296. පාදපූජකත්ථෙරාපදානං
296. පාදපූජකත්ථෙරාපදානං.
296. පාදපූජක ස්ථවිරාවදානය
2697. පබ්බතෙ හිමවන්තම්භි අහොසිං කින්නරො තදා, අද්දසං විරජං බුද්ධං පීතරංසිංව භානුමං.
2697. එකල්හි මම හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. එහි රන්වන් රස් ඇති උදා හිරු මෙන් බබලන බුදුරජුන් දිටිමි.
2698. උපෙතං තමහං බුද්ධං විපස්සිං ලොකනායකං, චන්දනං තගරඤ්චාපි පාදෙ ඔසිඤ්චහං තදා.
2698. (තමා සිටින තැනට) වැඩියා වූ ලෝකනායක වූ ඒ විපස්සී බුදුරජුන් දැක මම සිරිපා මුල සඳුන් ද තුවරලා ද ඉස්සෙමි.
2699. චතුනවුතෙ ඉතො කප්පෙ යං පාදමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි පාදපූජායිදං ඵලං.
2699. මෙයින් එක්අනූවන කපෙහි යම් ශ්‍රීපාද පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිරිපා පීදිමෙහි මේ විපාකය යි.
2700. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2700. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පාදපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පාදපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
පාදපූජක ස්ථවිරාවදානය සවැනි යි.
297. දෙසකිත්තකත්ථෙරාපදානං
297. දෙසකිත්තක ස්ථවිරාවදානය
2701. උපසාළ්හක නාමො’හං අහොසිං බ්රාහ්මණො තදා, කානනං වනමොගාළ්හං ලොකජෙට්ඨං නරාසභං.
2701. එකල්හි මම උපසාළ්හක නම් බමුණෙක් වීමි. මහවනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වූ පරම පුරුෂ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ
2702. දිස්වාන වන්දිං පාදෙසු ලොකාහුතිපටිග්ගහං, පසන්නචිත්තං මා ඤත්වා බුද්ධො අන්තරධායථ.
2702. බුදුරජුන් දැක සිරිපා වැන්දෙමි. පහන් සිත් ඇති මා දැන බුදුරජ තෙම අතුරුදහන් විය.
2703. කානනා අභිනික්ඛම්ම බුද්ධසෙට්ඨමනුස්සරිං, තං දෙසං කිත්තයිත්වාන කප්පං සග්ගම්හි මොදහං.
2703. වනයෙන් නික්ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. (බුදුරජුන් වැඩියා වූ) ඒ දෙසට පසසා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටු වීමි.
2704. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං දෙසමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
2704. මෙයින් දෙයානූවන කපෙහි (බුදුරජුන් වැඩියා වූ ඒ) යම් දෙසකට පැසසූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
2705. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා දෙසකිත්තකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසකිත්තක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දෙසකිත්තකත්ථෙරස්ස අපදානං සත්තමං.
දෙසකිත්තක ස්ථවිරාවදානය සත්වැනි යි.
298. සරණගමනියථෙරාපදානං.
298. සරණගමනිය ස්ථවිරාවදානය
2706. පබ්බතෙ හිමවන්තම්භි අහොසිං ලුද්දකො අහං, විපස්සිං අද්දසං බුද්ධං ලොකජෙට්ඨං නරාසභං.
2706. මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2707. උපාසිත්වාන සම්බුද්ධං වෙය්යාවච්චමකාසහං, සරණඤ්ච උපාගච්ඡිං දිපදින්දස්ස තාදිනො.
2707. මම සම්බුදුරජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (=අටලෝදහමින් නොසැලෙන) බුදුවරයන් වහන්සේ සරණ ද ගියෙමි.
2708. එකනවුතෙ ඉතො කප්පෙ සරණං යමගච්ඡහං, දුග්ගතිං නාභිජානාමි සරණගමනප්ඵලං.
2708. මම මෙයින් එක්අනූවන කපෙහි බුදුරජුන් සරණ කොට ගියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ සරණගමනයෙහි විපාකය යි.
2709. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2709. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
සරණගමනිය ස්ථවිරාවදානය අටවැනි යි.
299. අම්බපිණ්ඩියත්ථෙරාපදානං.
299. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
2710. රොමසො නාම නාමෙන දානවො ඉති විස්සුතො, අම්බපිණ්ඩී මයා දින්නා විපස්සිස්ස මහෙසිනො,
2710. එකල්හි නමින් රෝමස නම් වූ මම දානව යයි ප්‍රකට වූයෙම් වීමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹකැනක් දෙන ලදි.
2711. එකනවුතෙ ඉතො කප්පෙ යමම්බමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අම්බදානස්සිදං ඵලං.
2711. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
2712. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2712. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අම්බපිණ්ඩියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බපිණ්ඩියත්ථෙරස්ස අපදානං නවමං.
අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නවවැනි යි.