24. උදකාසනවග්ගො අට්ඨකථා
24. උදකාසනවග්ගො
24. උදකාසන වර්ගය
උදකාසනදායකත්ථෙරඅපදානාදිවණ්ණනා
චතුවීසතිමෙ වග්ගෙ පඨමදුතියාපදානානි උත්තානානෙව.
[missing trans]
තතියාපදානෙ අරුණවතියා නගරෙති ආ සමන්තතො ආලොකං කරොන්තො උණති උග්ගච්ඡතීති අරුණො, සො තස්මිං විජ්ජතීති අරුණවතී, තස්මිං නගරෙ ආලොකං කරොන්තො සූරියො උග්ගච්ඡතීති අත්ථො. සෙසනගරෙසුපි සූරියුග්ගමනෙ විජ්ජමානෙපි විසෙසවචනං සබ්බචතුප්පදානං මහියං සයනෙපි සති මහියං සයතීති මහිංසොති වචනං විය රූළ්හිවසෙන වුත්තන්ති වෙදිතබ්බං. අථ වා පාකාරපාසාදහම්මියාදීසු සුවණ්ණරජතමණිමුත්තාදිසත්තරතනපභාහි අරුණුග්ගමනං විය පභාවතී අරුණවතී නාම, තස්මිං අරුණවතියා නගරෙ, පූපිකො පූපවික්කයෙන ජීවිකං කප්පෙන්තො අහොසින්ති අත්ථො.
තුන්වැනි අපදානයෙහි අරුණවතියා නගරෙ යනු හාත්පසින් ආලෝක කරමින් උදෙති උඩට නැගේනුයි අරුණ නමි. එය එහි දක්නට ලැබේනුයි අරුණවතී. ඒ නගරය එලිය කරමින් සූර්යයා උඩට නැගේ යන අර්ථයි. සෙසු නගරවලද හිරු උදාව දක්නට ලැබෙද්දීත් විශේෂ වචනයකි. සියලු සිව්පාවුන්ට පොළොවෙහි වසානුයි පොළොවෙහි නිදිනුයි මහිසයයි කියන්නාක් මෙන් රූඪි වශයෙන් කියන ලදැයි දතයුතුය. නැතහොත් ප්‍රාකාර ප්‍රාසාද මන්දිර ආදියෙහි රන්රිදී මිණිමුතු ආදී සත්රුවන් පැහැයෙන් අරුණ නැගෙන්නාක් මෙන් ප්‍රභා ඇත්තී අරුණවතී නමි. ඒ අරුණවතී නගරයෙහි පූපිකො මම කැවුම් විකිණීමෙන් ජීවිකාව කරන්නේ වීමි යන අර්ථයි.
චතුත්ථාපදානෙ තිවරායං පුරෙ රම්මෙති තීහි පාකාරෙහි පරිවාරිතා පරික්ඛිත්තාති තිවරා, ඛජ්ජභොජ්ජාදිඋපභොගවත්ථාභරණාදිනච්චගීතාදීහි රමණීයන්ති රම්මං, තස්මිං තිවරායං පුරෙ නගරෙ රම්මෙ නළකාරො අහං අහොසින්ති සම්බන්ධො.
සිව්වැනි අපදානයෙහි තීවරායං පුරෙ රම්මෙ යනු පවුරු තුනකින් පරිවාරිතා වටකරන ලද්දේදනුයි තීවරා. කෑම්බීම් උපභෝග වස්ත්රාභරණ ආදී නැටුම් ගැයුම් ආදියෙන් රමණීය වේනුයි රම්මං. ඒ තීවරා පුරෙ රම්‍ය නගරයෙහි මම කුළුපොත්තෙක් වීමි යනු සම්බන්ධයි.
පඤ්චමාපදානං උත්තානත්ථමෙව.
පස්වැනි අපදානය නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
ඡට්ඨාපදානෙ වණ්ණකාරො අහං තදාති නීලපීතරත්තාදිවණ්ණවසෙන වත්ථානි කරොති රඤ්ජෙතීති වණ්ණකාරො. වත්ථරජකො හුත්වා චෙතියෙ වත්ථෙහි අච්ඡාදනසමයෙ නානාවණ්ණෙහි දුස්සානි රඤ්ජෙසින්ති අත්ථො.
සවැනි අපදානයෙහි වණ්ණකාරො අහං තදා යනු නිල් කහ රතු ආදී වරණ වශයෙන් වස්ත්‍ර කරානුයි වර්ණ ගන්වානුයි වර්ණකාර නමි. එහි රජකයෙක් ව චෛත්‍යය වස්ත්‍රවලින් වසනකල්හි නොයෙක් වර්ණ ඇති රෙදිවලින් වර්ණ ගැන්වීම් යන අර්ථයි.
සත්තමාපදානෙ පියාලං පුප්ඵිතං දිස්වාති සුපුප්ඵිතං පියාලරුක්ඛං දිස්වා. ගතමග්ගෙ ඛිපිං අහන්ති අහං මිගලුද්දො නෙසාදො හුත්වා පියාලපුප්ඵං ඔචිනිත්‍වා බුද්ධස්ස ගතමග්ගෙ ඛිපිං පූජෙසින්ති අත්ථො.
සත්වැනි අපදානයෙහි පියාලං පුප්ඵිතං දිස්වා මැනවින් පිපුණු මොරගසක් දැක ගතමග්ගෙ ඛිපිං අහං යනු මම මුවන් මරන වැද්දෙක්ව මොරමල් නෙළා බුදුරජාණන් වහන්සේ වැඩි මාර්ගයෙහි ඛිපිං පූජා කෙළෙමි යන අර්ථයි.
අට්ඨමාපදානෙ සකෙ සිප්පෙ අපත්ථද්ධොති අත්තනො තක්කබ්යාකරණාදිසිප්පස්මිං අපත්ථද්ධො පතිට්ඨිතො ඡෙකො අහං කානනං අගමං ගතො සම්බුද්ධං යන්තං දිස්වානාති වනන්තරෙ ගච්ඡන්තං විපස්සිං සම්බුද්ධං පස්සිත්වා. අම්බයාගං අදාසහන්ති අහං අම්බදානං අදාසින්ති අත්ථො.
අටවැනි අපදානයෙහි සකෙ සිප්පෙ අපත්ථද්ධො යනු තමාගේ තර්ක ව්‍යාකරණ ආදී ශිල්පයෙහි අපත්ථද්ධො පිහිටියේ දක්ෂවූයේ මම වනයට අගමං ගියේ වෙමි. සම්බුද්ධං යන්තං දිස්වාන යනු වනාන්තරයෙහි වැඩම කරන්නා වූ විපස්සි සම්බුදුරජාණන් වහන්සේ දැක. අම්බයාගං අදාසහං යනු මම අඹදානයක් දුනිමි යන අර්ථයි.
නවමාපදානෙ ජගතී කාරිතා මය්හන්ති අත්ථදස්සිස්ස භගවතො සරීරධාතුනිධාපිතචෙතියෙ ජගති ඡින්නභින්නආලින්දපුප්ඵාධානසඞ්ඛාතා ජගති මයා කාරිතා කාරාපිතාති අත්ථො.
නවවැනි අපදානයෙහි ජගතී කාරිතා මය්හං යනු අත්ථදස්සී භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් නිදන් කළ චෛත්‍යයෙහි ජගති සුන්බුන් ආලින්ද මල්දෙන තැන් සංඛ්‍යාත වූ ජගති මා විසින් කාරිතා කරවන ලද්දේය යන අර්ථයි.
දසමාපදානං උත්තානත්ථමෙවාති.
දසවැනි අපදානය නොගැඹුරු අරුත් ඇත්තේමය.
චතුවීසතිමවග්ගවණ්ණනා සමත්තා.
විසිහතරවැනි වර්ග වර්ණනාව නිමියේය.