301. පදුමකෙසරියත්ථෙරාපදානං
301. පදුමකෙසරියත්ථෙරාපදානං.
301. පදුමකේසරිය ස්ථවිරාවදානය
2717. ඉසිසඞ්ඝෙ අහං පුබ්බෙ ආසිං මාතඞ්ගවාරණො, මහෙසීනං පසාදෙන පදමකෙසරමොකිරිං
2717. මම පෙර පසේබුදුවරුන් වහන්සේ මැද මාතඞ්ග හස්ති කුලයෙහි උපන් ඇතෙක් වීමි. පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පියුම් කෙසුරු විසිර වීමි.
2718. පච්චෙකජිනසෙට්ඨෙසු ධුතරාගෙසු තාදිසු, තෙසු චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං.
2718. පිඹ හළ රාග ඇති තාදී ගුණ යුත් (=අටලෝ දහමින් නො සැලෙන) ඒ පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටු වීමි.
2719. එකනවුතෙ ඉතො කප්පෙ කෙසරං ඔකිරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2719. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසුරු විසිරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2720. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2720. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පදුමකෙසරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමකෙසරියත්ථෙරස්ස අපදානං පඨමං.
පදුමකේසරිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
302. සබ්බගන්ධියත්ථෙරාපදානං.
302. සබ්බගන්ධිය ස්ථවිරාවදානය
2721. ගන්ධමාලං මයා දින්නං විපස්සිස්ස මහෙසිනො, අදාසිං උජුභූතස්ස කොසෙය්යං වත්ථමුත්තමං.
2721. විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. (=එසේ ම කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ උන්වහන්සේට උතුම් කෝසෙය්‍ය වස්ත්‍රයක් (හැම සුවඳ ගන්වා) දිනිමි.
2722. එකනවුතෙ ඉතො කප්පෙ යං ගන්ධමදදිං පුරෙ, දුග්ගතිං නාභිජානාමි ගන්ධදානස්සිදං ඵලං.
2722. මෙයින් එක් අනූවන කපෙහි වූ ඒ අතීතයෙහි යම් ගන්‍ධදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගන්‍ධදානයෙහි මේ විපාක යි.
2723. ඉතො පණ්ණරසෙ කප්පෙ සුචෙලො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2723. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචෙල නම් සක්විති රජෙකිම් වීමි.
2724. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සබ්බගන්ධියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්ධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බගන්ධියත්ථෙරස්ස අපදානං දුතියං.
සබ්බගන්ධිය ස්ථවිරාවදානය දෙවැනි යි.
303. පරමන්නදායකත්ථෙරාපදානං.
303. පරමන්නදායක ස්ථවිරාවදානය
2725. ණිකාරං’ව ජොතන්තං උදයන්තං’ව භානුමං, විපස්සිමද්දසං බුද්ධං ලොකෙජෙට්ඨං නරාසභං.
2725. කිණිහිරි රුකක් මෙන් ද උදාවන හිරු මෙන් ද බබලන ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2726. අඤ්ජලිම්පග්ගහෙත්වාන අභිනෙසිං සකං ඝරං, අභිනෙත්වාන සම්බුද්ධං පරමන්නං අදාසහං.
2726. මම ඇඳිලි බැඳ (ඒ බුදුරජුන්) සිය ගෙදොරට පමුණුවා සම්බුදුරජුන්හට වරබොජුන දිනිමි.
2727. එකනවුතෙ ඉතො කප්පෙ පරමන්නං දදිං තදා, දුග්ගතිං නාභිජානාමි පරමන්නස්සිදං ඵලං.
2727. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි උතුම් ආහාරදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උතුම් ආහාරදානයාගේ මේ විපාක යි.
2728. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2728. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පරමන්නදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරමන්නදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පරමන්නදායකත්ථෙරස්ස අපදානං තතියං.
පරමන්නදායක ස්ථවිරාවදානය තෙවැනි යි.