24. උදකාසනවග්ගො
24. උදකාසන වර්ගය
231. උදකාසනදායකත්ථෙරාපදානං
231. උදකාසනදායක ස්ථවිරාවදානය
2424. ආරාමද්වාරා නික්ඛම්ම ඵලකං සන්ථරිං අහං, උදකඤ්ච උපට්ඨාසිං උත්තමත්ථස්ස පත්තියා.
2424. මම අරම් දොරින් නික්ම උත්තමාර්ත්ථය වූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන් ද එළවා තැබීමි.
2425. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ආසනෙ චොදකෙ ඵලං.
2425. මෙයින් එක්තිස්වනු කපෙහි දී යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනාමි. අසුන හා දිය එළවා තැබීමෙහි මේ විපාකය යි.
2426. ඉතො පණ්ණරසෙ කප්පෙ අභිසාමසමව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2426. මෙයින් පසළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසාම නම් සක්විති රජෙක් වීමි.
2427. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2427. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා උදකාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් උදකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකාසනදායකත්ථෙරස්ස අපදානං පඨමං.
උදකාසනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
232. භාජනදායකත්ථෙරාපදානං
232. භාජනදායක ස්ථවිරාවදානය
2428. නගරෙ බන්ධුමතියා කුම්භකාරො අහං තදා, භාජනං අනුපාලෙසිං භික්ඛුසඞ්ඝස්ස තාවදෙ.
2428. මම එකල්හි බන්ධුමතී නගරයෙහි කුම්භකාරයෙක් (=කුඹුලෙක්) වීමි. එකෙණෙහි භික්ෂුසඞ්ඝයාට භාජන සැපයීම කෙළෙමි.
2429. එකනවුතෙ ඉතො කප්පෙ භාජනං අනුපාලයිං, දුග්ගතිං නාභිජානාමි භාජනස්ස ඉදං ඵලං.
2429. මෙයින් එක්අනූවන කපෙහි යම් භාජන සැපයීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භාජන දානයාගේ මේ විපාකය යි.
2430. තෙපඤ්ඤාසෙ ඉතො කප්පෙ අනන්තජාලි නාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2430. මෙයින් තෙපණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අනන්තජාලි නම් සක්විත් රජෙක් වීමි.
2431. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2431. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා භාජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භාජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භාජනදායකත්ථෙරස්ස අපදානං දුතියං.
භාජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
233. සාලපූපියත්ථෙරාපදානං
233. සාලපූපිය ස්ථවිරාවදානය
2432. අරුණවතියා නගරෙ අහොසිං පූපිකො අහං, මම ද්වාරෙන ගච්ඡන්තං සිඛිනං අද්දසං ජිනං.
2432. මම අරුණවතී නගරයෙහි පූප සාදන්නෙක් වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.
2433. බුද්ධස්ස පත්තං පග්ගය්හ සාලපූපං අදාසහං, සම්මග්ගතස්ස බුද්ධස්ස විප්පසන්නෙන චෙතසා.
2433. මම බුදුරජුන්ගේ පාත්රය ගෙණ සම්මග්ගත වූ ඒ බුදුරජානන් වහන්සේට පැහැදි සිතින් හල් පූ දිනිමි.
2434. එකතිංසෙ ඉතො කප්පෙ යං ඛජ්ජකමදාසහං. දුග්ගතිං නාභිජානාමි සාලපූපස්සිදං ඵලං.
2434. මෙයින් එක්තිස්වනු කපෙහි මම යම් ඛාද්යයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හල් පූ දනෙහි මේ විපාකය යි.
2435. ඉතො චුද්දසකප්පම්හි අසොසිං අමිතඤ්ජලො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2435. මෙයින් තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිතඤ්ජල නම් සක්විති රජෙක් වීමි.
2436. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2436. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සාලපූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලුපූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලපූපියත්ථෙරස්ස අපදානං තතියං.
සාලුපූපිය ස්ථවිරාවදානය තෙවැනි යි.
234. කිලඤ්ජදායකත්ථොරාපදානං.
234. කිලඤ්ජදායක ස්ථවිරාවදානය
2437. තිවරායං පුරෙ රම්මෙ නළකාරො අහං තදා, සිද්ධත්ථෙ ලොකපජ්ජොතෙ පසන්නා ජනතා තහිං.
2437. (ප්රාකාරත්රයකින් පරික්ෂිප්ත බැවින්) තිවරා නම් වූ රම්ය නගරයෙහි මම එකල්හි නළකරුවෙක් (=කුළුපොත්තෙක්) වීමි. සිද්ධාර්ත්ථ බුදුරජුන් කෙරෙහි පැහැදුනු ජනසමූහයෝ එහි වූහ.
2438. පූජත්ථං ලොකනාථස්ස කිලඤ්ජං පරියෙසති, බුද්ධපූජං කරොන්තානං කිලඤ්ජං අදදිං අහං.
2438. ලෝකනාථයන් වහන්සේට පිදීම සඳහා කළාලයක් සොයයි. මම ඒ බුද්ධපූජාව කරණවුනට කළාලයක් දිනිමි.
2439. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි කිලඤ්ජස්ස ඉදං ඵලං.
2439. මෙයින් සිවුඅනූවනු කපෙහි දී යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කළාලදානයාගේ මේ විපාකය යි.
2440. සත්තසත්තතිකප්පම්භි රාජා ආසිං ජුතින්ධරො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2440. සත්සැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්ධර නම් සක්විති රජෙක් වීමි.
2441. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2441. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා කිලඤ්ජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිලඤ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිලඤ්ජදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
කිලඤ්ජදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
235. වෙදිකාරකත්ථෙරාපදානං.
235. වේදිකාරක ස්ථවිරාවදානය
2442. විපස්සිනො භගවතො බොධියා පාදපුත්තමෙ, පසන්නචිත්තො සුමනො කාරෙසිං වෙදිකං අහං.
2442. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝරුකට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වේදිකාවක් කෙළෙමි.
2443. එකනවුතෙ ඉතො කප්පෙ කරොසිං වෙදිකං අහං, දුග්ගතිං නාභිජානාමි වෙදිකාය ඉදං ඵලං.
2443. මම මෙයින් අනූවන කපෙහි වේදිකාවක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකාදානයාගේ මේ විපාකය යි.
2444. ඉතො එකාදසෙ කප්පෙ අසොසිං සුරියස්සමො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2444. මෙයින් එකොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුරියස්සම නම් සක්විති රජෙක් වීමි.
2445. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා වෙදිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වෙදිකාරකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
වේදිකාරක ස්ථවිරාවදානය පස්වැනි යි.
236. වණ්ණකාරත්ථොරාපදානං
236. වණ්ණකාර ස්ථවිරාවදානය
2446. නගරෙ අරුණවතියා වණ්ණකාරො අහං තදා, චෙතියෙ දුස්සභණ්ඩානි නානාවණ්ණං රජෙසහං.
2446. මම එකල්හි අරුණවතී නගරයෙහි වර්ණකාරයෙක් (රඟපොවන්නෙක්) වීමි. මම සෑයෙහි වත්බඩු නන්වන් කොට පෙවීමි.
2447. එකතිංසෙ ඉතො කප්පෙ යං වණ්ණං රජයිං තදා, දුග්ගතිං නාභිජානාමි වණ්ණදානස්සිදං ඵලං.
2447. මෙයින් එක්තිස්වනු කපෙහි යම් සායම් පෙවීමක් (පින් පිණිස) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.
2448. ඉතො තෙවීසතිකප්පෙ චන්දූපමසමානකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2448. මෙයින් තෙවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්දූපම නම් සක්විති රජෙක් වීමි.
2449. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2449. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා වණ්ණකාරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් වණ්ණකාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වණ්ණකාරත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
වණ්ණකාර ස්ථවිරාවදානය සවැනි යි.
237. පියාලපුප්ඵියත්ථෙරාපදානං.
237. පියාලපුප්ඵිය ස්ථවිරාවදානය
2450. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, පියාලං පුප්ඵිතං දිස්වා ගතමග්ගෙ ඛිපිං අහං.
2450. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම පිපුණු පියල් ගසක් දැක බුදුරජුන් වැඩිය මගෙහි (ඒ මල් ගෙණ) (පිදීම් වශයෙන්) අතුළෙමි.
2451. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2451. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2452. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2452. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පියාලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පියාලපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං.
පියාලපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.
238. අම්බයාගදායකත්ථොරාපදානං.
238. අම්බයාගදායක ස්ථවිරාවදානය
2453. සකෙ සිප්පෙ අපත්ථද්ධො අගමං කානනං අහං, සම්බුද්ධං යන්තං දිස්වාන අම්බයාගං අදාසහං.
2453. ස්වකීය (තර්කව්යාකරණාදි) ශිල්පයෙහි දක්ෂ වූ මම වනයට ගියෙමි. මම (මග) වඩින්නා වූ බුදුරජුන් දැක අඹදනක් දිනිමි.
2454. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අම්බයාගස්සිදං ඵලං.
2454. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
2455. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2455. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අම්බයාගදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බයාගදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
අම්බයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
239. ජගතිකාරකත්ථෙරාපදානං.
239. ජගතිකාරක ස්ථවිරාවදානය
2456. නිබ්බුතෙ ලොකනාථම්භි අත්ථදස්සි නරුත්තමෙ, ජගතී කාරිතා මය්හං බුද්ධස්ස ථූපමුත්තමෙ.
2456. අත්ථදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි මා විසින් ඒ බුදුරජුන්ගේ උතුම් සෑයෙහි පිළිදැගුම් කරවන ලදී.
2457. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ජගතියා ඉදං ඵලං.
2457. මෙයින් එක්සිය අටළොස්වන කපෙහි යම් කර්මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිදැගුම් කරවීමෙහි මේ විපාකය යි.
2458. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2458. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ජගතිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජගතිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජගතිකාරකත්ථෙරස්ස අපදානං නවමං.
ජගතිකාරක ස්ථවිරාවදානය නවවැනි යි.
240. වාසිදායකත්ථෙරාපදානං.
240. වාසිදායක ස්ථවිරාවදානය
2459. කම්මාරොහං පුරෙ ආසිං තීවරායං පුරුත්තමෙ, එකා වාසි මයා දින්නා සයම්භූං අපරාජිතං.
2459. මම පෙර උතුම් තීවරා පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් සියල්ල දත් පස්මරුන් දිනූ බුදුරජුන් උදෙසා එක් වෑකැත්තක් දෙන ලදී.
2460. චතුනවුතෙ ඉතො කප්පෙ යං වාසිමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි වාසිදානස්සිදං ඵලං.
2460. මෙයින් සිවුඅනූවන කපෙහි යම් වෑකැති දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වෑකැති දනෙයි මේ විපාකය යි.
2461. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2461. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා වාසිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාසිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වාසිදායකත්ථෙරස්ස අපදානං දසමං.
වාසිදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
උදකාසන භාජනං සාලපූපී කිලඤ්ජකො වෙදිකා වණ්ණකාරො ච පියාල අම්බයාගදො ජගතී වාසිදාතා ච ගාථා තිංස ච අට්ඨ ච.
උදකාසන භාජන - සාලපුප්ඵි කිලඤ්ජක වේදිකා වණ්ණකාර - පියාල අම්බයාගද ජගතී වාසිදාතා දැයි දස - අටතිස් ගයින් බැඳියේ.
උදකාසනවග්ගො චතුවීසතිමො.
උදකාසන වර්ගය සූවිසි වැනි යි.