25. තුවරදායකවග‍්ගො
25. තුවරදායක වර්‍ගය
241. තුවරදායකත්‍ථෙරාපදානං
241. තුවරදායක ස්ථවිරාවදානය
2462. මිගලුද‍්දො පුරෙ ආසිං අරඤ‍්ඤෙ කානනෙ අහං, භරිත්‍වා තුවරමාදාය සඞ‍්ඝස‍්ස අදදිං අහං.
2462. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. මම තුවරඇට (බඳුනකින්) ගෙණවුත් සඞ්ඝයාට දුනිමි.
2463. එකනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි තුවරස‍්ස ඉදං ඵලං.
2463. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තුවර දනෙහි මේ විපාකය යි.
2464. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2464. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා තුවරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තුවරදායකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.
තුවරදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
242. නාගකෙසරියත්‍ථෙරාපදානං.
242. නාගකේසරිය ස්ථවිරාවදානය
2465. ධනුං අද‍්වෙජ‍්ඣං කත්‍වාන වනමජ‍්ඣොගහිං අහං, කෙසරං ඔසටං දිස‍්වා සතපත‍්තං සමුට‍්ඨිතං.
2465. මම (මුවන් මැරීම සඳහා) දුන්න නිසැක කොට සරසාගෙණ වනයට ඇතුළු වීමි. මනාව පිපුණු කුඩා විලක් දැක උඩට නැගුණු පියුමක්
2466. උභො හත්‍ථෙහි පග‍්ගය‍්හ සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, බුද‍්ධස‍්ස අභිරොපෙසිං තිස‍්සස‍්ස ලොකබන්‍ධුනො.
2466. දෝතින් ගෙණ හිසෙහි ඇඳිලි බැඳගෙණ ලෝකබන්‍ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
2467. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
2467. මෙයින් දෙඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2468. තෙසත‍්තතිම‍්හි කප‍්පම‍්හි සත‍්ත කෙසරනාමකා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.
2468. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කේසර නම් සක්විති රජෙක් වීමි.
2469. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2469. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා නාගකෙසරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාගකෙසරියත්‍ථෙරස‍්ස අපදානං දුතියං.
නාගකේසරිය ස්ථවිරාවදානය දෙවැනි යි.
243. නළිනකෙසරියත්‍ථෙරාපදානං
243. නළිනකෙසරිය ස්ථවිරාවදානය
2470. ජාතස‍්සරස‍්ස වෙමජ‍්ඣෙ වසාමි ජලකුක‍්කුටො, අථද‍්දසං දෙවදෙවං ගච‍්ඡන‍්තමනිලඤ‍්ජසෙ.
2470. (මම) ස්වයංජාත විලක් මැද දියකුකුළෙක්ව වසමි. ඉක්බිති (එහිදී) අහසෙහි වඩින්නා වූ බුදුරජුන් දුටුවෙමි.
2471. තුණ‍්ඩෙන කෙසරිං ගය‍්හ විප‍්පසන‍්නෙන චෙතසා, බුද‍්ධස‍්ස අභිරොපෙසිං තිස‍්සස‍්ස ලොකබන්‍ධුනො.
2471. තුඩින් නෙළුම් මල් ගෙණ පැහැදි සිතින් ලෝකබන්‍ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
2472. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිදං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
2472. මෙයින් දෙයානූවන කපෙහි යම් නෙළුඹුමල් පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2473. තෙසත‍්තතිම‍්භි කප‍්පම‍්හි සතපත‍්තසනාමකො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.
2473. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සතපත්ත නම් සක්විති රජෙක් වීමි.
2474. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2474. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා නළිනකෙසරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළිනකෙසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළිනකෙසරියත්‍ථෙරස‍්ස අපදානං තතියං.
නළිනකෙසරිය ස්ථවිරාවදානය තෙවැනි යි.
244. විරවිපුප‍්ඵියත්‍ථෙරාපදානං
244. විරවිපුප්ඵිය ස්ථවිරාවදානය
2475. ඛීණාසවසහස‍්සෙහි නිය්‍යාති ලොකනායකො, විරවිපුප‍්ඵං පග‍්ගය‍්හ බුද‍්ධස‍්ස අභිරොපයිං.
2475. ලෝකනායක වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරජානන් වහන්සේ මාර්‍ගයෙහි වඩින සේක. එකල්හි (මම) විරවිපුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
2476. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
2476. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2477. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2477. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා විරවිපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරවිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
විරවිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.
විරවිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
245. කුටිධූපකත්‍ථෙරාපදානං.
245. කුටිධූපක ස්ථවිරාවදානය
2478. සිද‍්ධත්‍ථස‍්ස භගවතො අහොසිං කුටිගොපකො, කාලෙන කාලං ධූපෙසිං පසන‍්නො සෙහි පාණිහි.
2478. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ ගඳකිළියෙහි වතාවත් කරන්නෙක් වීමි. කලින් කල පහන් සිතැත්තෙම් සියතින් දුම් ගැස්වීමි.
2479. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
2479. මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2480. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2480. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා කුටිධූපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිධූපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුටිධූපකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.
කුටිධූපක ස්ථවිරාවදානය පස්වැනි යි.
246. පත‍්තදායකත්‍ථෙරාපදානං
246. පත්තදායක ස්ථවිරාවදානය
2481. පරමෙන දමථෙන සිද‍්ධත්‍ථස‍්ස මහෙසිනො, පත‍්තදානං මයා දින‍්නං උජුභූතස‍්ස තාදිනො.
2481. (කාය-වචී-මනෝ වඞ්කතාවන්ගෙන් තොර බැවින්) ඍජු ගුණ ඇති (අටලෝ දහම්හි නො සැලෙන බැවින්) තාදී ගුණ යුත් උතුම් වූ දමථයෙන් යුත් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් පාත්‍රදානයක් (=පාත්‍රයක්) දෙන ලදි.
2482. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පත‍්තදානස‍්සිදං ඵලං.
2482. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (පාත්‍ර) දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාකය යි.
2483. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2483. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා පත‍්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පත‍්තදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.
පත්තදායක ස්ථවිරාවදානය සවැනි යි.
247. ධාතුපූජකත්‍ථෙරාපදානං.
247. ධාතුපූජක ස්ථවිරාවදානය
2484. නිබ‍්බුතෙ ලොකනාථම‍්හි සිද‍්ධත්‍ථම‍්හි නරුත‍්තමෙ, එකා ධාතු මයා ලද‍්ධා දිපදින්‍දස‍්ස තාදිනො.
2484. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
2485. තාහං ධාතුං ගහෙත්‍වාන බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො, පඤ‍්චවස‍්සෙ පරිචරිං තිට‍්ඨන‍්තං ච නරුත‍්තමං.
2485. මම ආදිච්චබන්‍ධු වූ ඒ බුදුරජුන්ගේ ධාතුව රැගෙණ ජීවමාන බුදුරදුන්හට මෙන් අවුරුදු පසක් සේවය කෙළෙමි.
2486. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ධාතුං පූජයිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ධාතුපට‍්ඨහනෙ ඵලං.
2486. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ධාතු පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධාතූන්ට උවැටැන් කිරීමෙහි (පිදීමෙහි) මේ විපාකය යි.
2487. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2487. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා ධාතුපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධාතුපූජකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.
ධාතුපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
248. සත‍්තලිපුප‍්ඵපූජකත්‍ථෙරාපදානං
248. සත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය
2488. සත‍්ත සත‍්තලිපුප‍්ඵානි සීසෙ කත්‍වානහං තදා, බුද‍්ධස‍්ස අභිරොපෙසිං වෙස‍්සභූම‍්භි නරුත‍්තමෙ.
2488. වෙස්සභූ බුදුරජුන් ලොව පහළ වූ කල්හි මම සත්තලි පුෂ්ප (=පළොල් මල්) සතක් හිසෙහි කොට ගෙණවුත් ඒ බුදුරජුන්හට පිදීමි.
2489. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵපූජායිදං ඵලං.
2489. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2490. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2490. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සත‍්තලිපුප‍්ඵපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තලිපූප්ඵපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත‍්තලිපුප‍්ඵපූජකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.
සත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය අටවැනි යි.
249. බිම‍්බිජාලියත්‍ථෙරාපදානං.
249. බිම්බිජාලිය ස්ථවිරාවදානය
2491. පදුමුත‍්තරො නාම ජිනො සයම‍්භූ අග‍්ගපුග‍්ගලො, චතුසච‍්චං පකාසෙති දීපෙති අමතං පදං.
2491. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරයි. අමෘත පදය (=නිවන) දක්වයි.
2492. බිම‍්බිජාලිකපුප‍්ඵානි පුඵු කත්‍වානහං තදා, බුද‍්ධස‍්ස අභිරොපෙසිං දිපදින්‍දස‍්ස තාදිනො.
2492. එකල්හි මම රත්කරව් මල් කඩා තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.
2493. අට‍්ඨසට‍්ඨිම‍්හිතො කප‍්පෙ චතුරො කිඤ‍්ජකෙසරා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.
2493. මෙයින් අටසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකේසර නම් වූ සිවු සක්විති රජකෙනෙක් වූහ.
2494. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2494. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා බිම‍්බිජාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බිජාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිම‍්බිජාලියත්‍ථෙරස‍්ස අපදානං නවමං.
බිම්බිජාලිය ස්ථවිරාවදානය නවවැනි යි.
250. උද‍්දාලදායකත්‍ථෙරාපදානං
250. උද්දාලදායක ස්ථවිරාවදානය
2495. කකුසන්‍ධො නාම නාමෙන සයම‍්භූ අපරාජිතො, පවනා නික‍්ඛමිත්‍වාන අනුප‍්පත‍්තො මහානදිං.
2495. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් කකුසඳ නම් බුදුරජ තෙමේ වැඩවසන විහාරයෙන් නික්ම මහා නදියට වැඩියේ ය.
2496. උද‍්දාලකං ගහෙත්‍වාන සයම‍්භූස‍්ස අදාසහං, සංයතස‍්සුජුභූතස‍්ස පසන‍්නමානසො තදා.
2496. මම එකල්හි ඇසළ (මල්) ගෙණ සන්සුන් වූ ඍජු ගුණ ඇති බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් පිදීමි.
2497. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵදානස‍්සිදං ඵලං.
2497. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
2498. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2498. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා උද‍්දාලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උද‍්දාලදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.
උද්දාලදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද‍්දානං:
උද්දානය:
තුවර නාග නළිනා විරවී කුටිධූපකො පත‍්තො ධාතු සත‍්තලියො බිම‍්බී උද‍්දාලකෙන ච සත‍්තතිංසති ගාථායො ගණිතායො විභාවිහි.
තුවරනාග නලින - විරවී කුටිධූපක පත්ත ධාතු සත්තලිය - බිම්බී උද්දාලද මෙවග වූ දසවත් - සත්තිස් ගයින් බැඳියේ.
තුවරදායකවග‍්ගො පඤ‍්චවීසතිමො.
තුවරදායක වර්‍ගය පස්විසි වැනි යි.