291. චිතකපූජකත්ථෙරාපදානං
291. චිතකපූජකත්ථෙරාපදානං.
291. චිතකපූජක ස්ථවිරාවදානය
2671. අජිතො නාම නාමෙන අහොසිං බ්රාහ්මණො තදා, ආහුතිං යිට්ඨුකාමො’හං නානාපුප්ඵං සමානයිං.
2671. එකල්හි මම අජිත නම් බමුණෙකිම් වීමි. පූජාවක් කරණු කැමැත්තෙම් නොයෙක් මල් රැස් කෙළෙමි.
2672. ජලන්තං චිතකං දිස්වා සිඛිනො ලොකබන්ධුනො, තං ච පුප්ඵං සමානෙත්වා චිතකෙ ඔකිරිං අහං.
2672. සිඛී බුදුරජානන් වහන්සේගේ සෑය දැක මම ඒ සියලු මල් ගෙණවුත් එයින් සෑය පිදීමි.
2673. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2673. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2674. සත්තවීසෙ ඉතො කප්පෙ සත්තාසුං මනුජාධිපා, සුපජ්ජලිතනාමා තෙ චක්කවත්තී මහබ්බලා.
2674. මෙයින් සත්විසිවන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති සුපජ්ජලිත නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2675. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2675. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජකත්ථෙරස්ස අපදානං පඨමං.
චිතකපූජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
292. පුප්ඵධාරකත්ථෙරාපදානං
292. පුප්ඵධාරක ස්ථවිරාවදානය
2676. වාකචීරධරො ආසිං අජිනුත්තරවාසනො, අභිඤ්ඤාපඤ්චනිබ්බත්තා චන්දස්ස පරිමජ්ජකො.
2676. (මම) වැහැරි සිවුරු දරණ, එකස් කොට හැඳගත් අඳුන් දිවි සම් ඇති, ඉපද වූ පඤ්චාභිඥා ඇති, සඳ පිරිමැදීමෙහි සමත් (=ඉදුමත්) තවුසෙකිම් වීමි.
2677. විපස්සිං ලොකපජ්ජොතං දිස්වා අභිගතං මම, පාරිච්ඡත්තකපුප්ඵානි ධාරෙසිං සත්ථුනො අහං.
2677. මා සමීපයට වැඩියා වූ මුළු ලොවට පහනක් බඳු වූ විපස්සී බුදුරජුන් දැක මම ඒ ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙණවුත් කුඩයක් කොට) දැරීමි.
2678. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිධාරයිං, දුග්ගතිං නාභිජානාමි ධාරණාය ඉදං ඵලං.
2678. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් සැතක් දැරුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත්රය (=මල්කූඩය) ක් දැරීමෙහි මේ විපාක යි.
2679. සත්තාසීතිම්භිතො කප්පෙ එකො ආසිං මහීපති, සමන්තධාරණො නාම චක්කවත්තී මහබ්බලො.
2679. මෙයින් සත්අසූවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විත්තෙකිම් වීමි.
2680. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2680. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පුප්ඵධාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුප්ඵධාරකත්ථෙරස්ස අපදානං දුතියං.
පුප්ඵධාරක ස්ථවිරාවදානය දෙවනු යි.
293. ඡත්තදායකත්ථෙරාපදානං.
293. ඡත්තදායක ස්ථවිරාවදානය
2681. පුත්තො මම පබ්බජිතො කාසායවසනො තදා, සො ච බුද්ධත්තං සම්පත්තො නිබ්බුතො ලොකපූජිතො.
2681. එකල්හි මාගේ පුත්ර තෙමේ කසාවත් හැඳගත් පැවිද්දෙක් විය. හෙතෙම ශ්රාවක බෝධිය (රහත් බව) ට පැමිණියේ ලෝකයා විසින් පුදනු ලැබුවෙක් ව පිරිනිවන් පෑයේ ය.
2682. විචිනන්තො සකං පුත්තං අගමං පච්ඡතො අහං, නිබ්බුතස්ස මහන්තස්ස චිතකං අගමාසහං.
2682. මම සිය පුතු සොයමින් පසුපසින් ගියෙමි. මම පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ සෑය වෙත පැමිණියෙමි.
2683. පග්ගය්හ අඤ්ජලිං තත්ථ වන්දිත්වා චිතකං අහං, සෙතච්ඡත්තඤ්ච පග්ගය්හ ආරොපෙසිං අහං තදා.
2683. මම එහි ඇඳිලි බැඳගෙණ සෑය වැඳ එකල්හි ශ්වේතච්ඡත්රයක් ද ගෙණ (සෑයට) නැංවීමි.
2684. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඡත්තමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ඡත්තදානස්සිදං ඵලං.
2684. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඡත්රපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්රදානයාගේ මේ විපාක යි.
2685. පඤ්චවීසෙ ඉතො කප්පෙ සත්ත ආසුං ජනාධිපා, මහාරහ සනාමා තෙ චක්කවත්තී මහබ්බලා.
2685. මෙයින් පස්විසිවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරහ නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2686. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2686. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ඡත්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඡත්තදායකත්ථෙරස්ස අපදානං තතියං.
ඡත්තදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
294. සද්දසඤ්ඤකත්ථෙරාපදානං.
294. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
2687. අනුග්ගතම්භි ආදිච්චෙ පනාදො විපුලො අහු, බුද්ධසෙට්ඨස්ස ලොකම්හි පාතුභාවො මහෙසිනො.
2687. හිරු උදාවන්නටත් පෙර ප්රනාදය මහත් විය. (මෙය) මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ ලොව පහළවීම යි.
2688. සද්දමස්සොසහං තත්ථ න ච පස්සාමි තං ජිනං, මරණෙ ච අනුප්පත්තෙ බුද්ධසඤ්ඤමනුස්සරිං.
2688. (ගිලන්ව ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්දය ඇසීමි. ඒ බුදුරජුන් නො දිටිමි. මරණය ලං වූ කල්හි ද බුද්ධ යන නාමය මෙනෙහි කෙළෙමි.
2689. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
2689. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධ යන හැඟීමක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවගේ මේ විපාක යි.
2690. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2690. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සද්දසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.