යෙදුමෙන් කියවන්න

25. තුවරදායකවග‍්ගො අට‍්ඨකථා

25. තුවරදායකවග‍්ගො

25. තුවරදායක වර්‍ගය

තුවරදායකත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

පඤ‍්චවීසතිමෙ වග‍්ගෙ පඨමාපදානෙ භරිත්‍වා තුවරමාදායාති තුවරඅට‍්ඨිං මුග‍්ගකලයසදිසං තුවරට‍්ඨිං භජ‍්ජිත්‍වා පුප‍්ඵෙත්‍වා භාජනෙන ආදාය සඞ‍්ඝස‍්ස වනමජ‍්ඣොගාහකස‍්ස අදදිං අදාසින‍්ති අත්‍ථො.

විසිපස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි භරිත්‍වාතුවරමාදාය යනු තුවරට්ඨි මෑ ඇට වැනි තුවර ඇට තලා පුපුරවා භාජනයකින් ගෙන සංසස්ස වනමැද වෙසෙන සංඝයාට අද්දිං දුනිමි යන අර්ථයි.

දුතියාපදානෙ ධනුං අද‍්වෙජ‍්ඣං කත්‍වානාති මිගාදීනං මාරණත්‍ථාය ධනුං සන‍්නය‍්හිත්‍වා චරමානො කෙසරං ඔගතං දිස‍්වාති සුපුප‍්ඵිතං ඛුද‍්දකසරං දිස‍්වා බුද‍්ධස‍්ස අභිරොපෙසින‍්ති අහං චිත‍්තං පසාදෙත්‍වා වනං සම‍්පත‍්තස‍්ස තිස‍්සස‍්ස භගවතො අභිරොපයිං පූජෙසින‍්ති අත්‍ථො.

දෙවැනි අපදානයෙහි ධනුං ද්වෙජ්ඣං කත්‍වාන යනු මුව ආදීන් මරනු පිණිස දුන්න සාදාගෙන හැසිරෙමින්. තෙසරං ඔසවං දිස්වා යනු මැනවින් මල් පිපුණු කුඩා විලක් දැක. බුද්ධස්ස අභිරොපෙසිං යනු මම සිත පහදවාගෙන වනයට සපැමිණි තිස්ස භාග්‍යවතුන් වහන්සේට අභිරොපෙසිං පූජා කෙළෙමි යන අර්ථයි.

තතියාපදානෙ ජලකුක‍්කුටොති ජාතස‍්සරෙ චරමානකුක‍්කුටො. තුණ‍්ඩෙන කෙසරිං ගය‍්හාති පදුමපුප‍්ඵං මුඛතුණ‍්ඩෙන ඩංසිත්‍වා ආකාසෙන ගච‍්ඡන‍්තස‍්ස තිස‍්සස‍්ස භගවතො අභිරොපෙසිං පූජෙසින‍්ති අත්‍ථො.

තෙවැනි අපදානයෙහි ජලකුක්කුටො යනු ජාතස්සරයෙහි හැසිරෙන දියසැවුළා. තුණ්ඩෙන කෙසරිං ගය්හ යනු නෙළුම්විලක් මුවතුඩින් ඩැහැගෙන, අහසින් වඩින්නා වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පිදුවෙමි යන අර්ථයි.

චතුත්‍ථාපදානෙ විරවපුප‍්ඵමාදායාති විවිධං රවති සද‍්දං කරොතීති විරවං, සද‍්දකරණවෙලායං විකසනතො “විරව”න‍්ති ලද‍්ධනාමං පුප‍්ඵසමූහං ආදාය ගහෙත්‍වා සිද‍්ධත්‍ථස‍්ස බුද‍්ධස‍්ස අභිරොපයිං පූජෙසින‍්ති අත්‍ථො.

සිව්වැනි අපදානයෙහි විරවපුප්ඵං පග්ගය්හ යනු විවිධ ලෙස නද කරානුයි ශබ්ද නගානුයි විරවං, හඬ නගන වේලාවෙහි පිපෙන විරවයයි නම් ලද මල් සමූහයක් ආදාය ගෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.

පඤ‍්චමාපදානෙ කුටිගොපකොති සෙනාසනපාලකො. කාලෙන කාලං ධූපෙසින‍්ති සම‍්පත‍්තසම‍්පත‍්තකාලානුකාලෙ ධූපෙසිං, ධූපෙන සුගන්‍ධං අකාසින‍්ති අත්‍ථො. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ගන්‍ධකුටිකාලානුසාරිධූපෙන ධූපෙසිං වාසෙසින‍්ති අත්‍ථො.

පස්වැනි අපදානයෙහි කුටිගොපකො යනු සෙනසුන් පාලකයා. කාලෙන කාලං ධූපෙසිං යනු පැමිණි පැමිණි කාලානුකාලයෙන් ධූපෙසිං දුමින් සුවඳ කෙළෙමි යන අර්ථයි. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය කාලානුරූප සුවඳ දුමින් සුවඳවත් කළෙමියි කියන ලද්දේ වෙයි.

ඡට‍්ඨසත‍්තමාපදානානි උත‍්තානත්‍ථානෙව.

සවැනි සත්වැනි අපදාන නොගැඹුරුමය.

අට‍්ඨමාපදානෙ සත‍්ත සත‍්තලිපුප‍්ඵානීති සත‍්තලිසඞ‍්ඛාතානි, සත‍්ත පුප‍්ඵානි සීසෙනාදාය වෙස‍්සභුස‍්ස භගවතො අභිරොපෙසිං පූජෙසින‍්ති අත්‍ථො.

අටවැනි අපදානයෙහි සත්තසත්තලි පුප්ඵානි යනු සත්තලි සංඛ්‍යාත වූ සත්පෙති දෑසමන් මල් සතක් හිසින්ගෙන වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.

නවමාපදානෙ බිම‍්බිජාලකපුප‍්ඵානීති රත‍්තඞ‍්කුරවකපුප‍්ඵානි සිද‍්ධත්‍ථස‍්ස භගවතො පූජෙසින‍්ති අත්‍ථො.

නවවැනි අපදානයෙහි බිම්බිජාලික පුප්ඵානි යනු රත්කරව් මල්. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට පිදුවෙමි යන අර්ථයි.

දසමාපදානෙ උද‍්දාලකං ගහෙත්‍වානාති ජාතස‍්සරෙ විහඞ‍්ගසොබ‍්භෙ ජාතං උද‍්දාලකපුප‍්ඵං ඔචිනිත්‍වා කකුසන්‍ධස‍්ස භගවතො පූජෙසින‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

දසවැනි අපදානයෙහි උද්දාලකං ගහෙත්‍වා යනු ස්වාභාවික විලෙහි කුරුලු කෙමෙහි හටගත් ඇසල මලක් නෙළා කකුසඳ භාග්‍යවතුන් වහන්සේට පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.

පඤ‍්චවීසතිමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

විසිපස්වැනි වර්ග වර්ණනාව නිමියේය.