281. පණ්ණදායකත්ථෙරාපදානං
281. පණ්ණදායකත්ථෙරාපදානං.
281. පණ්ණදායක ස්ථවිරාවදානය
2623. පණ්ණසාලෙ නිසින්නොම්භි පණ්ණභොජනභොජනො, උපවිට්ඨඤ්ච මං සන්තං උපාගච්ඡි මහාමුනි.
2623-2624. මම පර්‍ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනෙම් පන්සලක හුන්නෙම් වෙමි. මුළු ලොවට වෙදකු වැනි වූ ලොව බබුළුවන්නා වූ සිද්ධාර්ත්ථ සර්වඥයන් වහන්සේ (එසේ) හුන් මා වෙත එළඹි සේක. එළඹ කොළ ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට (කෑම සඳහා තවන ලද) කොළයක් මා විසින් දෙන ලදි.
2624. සිද්ධත්ථො ලොකපජ්ජොතො සබ්බලොකතිකිච්ඡකො, තස්ස පණ්ණං මයා දින්නං නිසින්නං පණ්ණසන්ථරෙ.
2625. චතුනවුතෙ ඉතො කප්පෙ යං පණ්ණමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පණ්ණදානස්සිදං ඵලං.
2625. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පර්ණදානයාගේ මේ විපාක යි.
2626. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2626. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පණ්ණදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පණ්ණදායකත්ථෙරස්ස අපදානං පඨමං.
පර්‍ණදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
282. ඵලදායකත්ථෙරාපදානං.
282. ඵලදායක ස්ථවිරාවදානය
2627. සිනෙරුසමසන්තොසො ධරණීධරසාදිසො, වුට්ඨිහිත්වා සමාදිම්භා භික්ඛාය මමුපට්ඨිතො.
2627. සිනේරු පර්වතය මෙන් ශාන්ත වූ මහමෙර මෙන් ස්ථිර වූ ඒ සිද්ධාර්ත්ථ භාග්‍යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹියේ ය.
2628. හරීතකං ආමලකං අම්බ ජම්බු විභීටකං, කොලං භල්ලාතකං බිල්ලං ඵාරුසකඵලානි ච.
2628-2629. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළු දමනු යන ගෙඩි දැයි ඒ සියල්ල මුළු ලොවට අනුකම්පා කරන්නා වූ සිදුහත් බුදුරජුන් හට පැහැදි සිතින් මා විසින් දෙන ලදි.
2829. සිද්ධත්ථස්ස මහෙසිස්ස සබ්බලොකානුකම්පිනො, තඤ්ච සබ්බං මයා දින්නං විප්පසන්නෙන චෙතසා.
2630. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
2630. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරු දනෙහි මේ විපාක යි.
2631. සත්තපඤ්ඤාසිතො කප්පෙ එකජ්ඣො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2631. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකජ්ඣ නම් සක්විති රජෙකිම් වීමි.
2632. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2632. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලදායකත්ථෙරස්ස අපදානං දුතියං.
ඵලදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
283. පච්චුග්ගමනියත්ථෙරාපදානං.
283. පච්චුග්ගමනිය ස්ථවිරාවදානය
2633. සීහං යථා වනචරං නිසභාජානියං යථා, කකුධං විලසන්තංව ආගච්ඡන්තං නරාසභං.
2633-2634. වනයෙහි (එකලාව) හැසිරෙන්නා වූ සිංහයකු මෙන් ද ශ්‍රේෂ්ඨ ආජානියයකු මෙන් ද බබලන්නා වූ කුඹුක් ගසක් මෙන් ද (ක්ලේශ රෝගයෙන් පෙළෙන) සකල ලෝකයාට වෛද්‍යවරයකු මෙන් ද ලොව බබුළුවන්නා වූ නරශ්‍රේෂ්ඨ වූ (ඉදිරියට) වඩින සිදුහත් බුදුරජුන් (දැක) පැහැදි සිතින් පෙර ගමන් කෙළෙමි.
2634. සිද්ධත්ථං ලොකපජ්ජොතං සබ්බලොකතිකිච්ඡකං, අකාසිං පච්චුග්ගමනං විප්පසන්නෙන චෙතසා.
2635. එකනවුතෙ ඉතො කප්පෙ පච්චුග්ගච්ඡිං නරාසභං, දුග්ගතිං නාභිජානාමි පච්චුග්ගමනෙ ඉදං ඵලං.
2635. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන්හට පෙර ගමන් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පෙර ගමන් කිරීමෙහි මේ විපාක යි.
2636. සත්තවීසෙ ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, සපරිවාරොති නාමෙන චක්කවත්තී මහබ්බලො.
2636. මෙයින් සත්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සපරිවාර නම් සක්විති රජෙකිම් වීමි.
2637. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2637. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පච්චුග්ගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පච්චුග්ගමනියත්ථෙරස්ස අපදානං තතියං.
පච්චුගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
284. එකපුප්ඵියත්ථෙරාපදානං.
284. ඒකපුප්ඵිය ස්ථවිරාවදානය
2638. දක්ඛිණම්භි දුවාරම්හි පිසාචො ආසහං තදා, අද්දසං විරජං බුද්ධං පීතරංසිං’ව භානුමං.
2638. මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙකිම් වීමි. (එහි) දී පීතවර්‍ණ රස් ඇති (උදාවන) හිරු වැනි වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
2639. විපස්සිස්ස නරග්ගස්ස සබ්බලොකහිතෙසිනො, එකපුප්ඵං මයා දින්නං දිපදින්දස්ස තාදිනො.
2639. සර්වලෝකහිතෛෂී වූ නරශ්‍රේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදි.
2640. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2640. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2641. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2641. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා එකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
ඒකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
285. මඝවපුප්ඵියත්ථෙරාපදානං.
285. මඝවපුප්ඵිය ස්ථවිරාවදානය
2642. නම්මදානදියා තීරෙ සයම්භු අපරාජිතො, සමාධිං සො සමාපන්නො විප්පසන්නො අනාවිලො.
2642. නර්මදා නදී තීරයෙහි පස් මරුන් දිනූ බුදුවරයෙක් විය. නො කැළඹුනා වූ පහන් සිත් ඇති හෙතෙම සමාධියට සමවැදුනේ විය.
2643. දිස්වා පසන්නො සුමනො සම්බුද්ධං අපරාජිතං, තාහං මඝවපුප්ඵෙන සයම්භුං පූජයිං තදා.
2643. පහන් වූ සොම්නස් වූ මම අපරාජිත වූ එම සර්වඥයන් වහන්සේ දැක එකල්හි එම බුදුරජුන් හට මඝව නම් වූ මලින් පිදීමි.
2644. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2644. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2645. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2645. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා මඝවපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඝවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඝවපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
මඝවපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනි යි.
286. උපට්ඨාකදායකත්ථෙරාපදානං.
286. උපට්ඨාකදායක ස්ථවිරාවදානය
2646. රථියං පටිපජ්ජන්තං ආහුතීනං පටිග්ගහං, දිපදින්දං මහානාගං ලොකජෙට්ඨං නරාසභං.
2646. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
2647. පක්කොසාපිය තස්සාහං සබ්බලොකහිතෙසිනො, උපට්ඨාකො මයා දින්නො සිද්ධත්ථස්ස මහෙසිනො.
2647. මම (උපස්ථායකයකු) කැඳවා සර්වලෝක හිතෛෂී වූ ඒ සිදුහත් බුදුරජුන් හට මා විසින් (ඒ) උපස්ථායකයා දෙන ලදී.
2648. පටිග්ගහෙත්වා සම්බුද්ධො නිය්යාතෙසි මහාමුනි, උට්ඨාය ආසනා තම්හා පක්කාමි පාචිනාමුඛො.
2648. මහාමුනි වූ සර්වඥ තෙමේ (උපස්ථායකයා) පිළිගෙණ (ආපසු මට පාවා දුනි) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්‍රාචීන දිශාභිමුඛව (=නැගෙනහිරට මුහුණ ලා) වැඩියේ ය.
2649. චතුනවුතෙ ඉතො කප්පෙ උපට්ඨාකමදං තදා, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
2649. මෙයින් සිවුඅනූවනු කපෙහි උපස්ථායකයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (උපස්ථායකදානයෙහි) උවැටැනෙහි මේ විපාක යි.
2650. සත්තපඤ්ඤාසීතො කප්පෙ බලසෙන සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2650. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙකිම් වීමි.
2651. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2651. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා උපට්ඨාකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපට්ඨාකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපට්ඨාකදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨමං.
උපට්ඨාකදායක ස්ථවිරාවදානය සවැනි යි.
287. අපදානියත්ථෙරාපදානං.
287. අපදානිය ස්ථවිරාවදානය
2652. අපදානං සුගතානං කිත්තයිං’හං මහෙසිනො, පාදෙ ච සිරසා වන්දිං පසන්නො සෙහි පාණිහි.
2652. මම මහර්ෂී වූ බුදුරජුන්හට තථාගතයන්ගේ අපදානය පැවැසීමි. පහන් වූයෙම් සියතින් ශ්‍රීපාදයන් ද හිස නමා වැන්දෙමි.
2653. ද්වෙනවුතෙ ඉතො කප්පෙ අපදානං පකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
2653. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගතාපදානයක් පැවසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අපදාන කීර්‍තනයෙහි (=තථාගතචරිතය පැසසීමෙහි) මේ විපාක යි.
2654. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2654. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා අපදානියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපදානිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අපදානියත්ථෙරස්ස අපදානං සත්තමං.
අපදානිය ස්ථවිරාවදානය සත්වැනි යි.
288. සත්තාහපබ්බජිතත්ථෙරාපදානං.
288. සත්තාහපබ්බජිත ස්ථවිරාවදානය
2655. විපස්සිස්ස භගවතො සඞ්ඝො සක්කතමානිතො, ව්යසනං මෙ අනුප්පත්තං ඤාතිභෙදො පුරෙ අහු.
2655. මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සත්කාර හා බුහුමන් කරණ ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේ ය. පෙර ඤාතීන් අතර භේදයක් ඇති විය.
2656. පබ්බජ්ජ මුපගන්ත්වාන ව්යසනූපසමාය’හං, සත්තාහාභිරතො තත්ථ සත්ථුසාසනකම්යතා.
2656. මම ඒ උවදුරින් සන්සිඳීම පිණිස බුදුසස්නෙහි රිසියෙන් පැවිදිව සතියක් එහි ඇලුනෙම් විසීමි.
2657. එකනවුතෙ ඉතො කප්පෙ යමහං පබ්බජිං තදා, දුග්ගතිං නාභිජානාමි පබ්බජ්ජාය ඉදං ඵලං.
2657. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම් පැවිදි වූයෙම් ද (ඒ පැවිදි වීම හේතු කොට ගෙණ) දුගතියක් නො දනිමි. පැවිද්දෙහි මේ විපාක යි.
2658. සත්තසට්ඨිම්හිතො කප්පෙ සත්ත ආසුං මහීපතී, සුනික්ඛමාති ඤායන්ති චක්කවත්තී මහබ්බලා.
2658. මෙයින් සත්සැටවනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සුනික්ඛම නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
2659. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2659. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සත්තාහපබ්බජිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහපබ්බජිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තාහපබ්බජිතත්ථෙරස්ස අපදානං අට්ඨමං.
සත්තාහපබ්බජිත ස්ථවිරාවදානය අටවැනි යි.
289. බුද්ධුපට්ඨාකත්ථෙරාපදානං
289. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
2660. වෙටම්බරීති මෙ නාමං පිතුසන්තං මමං තදා, මම හත්ථං ගහෙත්වාන උපානයි මහාමුනිං.
2660-2661. මාගේ නම වෙටම්බරී ය. එකල්හි මාගේ පියතෙම මේ ලෝකාග්‍රනායක වූ බුදුවරු මට දහම් දෙසන්නාහු යයි කියා මාගේ අත ගෙණ බුදුරජුන් වෙත පැමිණ වීය. මම පහන් වූයෙම් සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.
2661. ඉමෙ මං උද්දිසිස්සන්ති බුද්ධා ලොකග්ගනායකා, තෙ’හං උපට්ඨිං සක්කච්චං පසන්නො සෙහි පාණිහි.
2662. එකතිංසෙ ඉතො කප්පෙ බුද්ධෙ පරිචරිං තදා, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
2662. මෙයින් එස්තිස්වන කපෙහි වූ එකල්හි බුදුවරුන්හට පරිචරණය (=වතාවත්) කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාක යි.
2663. තෙවීසම්හි ඉතො කප්පෙ චතුරො ආසු ඛත්තියා, සමණුපට්ඨාකා නාම චක්කවත්තී මහබ්බලා.
2663. මෙයින් තෙවිසිවන කපෙහි මහත් බල ඇති සමණුපට්ඨාක නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2664. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2664. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා බුද්ධුපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධුපට්ඨාකත්ථෙරස්ස අපදානං නවමං.
බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය නවවැනි යි.