යෙදුමෙන් කියවන්න

251. ථොමකෙත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

251. ථොමකෙත්‍ථෙරාපදානං.

251. ථොමක ස්ථවිරාවදානය

2499. දෙවලොකෙ ඨිතො සන‍්තො විපස‍්සිස‍්ස මහෙසිනො, ධම‍්මං සුණිත්‍වා මුදිතො ඉමං වාචමභාසහං.

2499. දෙව්ලොව සිටියේ ම විපස්සී බුදුරජුන්ගේ ධර්‍මය අසා සතුටු වූයෙම් මම මේ වචනය කීමි.

2500. නමො තෙ පුරිසාජඤ‍්ඤ නමො තෙ පුරිසුත‍්තම, බහුං ජනං තාරයසි දෙසෙන‍්තො අමතං පදං.

2500. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්‍මය) දෙසමින් බොහෝදෙන (සසර සයුරින්) එතර කෙරෙහිය (කියා යි.)

2501. එකනවුතෙ ඉතො කප‍්පෙ යං වාචමභණිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.

2501. මෙයින් එක්අනූවන කපෙහිදී යම් (බුදුරජුන්හට ස්තුති) වචනයක් කීවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධස්තුති කරණයෙහි මේ විපාකය යි.

2502. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2502. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ථොමකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ථොමකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

ථොමකස්ථවිරාවදානය පළමුවැනි යි.

252. එකාසනදායකත්‍ථෙරාපදානං.

252. ඒකාසනදායක ස්ථවිරාවදානය

2503. විජහිත්‍වා දෙවවණ‍්ණං සභරියො ඉධාගමිං, අධිකාරං කත‍්තුකාමො බුද‍්ධසෙට‍්ඨස‍්ස සාසනෙ.

2503. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි කුසල් කරණු කැමැත්තෙම් බිරිය සහිත වූයෙම් දෙව් වෙස හැර මෙහි පැමිණියෙමි.

2504. දෙවලො නාම නාමෙන පදුමුත‍්තරසාවකො, තස‍්ස භික‍්ඛා මයා දින‍්නා විප‍්පසන‍්නෙන චෙතසා.

2504. (එකල්හි) දේවල නම් පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් විය. මා විසින් උන්වහන්සේට පහන් සිතින් භික්‍ෂාවක් දෙන ලදි.

2505. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පිණ‍්ඩපාතස‍්සිදං ඵලං.

2505. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණඩපාතදානයාගේ මේ විපාකය යි.

2506. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2506. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින්ආයුෂ්මත් ඒකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකාසනදායකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

ඒකාසනදායක ස්ථවිරාවදානය දෙවැනි යි

253. චිතකපූජකත්‍ථෙරාපදානං

253. චිතකපූජක ස්ථවිරාවදානය

2507. ආනන්‍දො නාම සම‍්බුද‍්ධො සයම‍්භු අපරාජිතො, අරඤ‍්ඤෙ පරිනිබ‍්බායි අමනුස‍්සම‍්හි කානනෙ.

2507. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ආනන්‍ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්‍ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළේය.

2508. දෙවලොකා ඉධාගන‍්ත්‍වා චිතං කත්‍වානහං තදා, සරීරං තත්‍ථ ඣාපෙසිං සක‍්කාරඤ‍්ච අකාසහං.

2508. මම එකල්හි දෙව්ලොවින් මෙයි පැමිණ චිතකයක් කොට (බුද්ධ) ශරීරය එහි දැවීමි. සත්කාර ද කෙළෙමි.

2509. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2509. මෙයින් එක්අනූවනු කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2510. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2510. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

චිතකපූජකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

චිතකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.

254. තිචම‍්පකපුප‍්ඵියත්‍ථෙරාපදානං.

254. තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය

2511. හිමවන‍්තස‍්ස අවිදූරෙ විකතො නාම පබ‍්බතො, තස‍්ස වෙමජ‍්ඣෙ වසති සමණො භාවිතින්‍ද්‍රියො.

2511. හිමනතට නුදුරෙහි විකත නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතයාගේ මධ්‍යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙමේ වෙසෙයි.

2512. දිස‍්වාන තස‍්සොපසමං විප‍්පසන‍්නෙන චෙතසා, තීණි චම‍්පකපුප‍්ඵානි ගහෙත්‍වාන සමොකිරිං.

2512. උන්වහන්සේගේ සන්හුන් බව දැක පැහැදි සිතින් සපු මල් තුණක් ගෙණ විසිරවීමි. (පිදීමි).

2513. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2513. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2514. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2514. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිචම‍්පකපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තිචම‍්පකපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.

255. සත‍්තපාටලියත්‍ථෙරාපදානං.

255. සත්තපාටලිය ස්ථවිරාවදානය

2515. කණිකාරංව ජොතන‍්තං නිසින‍්නං පබ‍්බතන‍්තරෙ, සත‍්තපාටලිපුප‍්ඵානි බුද‍්ධස‍්ස අභිරොපයිං.

2515. පර්‍වතාන්තරයෙහි වැඩහුන්නා වූ පිපුණු කිණිහිරී රුකක් මෙන් බබලන බුදුරජුන්හට පළොල් මල් සතක් පිදීමි.

2516. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2516. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2517. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2517. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සත‍්තපාටලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපාටලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සත‍්තපාටලියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

සත්තපාටලිය ස්ථවිරාවදානය පස්වැනි යි.

256. උපාහනදායකත්‍ථෙරාපදානං.

256. උපාහනදායක ස්ථවිරාවදානය

2518. අහොසි චන්‍දනො නාම සම‍්බුද‍්ධස‍්සත්‍රජො තදා, එකොපාහනො මයා දින‍්නො බොධිං සම‍්පජ‍්ජ මෙ තුවං.

2518. එකල්හි චන්‍දන නම් බුද්ධපුත්‍රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟළක් දිනිමි. (දී මෙසේ පැතීමි). එම්බා පාවහන් සඟළ “ඔබ මා (ශ්‍රාවක) බෝධියට පමුණුවන්න” යි (කියායි).

2519. එකනවුතෙ ඉතො කප‍්පෙ යමුපාහනං දදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි උපාහනස‍්සිදං ඵලං.

2519. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් සඟළක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.

2520. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2520. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උපාහනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

උපාහනදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

උපාහනදායක ස්ථවිරාවදානය සවැනි යි.

257. මඤ‍්ජරිපූජකත්‍ථෙරාපදානං.

257. මඤ්ජරීපූජක ස්ථවිරාවදානය

2521. මඤ‍්ජිරිකං කරිත්‍වාන රථියං පටිපජ‍්ජ’හං, අද‍්දසං සමණානග‍්ගං භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතං.

2521. මම මල් කලඹක් කොට ගෙණ වීථියට පිවිසියෙමි. (එහි දී) බික්සඟන විසින් පිරිවැරුණු ශ්‍රමණාග්‍ර වූ (බුදුරජානන් වහන්සේ) දුටිමි.

2522. පසන‍්නචිත‍්තො සුමනො පරමාය ච පීතියා, උභො හත්‍ථෙහි පග‍්ගය‍්හ බුද‍්ධස‍්ස අභිරොපයිං.

2522. පරම ප්‍රීතියෙන් පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මල් කලඹ) දෝතින් ගෙණ බුදුරජුන්හට පිදීමි.

2523. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵපූජායිදං ඵලං.

2523. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් පිදුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.

2524. ඉතො තෙසත‍්තතිකප‍්පෙ එකො ආසිං මහීපති, ජොතියො නාම නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

2524. මෙයින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති ජෝතිය නම් සක්විති රජෙක් වීමි.

2525. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2525. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මඤ‍්ජරිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්ජරීපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

මඤ‍්ජරිපූජකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

මඤ්ජරීපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.

258. පණ‍්ණදායකත්‍ථෙරාපදානං.

258. පණ්ණදායක ස්ථවිරාවදානය

2526. පබ‍්බතෙ හිමවන‍්තම‍්හි වාකචීරධාරො අහං, අලොණපණ‍්ණභක‍්ඛොම‍්හි නීයමෙසු ච සංවුතො.

2526. මම හිමවතෙහි වැහැරි සිවුරු දරන ලුණු රහිතව කොළ අනුභව කරන්නා වූ ශීල සංවෘත තවුසෙක් වෙමි.

2527. පාතරාසෙ අනුප‍්පත‍්තෙ සිද‍්ධත්‍ථො උපගච‍්ඡි මං, තාහං බුද‍්ධස‍්ස පාදාසිං පසන‍්නො සෙහි පාණිහි.

2527. පෙරබත පැමිණි කල්හි සිද්ධාර්‍ත්‍ථ තථාගත තෙම මා වෙත වැඩියේ ය. මම පහන් වූයෙම් සියතින් (ලුණුරහිතව පිසූ කොළ) බුදුරජුන්හට පිදීමි.

2528. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පණ‍්ණමදිදං තදා, දුග‍්ගතිං නාභිජානාමි පණ‍්ණදානස‍්සිදං ඵලං.

2528. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පණීදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පණීදානයාගේ මේ විපාකය යි.

2529. සත‍්තවීසතිකප‍්පම‍්හි රාජා ආසිං යදත්‍ථියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2529. සත්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යදර්‍ත්‍ථය නම් සක්විති රජෙක් වීමි.

2530. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2530. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පණ‍්ණදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පණ‍්ණදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

පණ්ණදායක ස්ථවිරාවදානය අටවැනි යි.

259. කුටිදායකත්‍ථෙරාපදානං.

259. කුටිදායක ස්ථවිරාවදානය

2531. විපිනචාරී සම‍්බුද‍්ධො රුක‍්ඛමූලෙ වසී තදා, පණ‍්ණසාලං කරිත්‍වාන අදාසිං අපරාජිතෙ.

2531. වනයෙහි හැසිරෙන්නා වූ සර්‍වඥ තෙමේ එකල්හි රුක්මුලක විසීය. මම පස්මරුන් දිනූ උන්වහන්සේට පන්සලක් කරවා දිනිමි.

2532. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පණ‍්ණකුටිකං අදං, දුග‍්ගතිං නාභිජානාමි කුටිදානස‍්සිදං ඵලං.

2532. මෙයින් එක්අනූවනු කපෙහි යම් පණීකුටියක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුටිදානයාගේ මේ විපාකය යි.

2533. අට‍්ඨවීසෙ ඉතො කප‍්පෙ සොළසාසිංසු රාජානො, සබ‍්බත්‍ථඅහිවස‍්සීති වුච‍්චරෙ චක‍්කවත‍්තිනො.

2533. මෙයින් අටවිසිවනු කපෙහි සබ්බත්‍ථඅභිවස්සී නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.

2534. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2534. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුටිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කුටිදායකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

කුටිදායක ස්ථවිරාවදානය නවවැනි යි.