300. අනුසංසාවකත්‍ථෙරාපදානං
300. අනුසංසාවකත්‍ථෙරාපදානං.
300. අනුසංසාවක ස්ථවිරාවදානය
2713. පිණ‍්ඩාය චරමානාහං විපස‍්සිං අද‍්දසං ජානං, උළුඞ‍්කභික‍්ඛං පාදාසිං දිපදින්‍දස‍්ස තාදිනො.
2713. මම පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන් දිටිමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (ඒ බුදුරජුන්හට) සැන්දක් පමණ වූ භික්‍ෂාව දිනිමි.
2714. පසන‍්නචිත‍්තො සුමනො අභිවාදෙසහං තදා, අනුසංසාවයිං බුද‍්ධං උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා.
2714. මම එකල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස බුදුරජුන් පැසසීමි.
2715. චතුනවුතෙ ඉතො කප‍්පෙ අනුසංසාවයිං අහං, දුග‍්ගතිං නාභිජානාමි අනුසංසාවනාඵලං.
2715. මෙයින් එක්අනූවන කපෙහි මම (බුදුරජුන්) පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
2716. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං
2716. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා අනුසංසාවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුසංසාවකත්‍ථෙරස‍්ස අපදානං දසමං.
අනුසංසාවක ස්ථවිරාවදානය දසවැනි යි.
උද‍්දානං:
උද්දානය:
චිතකං පාරිඡත‍්තො ච සද‍්ද ගොසීසසන්‍ථරං පදං පදෙසං සරණං අම‍්බො සංසාවකො පි ච සත‍්තතාළිස ගාථායො ගණිතායො විභාවිහි.
චිතක පාරිච්ඡත්ත සද්ද ගොසීසසන්‍ථර පද පදෙස් සරණ ද අම්බ සහ සංසාවක ද සත්සාළිස් ගයෙක් ගැණිනී ගණන් දතුවන්
චිතකපූජකවග‍්ගො තිංසතිමො.
චිතකපූජක වර්‍ගය තිස්වනු යි.
අථ වග‍්ගුද‍්දානං:
යලි වර්‍ග උද්දානය:
කණිකාරො හත්‍ථිදදො ආලම‍්බණුදකාසනං තුවරං ථොමකො වෙච උක‍්ඛෙපං සීසුපධානං පණ‍්ණදො චිතපූජී ච ගාථායො චෙව සබ‍්බසො චත‍්තාරි ච සතානීහ එකපඤ‍්ඤාසමෙව ච. පඤ‍්චවීසසතා සබ‍්බා ද‍්වාසත‍්තති තදුත‍්තරි, තිසතං අපදානානං ගණිතා අත්‍ථදස‍්සිහි.
කණිකාර හත්‍ථිද්ද ආලම්බනු දකාසන, තුවර ථොමක සහ උක්ඛේප සීසූපධාන ද. පණ්ණද චිතකපූජිදැයි සැම ලෙසින් ඇති මෙහි ගී, සතරෙක් ද සියයක් එක්පණසෙක් ද යලි එහි, පස්විසි සියක් හා දෙසැත්තෑවකි උතුරා, අපදාන තෙසියක් මෙහි මෙතෙක් ගයින් කියන ලදී.
තතියං සතකං සමත‍්තං.
තෙවෙනි සියය නිමියේ ය.