යෙදුමෙන් කියවන්න

305. ඵලදායකත්‍ථෙරාපදානං

305. ඵලදායකත්‍ථෙරාපදානං.

305. ඵලදායක ස්ථවිරාවදානය

2736. භාගීරථීනදීතීරෙ අහොසි අස‍්සමො තදා, තමහං අස‍්සමං ගච‍්ඡිං ඵලහත්‍ථො අපෙක‍්ඛවා.

2736. එකල්හි භාගීරථි නදීතීරයෙහි අසපුක් විය. මම පලතුරු ගත් අත් ඇත්තෙම් බලාපොරොත්තු සහිත වූයෙම් ඒ අසපුවට ගියෙමි.

2737. විපස‍්සිං තත්‍ථ අද‍්දක‍්ඛිං පීතරංසිං’ව භානුමං, යං මෙ අත්‍ථි ඵලං සබ‍්බං අදාසිං සත්‍ථුනො අහං.

2737. එහි දී රන්වන් රස් ඇති (උදාවන හිරු මෙන් බබලන්නා) වූ විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්‍ගයක් වී ද ඒ සියලු ඵල මම ඒ බුදුරුන්හට දිනිමි.

2738. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

2738. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

2739. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2739. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ඵලදායකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

ඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.