260. අග්ගජපුප්ඵියත්ථෙරාපදානං
260. අග්ගජපුප්ඵියත්ථෙරාපදානං.
260. අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය
2535. සුවණ්ණවණ්ණං සම්බුද්ධං නිසින්නං පබ්බතන්තරෙ, ඔභාසයන්තං රංසියා සිඛිතං සිඛිනං යථා.
2535. කඳු අතුරෙහි වැඩහුන්නා වූ ස්වර්ණවර්ණ වූ රශ්මිය කරණ කොට ගෙණ ගිනි කඳක් මෙන් බබලන සිඛී බුදුරජුන් (දුටිමි.)
2536. අග්ගජං පුප්ඵමාදාය උපගච්ඡිං නරුත්තමං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
2536. මම අග්ගජ නම් වූ මල් ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එය) බුදුරජුන්හට පිදීමි.
2537. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2537. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2538. පඤ්චවීසතිකප්පම්භි අහොසිං අමිතව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2538. පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
2539. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2539. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා අග්ගජපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් අග්ගජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අග්ගජපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
ථොමකෙකාසන චිතකං චම්පතො සත්තපාටපි පාහනො මඤ්ජරී පණ්ණං කුටිදො අග්ගපුප්ඵියො ගාථායො ගණිතා චෙත්ථ එකතාළීසමෙව ච.
ථොමක ඒකාසන - චිතක චම්පක සත්තපාටලි උපාහන මඤ්ජරී - පණ්ණ කුටිද අග්ගපුප්ඵිය එක්සාළිස් ගයකින් - මේ වග නිම කරණ ලදී.
ථොමකවග්ගො ඡබ්බීසතිමො.
ථොමකවර්ගය සවිසි වනු යි.