27. ආකාසුක්ඛිපියවග්ගො
27. ආකාසුක්ඛිපිය වර්ගය
261. ආකාසුක්ඛිපියත්ථෙරාපදානං.
261. ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය
2540. සුවණ්ණවණ්ණං සිද්ධත්ථං ගච්ඡන්තං අන්තරාපණෙ, ජලජග්ගෙ දුවෙ ගය්හ උපගච්ඡිං නරාසභං.
2540. ඇතුළු වීථියෙහි වඩනා වූ ස්වර්ණවර්ණ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්ත්ථ බුදුරජුන් (දිටිමි). අග්‍ර ජලජපුෂ්පද්වයක් ගෙණ උන්වහන්සේ වෙත එළඹියෙමි.
2541. එකඤ්ච පුප්ඵං පාදෙසු බුද්ධසෙට්ඨස්ස නික්ඛිපිං, එකඤ්ච පුප්ඵං පග්ගය්හ ආකාසෙ උක්ඛිපිං අහං.
2541. එක මලක් බුදුරජුන්ගේ ශ්‍රිපාදයට පිදීමි. එකක් ගෙණ අහසට දැමීමි.
2542. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිදං ඵලං.
2542. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
2543. ඉතො බත්තිංසකප්පම්හි එකො ආසිං මහීපති, අන්තලික්ඛචරො නාම චක්කවත්තී මහබ්බලො.
2543. මෙහින් දෙතිස්වනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.
2544. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2544. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ආකාසුක්ඛිපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආකාසුක්ඛිපයත්ථෙරස්ස අපදානං පඨමං.
ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
262. තෙලමක්ඛියත්ථෙරාපදානං.
262. තෙලමක්ඛිය ස්ථවිරාවදානය
2545. සිද්ධත්ථම්හි භගවති නිබ්බුතම්භි නරාසභෙ, බොධියා වෙදිකායාහං තෙලං මක්ඛෙසිං තාවදෙ.
2545. නරශ්‍රේෂ්ඨ වූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.
2546. චතුනවුතෙ ඉතො කප්පෙ යං තෙලං මක්ඛයිං තදා, දුග්ගතිං නාභිජානාමි මක්ඛනාය ඉදං ඵලං.
2546. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් තෙල් ගැල්වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෙල් ගැල්වීමෙහි මේ විපාකය යි.
2547. චතුවීසෙ ඉතො කප්පෙ සුච්ඡවී නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2547. මෙයින් සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුච්ඡවි නම් සක්විති රජෙක් වීමි.
2548. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2548. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තෙලමක්ඛියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තෙලමක්ඛියත්ථෙරස්ස අපදානං දුතියං.
තෙලමක්ඛිය ස්ථවිරාවදානය දෙවැනි යි.
263. අඩ්ඪචන්දියත්ථෙරාපදානං.
263. අඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය
2549. තිස්සස්ස ඛො භගවතෙ බොධියා පාදපුත්තමෙ, අඩ්ඪචන්දං මයා දින්නං ධරණීරුහපාදපෙ.
2549. තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මා විසින් අර්‍ධචන්‍ද්‍රාකාරයෙන් නොයෙක් වර්ගයන්හි මල් පුදන ලදී.
2550. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.
2550. මෙයින් දෙයානූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2551. පඤ්චවීසෙ ඉතො කප්පෙ දෙවලො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2551. මෙයින් පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දේවල නම් සක්විති රජෙක් වීමි.
2552. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2552. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා අඩ්ඪචන්දියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඩ්ඪචන්දියත්ථෙරස්ස අපදානං තතියං.
අඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය තෙවැනි යි.
264. පදීපියත්ථෙරාපදානං
264. පදීපිය ස්ථවිරාවදානය
2553. දෙවභූතො අහං සන්තො ඔරුය්හ පඨවිං තදා, පදීපෙ පඤ්ච පාදාසිං පසන්නො සෙහි පාණිහි.
2553. එකල්හි දෙවියකු වූ මම පොළොවට බැස පහන් වූයෙම් සියතින් ම පහන් පසක් පිදීමි.
2554. චතුනවුතෙ ඉතො කප්පෙ යං පදීපමදං තදා, දුග්ගතිං නාභිජානාමි දීපදානස්සිදං ඵලං.
2554. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
2555. පඤ්චපඤ්ඤාසකෙ කප්පෙ එකො ආසිං මහීපති, සමන්තචක්ඛු නාමෙන චක්කවත්තී මහබ්බලො.
2555. පස්පණස්වනු කපෙහි පෘථිවීශ්වර වූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2556. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2556. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පදීපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදීපියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
පදීපිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
265. බිළාලිදායකත්ථෙරාපදානං.
265. බිළාලිදායක ස්ථවිරාවදානය
2557. හිමවන්තස්ස අවිදූරෙ රොමසො නාම පබ්බතො, තම්හි පබ්බතපාදම්හි සමණො භාවිතින්ද්රියො.
2557. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්වතයක් විය. ඒ පර්වත පාදයෙහි රක්නා ලද ඉඳුරන් ඇති සමිතපාපී වූ පසේබුදුවරයෙක් විය.
2558. බිළාලිකෙ ගහෙත්වාන සමණස්ස අදාසහං, අනුමොදි මහාවීරො සයම්භූ අපරාජිතො.
2558. මම බිළාලි නම් අල ගෙණ ගොස් ඒ ශ්රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේ ම දත් මහාවීර වූ පස්මරුන් දිනූ ඒ පසේබුදුරජ තෙම අනුමෝදනාව කෙළේය.
2559. බිළාලී තෙ මමං දින්නා විප්පසන්නෙන චෙතසා, භවෙ නිබ්බත්තමානම්හි ඵලං නිබ්බත්තතං තව.
2559. තොප විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලද ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි තොපට ද එහි ඵල නිපදේවා (කියායි).
2560. චතුනවුතෙ ඉතො කප්පෙ යං බිළාලිමදාසහං, දුග්ගතිං නාභිජානාමි බිළාලියා ඉදං ඵලං.
2560. මම මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බිළාලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිළාලිදානයාගේ මේ විපාකය යි.
2561. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2561. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා බිළාලිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිළාලිදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
බිළාලිදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
266. මච්ඡදායකත්ථෙරාපදානං.
266. මච්ඡදායක ස්ථවිරාවදානය
2562. චන්දභාගානදීතීරෙ උක්කුසො ආසහං තදා, මහන්තං මච්ඡං පග්ගය්හ සිද්ධත්ථමුනිතො අදං.
2562. මම එකල්හි චන්ද්රභාගා නදීතීරයෙහි කබරුස්සෙක් (පක්ෂි විශේෂයක්) වීමි. මහත් මත්ස්‍යයකු ගෙණ සිද්ධාර්ත්ථ බුදුරජුන්හට දුනිමි.
2563. චතුනවුතෙ ඉතො කප්පෙ යං මච්ඡමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මච්ඡදානස්සිදං ඵලං.
2563. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් මත්ස්‍යදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මත්ස්‍යදානයාගේ මේ විපාකය යි.
2564. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2564. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා මච්ඡදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මච්ඡදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මච්ඡදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
මච්ඡදායක ස්ථවිරාවදානය සවැනි යි.
267. ජවහංසකත්ථෙරාපදානං.
267. ජවහංසක ස්ථවිරාවදානය
2565. වන්දභාගානදීතීරෙ ආසිං වනචරො තදා, සිද්ධත්ථමද්දසං බුද්ධං ගච්ඡන්තමනිලඤ්ජසෙ.
2565. එකල්හි මම චන්ද්රභාගා නදීතීරයෙහි වැද්දෙක් වීමි. අහස්මගෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි.
2566. අඤ්ජලිම්පග්ගහෙත්වාන උල්ලොකෙන්තො මහාමුනිං, සකං චිත්තං පසාදෙත්වා අවන්දිං නායකං අහං.
2566. මම මහාමුනි වූ ඒ බුදුරජුන් බලමින් ඇඳිලි බැඳ සිය සිත පහදවා ලෝකනායක වූ උන්වහන්සේට වැඳීමි.
2567. චතුනවුතෙ ඉතො කප්පෙ යමවන්දිං නරාසභං, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
2567. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බුදුවරයෙකුට වැන්දෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්දනාවෙහි මේ විපාකය යි.
2568. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2568.සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ජවහංසකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජවහංසකත්ථෙරස්ස අපදානං සත්තමං.
ජවහංසක ස්ථවිරාවදානය සත්වැනි යි.
268. සලලපුප්ඵියත්ථෙරාපදානං.
268. සලලපූප්ඵිය ස්ථවිරාවදානය
2569. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, විපස්සිමද්දසං බුද්ධං රංසිජාලසමාකුලං.
2569. මම එකල්හි චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මිජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දිටිමි.
2570. පසන්නචිත්තො සුමනො පරමාය ච පිතායා, පග්ගය්හ සලලං පුප්ඵං විපස්සිං ඔකිරිං අහං.
2570. මම පහන් සිතැත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් සලල (=හොර) මල් ගෙණ ඒ විපස්සී බුදුරජුන්හට විසිරවීමි. (පිදීමි.)
2571. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2571. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2572. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2572. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සලලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපූප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
සලලපූප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.
269. උපාගතාසයත්ථෙරාපදානං.
269. උපාගතාසය ස්ථවිරාවදානය
2573. හිමවන්තස්ස වෙමජ්ඣෙ සරො ආසි සුනිම්මිතො, තත්ථාහං රක්ඛසො ආසිං හෙඨසීලො භයානකො.
2573. හිමවත මැද මැනවින් නිම කළ විලක් විය. මම එහි අනුන් වෙහෙසන සුලු භයානක රකුසෙක් වීමි.
2574. අනුකම්පකො කාරුණිකො විපස්සී ලොකනායකො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකෙ.
2574. අනුකම්පාව ඇති කරුණාවත් වූ ඒ විපස්සී බුදුරජ තෙම මා (ඒ දරුණු ජීවිතයෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
2575. උපාගතං මහාවීරං දෙවදෙවං නරාසභං, ආසයා අභිනික්ඛම්ම අවන්දිං සත්ථුනො අහං.
2575. මම එසේ පැමිණියා වූ මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ (උන්වහන්සේ දිටිමි) (දැක) වසන තැනින් නික්ම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
2576. එකනවුතෙ ඉතො කප්පෙ යං වන්දිං පුරිසුත්තමං, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
2576. මෙයින් එක්අනූවන කපෙහි පුරුෂෝත්තම වූ බුදුරජුන්හට යම් වැඳීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැඳීමෙහි මේ විපාකය යි.
2577. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2577. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා උපාගතාසයො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාගතාසය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපාගතාසයත්ථෙරස්ස අපදානං නවමං.
උපාගතාසය ස්ථවිරාවදානය නවවැනි යි.
270. තරණියත්ථෙරාපදානං.
270. තරණිය ස්ථවිරාවදානය
2578. සුවණ්ණවණ්ණො සම්බුද්ධො විපස්සී දක්ඛිණාරහො, නදීතීරෙ ඨිතො සත්ථා භික්ඛුසඞ්ඝපුරක්ඛතො.
2578. දක්ෂිණාර්හ වූ ස්වර්ණවර්ණ වූ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ශාස්තෘ වූ විපස්සී බුදුරජ තෙම ගංතෙරෙහි සිටියේය.
2579. නාවා න විජ්ජතෙ තත්ථ සන්තාරණී මහණ්ණවෙ, නදියා අභිනික්ඛම්ම තාරෙසිං ලොකනායකං.
2579. මහගඟ තරණය කරණ නැවක් එහි නො වීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායක වූ ඒ බුදුරජුන් එතර කරවීමි.
2580. එකනවුතෙ ඉතො කප්පෙ යං තාරෙසිං නරුත්තමං, දුග්ගතිං නාභිජානාමි තරණාය ඉදං ඵලං.
2580. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන් ගඟින් එතර කිරීම් සඞ්ඛ්‍යාත යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් එතර කිරීමෙහි මේ විපාකය යි.
2581. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2581. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණියත්ථෙරස්ස අපදානං දසමං.
තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
උක්ඛෙපී තෙල චන්දි ච දීපදො ච බිළාලිදො මච්ඡො ජවො සලලදො රක්ඛසො තරණො දස ගාථායො චෙත්ථ සඞ්ඛාතා තාළීසං චෙකමෙව ච.
උක්ඛේපී තෙලචන්‍දී - දීපද හා බිළාලිද මච්ඡජල සලලද - රක්ඛස තරණ යී දස එක්සාළිස් ගයකින් - මෙම වග කියා නිම විනි.
ආකාසුක්ඛිපියවග්ගො සත්තවීසතිමො.
ආකාශොතෙක්‍ෂප වර්ගය සත්විසිවනු යි.