306. සම්පසාදකත්ථෙරාපදානං
306. සම්පසාදකත්ථෙරාපදානං.
306. සම්පසාදක ස්ථවිරාවදානය
2740. නමො තෙ බුද්ධවීරත්ථු විප්පමුත්තොසි සබ්බධි, ව්යසනං හි අනුප්පත්තො තස්ස මෙ සරණං භව.
2740. බුද්ධවීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ සියලු ස්කන්ධ ධාතු ආයතනයන්ගේ මිදුනේ වෙහි ය. මම දුකට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
2741. සිද්ධත්ථො තස්ස ව්යාකාසි ලොකෙ අප්පටිපුග්ගලො, මහොදධිසමො සඞ්ඝො අප්පමෙය්යො අනුත්තරො.
2741. ලෝකයෙහි අනුපම පුද්ගල වූ සිද්ධාර්ත්ථ බුදුරජ තෙමේ ඔහට මෙසේ වදාළේ ය. සඞ්ඝ තෙමේ මහසයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේ ය. අපමණ ගුණ ඇත්තේ ය. අනුත්තර වූ ගුණ ඇත්තේ ය.
2742. තත්ථ ත්වං විරජෙ ඛෙත්තෙ අනන්තඵලදායකෙ, සඞ්ඝො චිත්තං පසාදෙහි සුබීජං වාපි රොපය.
2742. අනන්ත විපාක දෙන්නා වූ (කෙලෙස්) රජස් රහිත (පුණ්‍ය) ක්ෂේත්රය වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නැමැති මනා බිජුවට ද රෝපණය කරණු මැනව (කියායි.)
2743. ඉදං වත්වාන සබ්බඤ්ඤූ ලොකජෙට්ඨො නරාසභො, මමෙවං අනුසාසිත්වා වෙහාසං නභමුග්ගමි.
2743. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්වඥ තෙමේ මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගේ ය.
2744. අචිරං ගතමත්තම්හි සබ්බඤ්ඤුම්හි නරාසභෙ, මරණං සමනුප්පත්තො තුසිතං උපපජ්ජහං.
2744. නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් වැඩි නොබෝ වෙලාවකින් මම මරණයට පත්වූයෙම් තුසිතයෙහි උපනිමි.
2745. තදාහං විරජෙ ඛෙත්තෙ අනන්තඵලදායකෙ, සඞ්ඝෙ චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං.
2745. එකල්හි මම (කෙලෙස්) රජස් විරහිත අනන්ත ඵලදායක වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්ගයෙහි සතුටු වීමි.
2746. චතුනවුතෙ ඉතො කප්පෙ පසාදමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි පසාදස්ස ඉදං ඵලං.
2746. මෙහින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සඞ්ඝයා කෙරෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
2747. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2747. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සම්පසාදාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සම්පසාදකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
සම්පසාදක ස්ථවිරාවදානය සවැනි යි.