යෙදුමෙන් කියවන්න

290. පුබ‍්බඞ‍්ගමියත්‍ථෙරාපදානං

290. පුබ‍්බඞ‍්ගමියත්‍ථෙරාපදානං.

290. පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය

2665. චුල‍්ලාසීතිසහස‍්සානි පබ‍්බජිම‍්හ අකිඤ‍්චනා, තෙසං පුබ‍්බඞ‍්ගමො ආසිං උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා.

2665. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලැබීම පිණිස අසූහාරදහසක් දෙනා (කිසිදු වස්තුවක් නො මැති බැවින්) අකිඤ්චක වූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.

2666. සරාගා සභවා චෙතෙ විප‍්පස‍්නනමනාවිලා, උපට‍්ඨහිංසු සක‍්කච‍්චං පසන‍්නා සෙහි පාණිහි.

2666. පැහැදුනු නො කැලඹුනු මොවුහු රාග සහිතයෝ ය. භවෝත්පත්තිය නැති නො කොළෝය. පහන් සිත් ඇති (රහත්නට) සියතින් ම මැනවින් උවටැන් කළාහුය.

2667. ඛීණාසවා වන‍්තදොසා කතකිච‍්චා අනාසවා, ඵරිංසු මෙත‍්තචිත‍්තෙන සයම‍්භූ අපරාජිතා.

2667. ක්‍ෂය කළ ආශ්‍රව ඇති, දුරු කළ කෙලෙස් දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ (උන්වහන්සේ) හැමදෙන (අප කෙරෙහි) මෙත් සිත පැතිර වූහ.

2668. තෙසං උපට‍්ඨහිත්‍වාන සම‍්බුද‍්ධානං පතිස‍්සතො, මරණඤ‍්ච අනුප‍්පත‍්තො දෙවත‍්තඤ‍්ච අගම‍්හසෙ.

2668. ඒ සියලු සම්බුදුවරයන් වහන්සේට උවටැන් කොට එළඹ සිටි සිහි ඇතිව මරණයට පැමිණියමෝ දේවත්‍වයට ද ගියෙමු.

2669. චතුනවුතෙ ඉතො කප‍්පෙ යා සීලමනුපාලයිං, දුග‍්ගතිං නාභිජානාමි සඤ‍්ඤමස‍්ස ඉදං ඵලං.

2669. මෙයින් සිවුඅනූවන කපෙහි යම් සීලයක් රැකියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සංයමයාගේ මේ විපාක යි.

2670. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2670. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුබ‍්බඞ‍්ගමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පුබ‍්බඞ‍්ගමියත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

පණ‍්ණං ඵලං පච‍්චුග‍්ගමං එකපුප‍්ඵී ච මඝවා උපට‍්ඨාකාපදානඤ‍්ච පබ‍්බජ‍්ජා බුද‍්ධුපට‍්ඨාකො පුබ‍්බඞ‍්ගමො ච ගාථායො අට‍්ඨතාළීස කිත‍්තිතාති.

පණ්ණ ඵල පච්චුග්ගමිය - ඒකපුප්ඵි මාඝව උපට්ඨාන අපදාන - පබ්බජ්ජා බුද්ධුපට්ඨාක පුබ්බඞ්ගම ද දසවත් - අටසාළිස් ගයෙක් වේ.

පණ‍්ණාදායකවග‍්ගො එකූනතිංසතිමො.

පර්‍ණදායක වර්‍ගය එකුන්තිස්වනු යි.