යෙදුමෙන් කියවන්න

28. සුවණ‍්ණබිම‍්බොහනවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

28. ස්වර්‍ණබිම්බොහන වර්‍ගය

271. සුවණ‍්ණබිම‍්බොහනියත්‍ථෙරාපදානං

271. සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය

2582. එකාසනං අහමදං පසන‍්නො සෙහි පාණිහි, බිම‍්බොහනඤ‍්ච පාදාසිං උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා.

2582. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දිනිමි. බිම්බොහන (=මෙට්ට) යක් ද දිනිමි.

2583. එකනවුතෙ ඉතො කප‍්පෙ බිම‍්බොහනමදාසහං, දුග‍්ගතිං නාභිජානාමි බිම‍්බොහනස‍්සිදං ඵලං.

2583. මෙයින් එක් අනූවන කපෙහි මම යම් බිම්බොහන දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකය යි.

2584. ඉතො තෙසට‍්ඨිමෙ කප‍්පෙ අසමො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2584. මෙයින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.

2585. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2585. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුවණ‍්ණබිම‍්බොහනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බොහනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සුවණ‍්ණබිම‍්බොහනියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය පළමුවැනි යි.

272. තිලමුට‍්ඨිදායකත්‍ථෙරාපදානං

272. තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය

2586. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සත්‍ථා ලොකග‍්ගනායකො, මනොමයෙන කායෙන ඉද‍්ධියා උපසඞ‍්කමි.

2586. ලෝකනායක වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මනෝමය වූ කයින් හෙවත් චිත්ත ගතියට හැර වූ සිරුරින් යුතුව ඍද්ධියෙන් (මා වෙත) එළඹියේ ය.

2587. සත්‍ථාරමුපසඞ‍්කන‍්තං වන්‍දිත්‍වා පුරිසුත‍්තමං, පසන‍්නචිත‍්තො සුමනො තිලමුට‍්ඨිමදාසහං.

2587. මම එසේ එළඹියා වූ පුරුෂෝත්තම වූ ශාස්තෲන් වහන්සේට වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල මිටක් දිනිමි.

2588. එකනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි තිලමුට‍්ඨ්‍යා ඉදං ඵලං.

2588. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තලමිටක් දීමෙහි මේ විපාකය යි.

2589. ඉතො සොළසකප‍්පම‍්භි නන්‍දියො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2589. මෙයින් සොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නන්‍දිය නම් සක්විති රජෙක් වීමි.

2590. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2590. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිලමුට‍්ඨිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තිලමුට‍්ඨිදායකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය දෙවැනි යී.

273. චඞ‍්ගොටකියත්‍ථෙරාපදානං

273. චඞ්ගොටකිය ස්ථවිරාවදානය

2591. මහාසමුද‍්දං නිස‍්සාය වසතෙ පබ‍්බතන‍්තරෙ, පච‍්චුග‍්ගන‍්ත්‍වාන කත්‍වාන චඞ‍්ගොටකමදාසහං.

2591. සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම මහසයුර ඇසුරු කොට ඇති කඳු අතරක වැඩ වෙසෙයි. මම (මල්) ගොටුවක් සාදා ගෙණ උන්වහන්සේට පෙර ගමන් කොට එය පිළිගැන්වීමි.

2592. සිද‍්ධත්‍ථස‍්ස මහෙසිනො සබ‍්බසත‍්තානුකම‍්පිනො, පුප‍්ඵචඞ‍්ගොටකං දත්‍වා කප‍්පං සග‍්ගම‍්හි මොදහං.

2592. මම සියලු සත්ත්‍වයන්ට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන් හට මල්ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.

2593. චතුනවුතෙ ඉතො කප‍්පෙ චඞ‍්ගොටකමදං තදා, දුග‍්ගතිං නාභිජානාමි චඞ‍්ගොටකස‍්සිදං ඵලං.

2593. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (එසේ) මල් ගොටුවක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ගොටුවක් පිදීමෙහි මේ විපාකය යි.

2594. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2594. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා චඞ‍්ගොටකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ගොටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

චඞ‍්ගොටකියත්‍ථෙරස‍්ස අපදානං තතියං.

චඞ්ගොටකිය ස්ථවිරාවදානය තෙවැනියි.

274. අබ‍්හඤ‍්ජනදායකත්‍ථෙරාපදානං.

274. අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය

2595. කොණ‍්ඩඤ‍්ඤස‍්ස භගවතො වීතරාගස‍්ස තාදිනො, ආකාසසමචිත‍්තස‍්ස නිප‍්පපඤ‍්චස‍්ස ඣායිනො.

2595-2596. වීතරාගී වූ තාදී ගුණ ඇති ආකාශය සමව පැතුරුණු (මෙත්) සිත් ඇති ප්‍රමාද විහරණ නැති ධ්‍යාන කරන්නා වූ සියලු මුළා වීම් ඉක්ම වූ සකල ලෝක හිතෛෂී භාවයෙන් යුත් ද්වීපදෝත්තම වූ භාග්‍යවත් කොණ්ඩඤ්ඤ බුදුරජුන්හට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.

2596. සබ‍්බමොහාතිවත‍්තස‍්ස සබ‍්බලොකහිතෙසිනො, අබ‍්භඤ‍්ජනං මයා දින‍්නං දිපදින්‍දස‍්ස සත්‍ථුනො.

2597. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ අබ‍්භඤ‍්ජනමදං තදා, දුග‍්ගතිං නාභිජානාමි අබ‍්භඤ‍්ජනස‍්සිදං ඵලං.

2597. මෙයින් අසඞ්ඛ්‍ය කල්පයකට පෙර වූ එකල්හි (යම්) ආලේපන තෛලයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකය යි.

2598. ඉතො පණ‍්ණරසෙ කප‍්පෙ චිරප‍්පො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2598. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.

2599. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2599. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අබ‍්භඤ‍්ජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අබ‍්භඤ‍්ජනදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.

275. එකඤ‍්ජලියත්‍ථෙරාපදානං.

275. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය

2600. උදුම‍්බරෙ වසන‍්තස‍්ස නියතෙ පණ‍්ණසන්‍ථරෙ, වුත්‍ථෙකාසො මයා දින‍්නො සමණස‍්ස මහෙසිනො.

2600. දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නා වූ මහර්ෂී වූ තිස්ස බුදුරජානන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.

2601. තිස‍්සස‍්ස දිපදින්‍දස‍්ස ලොකනාථස‍්ස තාදිනො, අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන සන්‍ථරිං පුප‍්ඵසන්‍ථරිං.

2601. ලෝකනාථ වූ තාදී ගුණ ඇති ඒ තිස්ස බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.

2602. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං කරිං පුප‍්ඵසන්‍ථරං, දුග‍්ගතිං නාභිජානාමි සන්‍ථරිස‍්ස ඉදං ඵලං.

2602. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් පූජා කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකය යි.

2603. ඉතො චුද‍්දසකප‍්පම‍්හි අහොසිං මනුජාධිපො, එකඤ‍්ජලිකො නාම චක‍්කවත‍්තී මහබ‍්බලො.

2603. මෙයින් තුදුස්වන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති ඒකඤ්ජලික නම් සක්විති රජෙක් වීමි.

2604. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2604. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකඤ‍්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකඤ‍්ජලියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

ඒකඤ්ජලිය ස්ථවිරාවදානය පස්වැනි යි.

276. පොත්‍ථදායකත්‍ථෙරාපදානං.

276. පොත්‍ථකදායක ස්ථවිරාවදානය

2605. සත්‍ථාරං ධම‍්මමාරබ‍්භ සඞ‍්ඝඤ‍්චාපි මහෙසිනං, පොත්‍ථදානං මයා දින‍්නං දක‍්ඛිණෙය්‍යෙ අනුත‍්තරෙ.

2605. මහර්ෂී වූ බුදුරජුන් හා ධර්‍මය හා සඞ්ඝයා හා ඇරබ අනුත්තර දක්‍ෂිණාර්‍හ බුදුරජුන් කෙරෙහි මා විසින් නියඳ වතක් දෙන ලදී.

2606. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පොත්‍ථදානස‍්සිදං ඵලං.

2606. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (එම වස්ත්‍රදානය කිරීම් වශයෙන්) යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුමුතුරුණු සඳහා දුන්) ඒ නියඳ වස්ත්‍රදානයාගේ මේ විපාක යි.

2607. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2607. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පොත්‍ථදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පොත්‍ථදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පොත්‍ථදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

පොත්‍ථදායක ස්ථවිරාවදානය සවැනි යි.

277. චිතකපූජකත්‍ථෙරාපදානං.

277. චිතකපූජක ස්ථවිරාවදානය

2608. චන්‍දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, සත‍්ත මාලුවපුප‍්ඵානි චිතමාරොපයිං අහං.

2608. මම චන්‍ද්‍රභාගා ගං ඉවුරෙහි යටි ගං බලා යමි. (එහි දී) මාලුව මල් සතක් ගෙණ (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.

2609. චතුනවුතෙ ඉතො කප‍්පෙ චිතකං යං අපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.

2609. මෙයින් සිවුඅනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.

2610. සත‍්තසට‍්ඨිම‍්භිතො කප‍්පෙ පටිජග‍්ගසනාමකා, සත‍්තරතනසම‍්පන‍්නා සත‍්තාසුං චක‍්කවත‍්තිනො.

2610. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් යුත් පටිජග්ග යන නම් ඇති සත් සක්විති රජකෙනෙක් වූහ.

2611. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2611. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

චිතකපූජකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

චිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.

278. ආලුවදායකත්‍ථෙරාපදානං

278. ආලුවදායක ස්ථවිරාවදානය

2612. පබ‍්බතෙ හිමවන‍්තම‍්හි මහාසින්‍ධු සුදස‍්සනා, තත්‍ථද‍්දසං වීතරාගං සප‍්පභාසං සුදස‍්සනං.

2612-2613. හිමවත් පව්වෙහි සුදර්‍ශනීය වූ මහාසින්‍ධු නම් නදියකි. පැහැපත් වූ ඉතා සන්හුන් බැව්හි යෙදුනු සුදස්සන නම් රහතන් වහන්සේ දැක විස්මිත වූ සිත් ඇත්තෙම් පහන් සිතින් යුතුව සියතින් ම උන්වහන්සේට අල (කැබැල්ලක්) පිළිගැන් වීමි.

2613. පරාමොපසමෙ යුත‍්තං දිස‍්වා විම‍්හිතමානසො, ආලුවං තස‍්ස පාදාසිං පසන‍්නො සෙහි පාණිහි.

2614. එකංතිසෙ ඉතො කප‍්පෙ යමාලුවමදං තදා, දුග‍්ගතිං නාභිජානාමි ආලුවස‍්ස ඉදං ඵලං.

2614. මෙයින් එක්තිස්වන කපෙහි යම් ආලුව දානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලුව (=අල) දනෙහි මේ විපාකය යි.

2615. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2615. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ආලුවදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ආලුවදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

ආලුවදායක ස්ථවිරාවදානය අටවැනි යි.

279. එකපුණ‍්ඩරීකත්‍ථෙරාපදානං.

279. ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය

2616. රොමසො නාම නාමෙන සයම‍්භූ සුබ‍්බතො තදා, පුණ‍්ඩරීකං මයා දින‍්නං විප‍්පසන‍්නෙන චෙතසා.

2616. එකල්හි මනා ව්‍රත ඇති සියල්ල තෙමේ ම අවබෝධ කරගත් නමින් රෝමස නම් බුදුවරයෙක් විය. මා විසින් පැහැදි සිතින් (උන්වහන්සේට) පියුමක් දෙන ලදි.

2617. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පුණ‍්ඩරීකමදං තදා, දුග‍්ගතිං නාභිජානාමි පුණ‍්ඩරීකස‍්සිදං ඵලං.

2617. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පියුමක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුණ්ඩරීකදානයාගේ මේ විපාක යි.

2618. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2618. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකපුණ‍්ඩරීකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුණ්ඩරීක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකපුණ‍්ඩරීකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය නවවැනි යි.

280. තරණියත්‍ථෙරාපදානං

280. තරණිය ස්ථවිරාවදානය

2619. මහාපථම‍්භි විසමෙ සෙතු කාරාපිතො මයා, තරණත්‍ථාය ලොකස‍්ස පසන‍්නො සෙහි පාණිහි.

2619. මා විසින් ලොවැස්සන්ගේ ගමනාගමනය පිණිස පහන් සිත් ඇත්තේ විසම වූ මහමගෙහි සියතින් ම හෙයක් (=ඒ දණ්ඩක්) කරවන ලදී.

2620. එකනවුතෙ ඉතො කප‍්පෙ සෙතු කාරාපිතො මයා, දුග‍්ගතිං නාභිජානාමි සෙතුදානස‍්සිදං ඵලං.

2620. මෙයින් එක්අනූවන කපෙහි මා විසින් යම් හෙයක් කරවන ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හෙය දීමෙහි මේ විපාක යි.

2621. පඤ‍්චපඤ‍්ඤාසිතො කප‍්පෙ එකො ආසිං සමොගධො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2621. මෙයින් පස්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝගධ නම් සක්විති රජෙක් වීමි.

2622. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2622. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තරණියත්‍ථෙරස‍්ස අපදානං දසමං.

තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

සුවණ‍්ණං තිලමුට‍්ඨී ච චඞ‍්ගොටබ‍්භඤ‍්ජ අඤ‍්ජලි පොත්‍ථකො චිත මාලුවො එකපුණ‍්ඩරි සෙතුනා ද‍්වෙචත‍්තාළීසගාථායො ගණිතායො විභාවිහි.

සුවණ්ණ තිල මුට්ඨි - චඞ්ගොටබ්භඤ්ජ අඤ්ජලී පොත්‍ථක චිත මාලුව - එක පුණ්ඩරීක සෙතු දස දෙසාළිස් ගයකින් - මෙම වග නිම කරණ ලදි.

සුවණ‍්ණබිම‍්බොහනවග‍්ගො අට‍්ඨවීසතිමො.

ස්වර්‍ණබිම්බොහන වර්‍ගය අටවිසිවනු යි.