යෙදුමෙන් කියවන්න

224. ආරක‍්ඛදායකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

224. ආරක‍්ඛදායකත්‍ථෙරාපදානං

224. ආරාමදායක ස්ථවිරාවදානය

2391. සිද‍්ධත්‍ථස‍්ස භගවතො වෙදි කාරාපිතා මයා, ආරක‍්ඛො ච මයා දින‍්නො සුගතස‍්ස මහෙසිනො.

2391. මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරවන ලදි. මා විසින් මහර්ෂී වූ බුදුරජුන්හට ආරක්‍ෂාවක් ද දෙන ලදි.

2392. තෙන කම‍්මවිසෙසෙන න පස‍්සෙ භයභෙරවං, කුහිඤ‍්චි උප‍්පන‍්නස‍්ස තාසො මය‍්හං න විජ‍්ජති.

2392. ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නො දකිමි. කොහි උපන්නේ නමුදු මට ත්‍රාසයක් විද්‍යාමාන නැත.

2393. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං වෙදිං කාරයිං අහං, දුග‍්ගතිං නාභිජානාමි වෙදිකාය ඉදං ඵලං.

2393. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් වේදිකාවක් කරවීම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකය යි.

2394. ඉතො ඡට‍්ටම‍්භි කප‍්පම‍්හි අපස‍්සෙන සනාමකො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2394. මෙයින් සවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපස්සේන නම් සක්විති රජෙක් වීමි.

2395. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ආරක‍්ඛදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ආරක‍්ඛදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

ආරක්ඛදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.

225. අව්‍යාධිකත්‍ථෙරාපදානං

225. අව්‍යාධික ස්ථවිරාවදානය

2396. විපස‍්සිස‍්ස භගවතො අග‍්ගිසාලමදාසහං, ව්‍යාධිතානඤ‍්ච ආවාසං උණ‍්හොදකපටිග‍්ගහං.

2396. මම විපස්සී බුදුරජුන්හට ගිනිහල්ගෙයක් දිනිමි. රෝගීන්හට නිවාස ස්ථානයක් ද, උණුදිය වත්කරන භාජනයක් ද දිනිමි.

2397. තෙන කම‍්මෙනයං මය‍්හං අත‍්තභාවො සුනිම‍්මිතො, ව්‍යාධාහං නාභිජානාමි පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

2397. ඒ කර්‍මය හේතුකොට ගෙණ මට මේ ආත්මභාවය මොනොවට මැවින. මම ව්‍යාධිය (කුමැයි) නො දනිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.

2398. එකනවුතෙ ඉතො කප‍්පෙ යං සාලමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි අග‍්ගිසාලායිදං ඵලං.

2398. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ශාලාවක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්නිශාලාදානයෙහි මේ විපාකය යි.

2399. ඉතො සත‍්තමකෙ කප‍්පෙ එකො’සිං අපරාජිතො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2399. මෙයින් සත්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපරාජිත නම් සක්විති රජෙක් වීමි.

2400. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2400. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අව්‍යාධිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අව්‍යාධික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අව්‍යාධිකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

අව්‍යාධික ස්ථවිරාවදානය පස්වැනි යි.

226. අඞ‍්කොලපුප‍්ඵියත්‍ථෙරාපදානං

226. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය

2401. නාරදො ඉති මෙ නාමං කස‍්සපො ඉති මං විදූ, අද‍්දසං සමණානග‍්ගං විපස‍්සිං දෙවසක‍්කතං.

2401-2402. නාරද යනු මගේ නමයි. මට කාශ්‍යප යයි ද කියති. ශ්‍රමණයනට අග්‍ර වූ දෙවියන් විසින් සත්කාර කරණ ලද අනුව්‍යඤ්ජන දරන්නා වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විපස්සී බුදුරජුන් දිරිමි. මම රුකඟුන මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.

2402. අනුබ්‍යඤ‍්ජනධරං බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, අඞ‍්කොලපුප‍්ඵං පග‍්ගය‍්හ බුද‍්ධස‍්ස අභිරොපයිං.

2403. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2403. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2404. චතුසත‍්තතිතො කප‍්පෙ රොමසො නාම ඛත‍්තියො, ආමුත‍්තමාලාභරණො සයොග‍්ගබලවාහනො.

2404. මෙයින් සූසැත්තෑවනු කපෙහි ස්වර්‍ණ සිවිකා ආදි යානයන් ද, මහාමාත්‍ය සෙවකාදි බලයන් ද, හස්ති අශ්ව රථ සඞ්ඛ්‍යාත වාහනයන් ද, යන මොවුන්ගෙන් යුක්තවූයෙම් පැළැඳි මාලාභරණ ඇත්තෙම් රෝමස නම් රජෙක් වීමි.

2405. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2405. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අඞ‍්කොලපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අඞ‍්කොලපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.

227. සොවණ‍්ණවටංසකියයත්‍ථෙරාපදානං

227. සෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය

2406. උය්‍යානභූමිං නිය්‍යන‍්තො අද‍්දසං ලොකනායකං, වටංසකං ගහෙත්‍වාන සොවණ‍්ණං සාධුනිම‍්මිතං.

2406. උද්‍යාන භූමියට නික්ම වඩනා වූ මම ලෝකනායක වූ (සිඛී) බුදුරජුන් දිටිමි. මැනවින් කොට නිමවන ලද ස්වර්‍ණවර්‍ණ වූ (හිස පළඳනා) කඩාමල්කඩක් ගෙණ,

2407. සීඝං තතො සමොරුය‍්හ හත්‍ථික‍්ඛන්‍වධගතො අහං, බුද‍්ධස‍්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්‍ධුනො.

2407. ඇතුපිට සිටි මම වහා එයින් බැස ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට (ඒ මාලාව) පිදීමි.

2408. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2408. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2409. සත‍්තවීසෙ ඉතො කප‍්පෙ එකො ආසිං ජනාධිපො, මහාපතාප නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

2409. මෙයින් සත්විසිවනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාපතාප නම් සක්විති රජෙක් වීමි.

2410. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2410. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සොවණ‍්ණවටංසකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝවණ්ණවටංසකිය ස්ථවිරයන් වයන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සොවණ‍්ණවටංසකියත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

සෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය සත්වැනි යි.

228. මිඤ‍්ජවටංසකියත්‍ථෙරාපදානං.

228. මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය

2411. නිබ‍්බුතෙ ලොකනාථම‍්හි සිඛිම‍්හි වදතං වරෙ, වටංසකෙහි ආකිණ‍්ණං බොධිපූජමකාසහං.

2411. වාදීන් අතුරෙහි උතුම් වූ සිඛී බුදුරජුන් පිරිනිවී කල්හි මම කඩාමල්කඩින් ගැවසීගත් බෝධිපූජාවක් කෙළෙමි.

2412. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පූජමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.

2412. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකය යි.

2413. ඉතො ඡබ‍්බීසතිකප‍්පෙ අහුං මෙඝබ‍්භ නාමකො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2413. මෙයින් සවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මේඝබ්හ නම් සක්විති රජෙක් වීමි.

2414. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2414. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මිඤ‍්ජවටංසකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජවටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

මිඤ‍්ජවටංසකියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය අටවැනි යි.

229. සුකතාවෙලියත්‍ථෙරාපදානං.

229. සුකතාවේලිය ස්ථවිරාවදානය

2415. අසිතො නාම නාමෙන මාලාකාරො අහුං තදා, ආවෙලං පග‍්ගහෙවොන රඤ‍්ඤො දාතුං වජාමහං.

2415. එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පළඳින මාලාවක් රජුට දීම සඳහා මම ගෙණ යමි.

2416. අසම‍්පත‍්තම‍්හි රාජානං අද‍්දසං සිඛිනායකං. හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන බුද‍්ධස‍්ස අභිරොපයිං.

2416. රජු වෙත පැමිණීමට පෙර සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි. සොම්නස්වූයෙම් සොම්නස් සිතින් එය බුදුරජුන්හට පිදීමි.

2417. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2417. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2418. පඤ‍්චවීසෙ ඉතො කප‍්පෙ රාජාහොසිං මහබ‍්බලො, වෙභාරො නාම නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

2418. මෙයින් පස්විසිවනු කපෙහි මහත් බල ඇති වෙභාර නම් සක්විති රජෙක් වීමි.

2419. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2419. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුකතාවෙලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුකතාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සුකතාවෙලියත්‍ථෙරස‍්ස අපදානං නවමං.

සුකතාවේලිය ස්ථවිරාවදානය නවවැනි යි.

230. එකවන්‍දියත්‍ථෙරාපදානං.

230. එකවන්‍දිය ස්ථවිරාවදානය

2420. උසභං පවරං වීරං වෙස‍්සභුං විජිතාවිනං, පසන‍්නචිත‍්තො සුමනො බුද‍්ධසෙට‍්ඨං අවන්‍දිහං.

2420. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ පස්මරුන් ජයගත් වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි.

2421. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි වන්‍දනාය ඉදං ඵලං.

2421. එක්තිස්වනු කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.

2422. චතුවීසතිකප‍්පම‍්හි විගතානන්‍දනාමකො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2422. සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විගතානන්ද නම් සක්විති රජෙක් වීමි.

2423. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2423. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකවන්‍දියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකවන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකවන්‍දියත්‍ථෙරස‍්ස අපදානං දසමං.

එකවන්‍දිය ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

ආලම‍්බනඤ‍්ච අජිනං මංසදා රක‍්ඛදායකො අව්‍යාධි අඞ‍්කොලං සොණ‍්ණං මිඤ‍්ජං ආවෙල වන්‍දනං පඤ‍්චපඤ‍්ඤාස ගාථායො ගණිතා අත්‍ථදස‍්සිහි.

ආලම්බනය අජින ය - මංසද ආරක්ඛද ය අව්‍යාධි අඞ්කෝල සහ - සොණ්ණමිඤ්ජ ආවේලවන්‍දනය පස්පණස් ගයකින් - මෙම තෙවිසි වනු වග වේ.

ආලම‍්බනදායකවග‍්ගො තෙවීසතිමො.

ආලම්බනදායක වර්‍ගය තෙවිසිවැනි යි.