෙ ආනන්දො නාම සම්බුද්ධොති ආනන්දං තුට්ඨිං ජනනතො ආනන්දො නාම පච්චෙකබුද්ධොති අත්ථො. අමනුස්සම්හි කානනෙති අමනුස්සපරිග්ගහෙ කානනෙ මහාඅරඤ්ඤෙ පරිනිබ්බායි අනුපාදිසෙසනිබ්බානධාතුයා අන්තරධායි, අදස්සනං අගමාසීති අත්ථො. සරීරං තත්ථ ඣාපෙසින්ති අහං දෙවලොකා ඉධාගන්ත්වා තස්ස භගවතො සරීරං තත්ථ අරඤ්ඤෙ ඣාපෙසිං දහනං අකාසින්ති අත්ථො.
තෙවැනි අපදානයෙහි ආනන්දො නාම සම්බුද්ධො යනු ආනන්දං සන්තෝෂය ජනනය කරන බැවින් ආනන්ද නම් පසේ බුදුරජාණන් වහන්සේ යන අර්ථයි. අමනුස්සම්හි කානනෙ යනු අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද කානනෙ මහා වනයෙහි පරිනිබ්බායි අනුපාධිසේස නිර්වාණ ධාතුවෙන් අන්තරධායි නොදැක්මට වැඩි සේක යන අර්ථයි. සරීරං තස්ස ඣාපෙසිං යනු මම දෙව්ලොවින් මේ මිනිස්ලොවට පැමිණ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරුර මේ මහවනයෙහි ඣාපෙසිං ආදාහනය කෙළෙමි යන අර්ථයි.
චතුත්ථපඤ්චමාපදානානි උත්තානානෙව.
සතරවැනි පස්වැනි අපදාන නොගැඹුරුමය.
ඡට්ඨාපදානෙ අහොසිං චන්දනො නාමාති නාමෙන පණ්ණත්තිවසෙන චන්දනො නාම. සම්බුද්ධස්සත්රජොති පච්චෙකසම්බුද්ධභූතතො පුබ්බෙ තස්ස අත්රජො පුත්තො අහං. එකොපාහනො මයා දින්නොති එකං උපාහනයුගං මයා දින්නං. බොධිං සම්පජ්ජ මෙ තුවන්ති තෙන උපාහනයුගෙන මෙ මය්හං සාවකබොධිං තුවං සම්පජ්ජ නිප්ඵාදෙහීති අත්ථො.
සවැනි අපදානයෙහි අහොසිං චන්දනොනාම යනු නාමෙන ප්රඥප්ති වශයෙන් චන්දන නමි. සම්බුද්ධස්සත්රජො යනු පසේ බුදුවන්නට පළමුව උන්වහන්සේගේ අත්රජො පුත්‍ර බවට මම පත්වීමි. එකොපාහනො මයා දින්නො යනු පාවහන් යුගලයක් මා විසින් දෙන ලදී. බොධිං සම්මජ්ජ මෙ තුවං යනු පින්වත් පාවහන් යුගලය, මෙ මාගේ ශ්‍රාවක බෝධිය ඔබ හැමද උපදවන්න යන අර්ථයි.
සත්තමාපදානෙ මඤ්ජරිකං කරිත්වානාති මඤ්ජෙට්ඨිපුප්ඵං හරිතචඞ්කොටකං ගහෙත්වා රථියං වීථියා පටිපජ්ජිං අහං තථා පටිපන්නොව භික්ඛුසඞ්ඝපුරක්ඛතං භික්ඛුසඞ්ඝෙන පරිවුතං සමණානග්ගං සමණානං භික්ඛූනං අග්ගං සෙට්ඨං සම්මාසම්බුද්ධං අද්දසන්ති සම්බන්ධො. බුද්ධස්ස අභිරොපයින්ති දිස්වා ච පන තං පුප්ඵං උභොහි හත්ථෙහි පග්ගය්හ උක්ඛිපිත්වා බුද්ධස්ස ඵුස්සස්ස භගවතො අභිරොපයිං පූජෙසින්ති අත්ථො.
සත්වැනි අපදානයෙහි මඤ්ජරිකං කරිත්වාන යනු මදටියමලින් පිරුණු ගොටුවක් ගෙන රථියා වීදියෙහි පිළිපන්නෙමි. මම එසේ පිළිපන්නේ ව භික්ෂු සංඝයා පුරක්ඛතං පිරිවරන ලදුව. සමණානග්ගං භික්ෂූන්ට අග්‍රවූ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුටුවෙමි යන සම්බන්ධයි. බුද්ධස්ස අභිරොපයිං යනු ඒ මල දැක දෝතින් ගෙන ඔසවා බුද්ධස්ස ඵුස්ස භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
අට්ඨමාපදානෙ අලොණපණ්ණභක්ඛොම්හීති ඛීරපණ්ණාදීනි උඤ්ඡාචරියාය ආහරිත්වා ලොණවිරහිතානි පණ්ණානි පචිත්වා භක්ඛාමි, අලොණපණ්ණභක්ඛො අම්හි භවාමීති අත්ථො. නියමෙසු ච සංවුතොති නියමසඤ්ඤිතෙසු පාණාතිපාතාවෙරමණිආදීසු නිච්චපඤ්චසීලෙසු සංවුතො පිහිතොති අත්ථො. පාතරාසෙ අනුප්පත්තෙති පුරෙභත්තකාලෙ අනුප්පත්තෙ. සිද්ධත්ථො උපගච්ඡි මන්ති මම සමීපං සිද්ධත්ථො භගවා උපගඤ්ඡි සම්පාපුණි. තාහං බුද්ධස්ස පාදාසින්ති අහං තං අලොණපණ්ණං තස්ස බුද්ධස්ස අදාසින්ති අත්ථො.
අටවැනි අපදානයෙහි අලොණ පණ්ණ භක්ඛොම්හි යනු කිරි සහිත කොළ ආදිය ඇවිද අහුලා ගෙනවුත් ලුණු නැති කොළ පිස කමි, අලොණ පණ්ණ භක්ඛො අම්හි වෙමි යන අර්ථයි. නියමෙසුව සංයමො යනු පෙරබත් කල් නොපැමිණි කල්හි. සිද්ධත්ථො උපගඤ්ජිං මං යනු මාගේ සමීපයට සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ උපගඤ්ජි සපැමිණි සේක. තාහං බුද්ධස්ස පාදාසිං යනු මම ඒ ලුණු නැති කොළ ඒ බුදුරජාණන් වහන්සේට දුනිමි යන අර්ථයි.
නවමාපදානං උත්තානමෙව.
නවවැනි අපදානය නොගැඹුරුමයි.
දසමාපදානෙ සිඛිනං සිඛිනං යථාති සරීරතො නික්ඛන්තඡබ්බණ්ණරංසීහි ඔභාසයන්තං ජලන්තං සිඛීනං සිඛීභගවන්තං සිඛීනං යථා ජලමානඅග්ගික්ඛන්ධං විය. අග්ගජං පුප්ඵමාදායාති අග්ගජනාමකං පුප්ඵං ගහෙත්වා බුද්ධස්ස සිඛිස්ස භගවතො අභිරොපයිං පූජෙසින්ති අත්ථො.
දසවැනි අපදානයෙහි සිඛීනං සිඛිනං යථා යනු ශරීරයෙන් නික්මුණු සවණක් රැසින් ඔභාසයන්තං දිලිසෙන සිඛීනං සිඛී භාග්‍යවතුන් වහන්සේ දිලෙන ගිනිකඳක් මෙන්. අග්ගජං පුප්ඵමාදාය යනු අග්රජ නම් මල් ගෙන බුද්ධස්ස සිඛී භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
ඡබ්බීසතිමවග්ගවණ්ණනා සමත්තා.
විසිහයවැනි වර්ග වර්ණනාව සමාප්තයි.