295. ගොසීසනික්ඛෙපකත්ථෙරාපදානං
295. ගොසීසනික්ඛෙපකත්ථෙරාපදානං.
295. ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය
2691. ආරාමද්වාරා නික්ඛම්ම ගොසීසං සන්ථතං මයා, අනුභොමි සකං කම්මං පුබ්බකම්මස්සිදං ඵලං.
2691. මා විසින් (භික්ෂුසඞ්ඝයා) අරම් දොරින් නික්මෙන (මඩසහිත) මගෙහි ගවහිස් කබලක් අතුරණ ලදි. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්මයේ විපාකය විඳිමි. පූර්ව කර්මයාගේ මේ විපාකය යි.
2692. ආජානීයා වාතජවා සින්ධවා සීඝවාහනා, අනුභොමි සබ්බමෙතං ගොසීසස්ස ඉදං ඵලං.
2692. ආජානීය අශ්වයෝ ද වාතවේගයෙන් දුවන වාතජව අශ්වයෝ ද සෛන්ධව (සින්ධුදේශයේ උපන්) අශ්වයෝ ද යන මේ සියලු ශීඝ්රවාහන (සම්පත්) අනුභව කරමි. ගව හිස් කබල (සඞ්ඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමෙහි මේ විපාකය යි.
2693. අහො කාරං පරමකාරං සුඛෙත්තෙ සුකතං මයා, සඞ්ඝෙ කතස්ස කාරස්ස න අඤ්ඤං කලමග්ඝති.
2693. පුණ්යකර්මය ආශ්චර්ය්යයි. මා විසින් සරු කෙතෙහි උතුම් පින්කමක් කරණ ලදි. සඞ්ඝයා විෂයයෙහි කරණ ලද උපකාරය සසඳන විට අනික් සත්කාරයක් (එයින්) කලාවකට ද නො අගී.
2694. චතුනවුතෙ ඉතො කප්පෙ යං සීසං සන්ථරිං අහං, දුග්ගතිං නාභිජානාමි සන්ථරස්ස ඉදං ඵලං.
2694. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගමන් පහසුව ඇතිවන සේ සඞ්ඝයා සඳහා ගෙරි හිස් කබල) ඇතිරීමේ මේ විපාකය යි.
2695. පඤ්චසත්තතිකප්පම්භි සුප්පතිට්ඨිත නාමකො, එකො ආසිං මහාතෙජො චක්කවත්තී මහබ්බලො.
2695. පන්සැත්තෑවන කපෙහි මහත් බල ඇති අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජෙක් වීමි.
2696. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2696. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ගොසීසනික්ඛෙපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගෝසීසනික්ඛේපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගොසීසනික්ඛෙපකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය පස්වැනි යි.