යෙදුමෙන් කියවන්න

304. ධම‍්මසඤ‍්ඤකත්‍ථෙරාපදානං

304. ධම‍්මසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

304. ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය

2729. විපස‍්සිනො භගවතො මහාබොධිමහො අහු, රුක‍්ඛට‍්ඨෙ යෙව සම‍්බුද‍්ධෙ ලොකජෙට‍්ඨෙ නරාසභෙ.

2729. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් බෝරුක්මුල්හි සිටියදී ම (නොහොත් බුදුරජුන් බෝරුක්මුල සිටින කල්හි) මෙන් සිතා (සිදුකරණ) විපස්සී බුදුරජුන් පිළිබඳ මහාබෝධි පූජාවක් විය.

2730. භගවා තම‍්හි සමයෙ භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො, චතුසච‍්චං පකාසෙති වාචාසභිමුදීරයං.

2730. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු අභීත වචනයෙන් චතුස්සත්‍යය වදාරණ සේකි.

2731. සඞ‍්ඛිත‍්තෙන ච දෙසෙන‍්තො විත්‍ථාරෙන ච දෙසයං, විවට‍්ටච‍්ඡදො සම‍්බුද‍්ධො නිබ‍්බාපෙසි මහාජනං.

2731. විසුළ කෙලෙස් සෙවෙනි ඇති ඒ සම්බුදුරජ තෙම සැකෙවින් ද විතර විසින් ද (දහම්) දෙසමින් මහාජනයා නිවණට පැමිණ වීය.

2732. තස‍්සාහං ධම‍්මං සුත්‍වාන ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ පක‍්කාමි උත‍්තරාමුඛො.

2732. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණ ඇති උන්වහන්සේගේ ධර්‍මය අසා (එම) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.

2733. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ධම‍්මමසුණිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ධම‍්මසඤ‍්ඤායිදං ඵලං.

2733. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්‍මයක් ඇසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මසංඥායෙහි මේ විපාක යි.

2734. තෙත‍්තිංසම‍්හි ඉතො කප‍්පෙ එකො ආසිං මහීපති, සුතවා නාම නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

2734. මෙහින් තෙතිස්වනු කපෙහි මහත් බල ඇති පෘථිවීශ්වර වූ සුතවා නම් සක්විති රජෙකිම් වීමි.

2735. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2735. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ධම‍්මසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ධම‍්මසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය සිව්වැනි යි.