යෙදුමෙන් කියවන්න

307. ආරාමදාකත්‍ථෙරාපදානං

307. ආරාමදාකත්‍ථෙරාපදානං.

307. ආරාමදායක ස්ථවිරාවදානය

2748. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ආරාමො රොපිතො මයා, සන්‍දච‍්ඡායෙසු රුක‍්ඛෙසු උපසන‍්තෙසු පක‍්ඛිසු.

2748. මා විසින් සිදුහත් බුදුරජුන්හට ආරාමයක් රෝපණය කරණ ලදී. ගණසා සෙවනලු රුක්හි පක්‍ෂීන් (කැදලිතුළට වී) සන්සුන් වන (සවස්) කල්හි.

2749. අද‍්දසං විරජං බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, ආරාමං අතිනාමෙසිං ලොකජෙට‍්ඨං නරාසභං.

2749. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ (කෙලෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි. දැක ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන්හට අරම පිළිගැන්වීමි.

2750. හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන ඵලං පුප‍්ඵඤ‍්චදාසහං, තතො ජාතප‍්පසාදො ච තං වනං පරිණාමයිං.

2750. මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ගෙඩි ද මල් ද (උන්වහන්සේට) පිදීමි. ඉක්බිති හටගත් ප්‍රසාද ඇත්තෙම් ම එම වන (අරම) පිරිනැමීමි.

2751. බුද‍්ධස‍්ස යමිදං දාසිං විප‍්පසන‍්නෙන චෙතසා, භවෙ නිබ‍්බත‍්තමානම‍්හි නිබ‍්බත‍්තති ඵලං මම.

2751. පැහැදි සිතින් බුදුරජුන්හට යම් ඒ ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට ඵලවර්‍ග නොහොත් කුශල විපාකය උපදී.

2752. චතුනවුතෙ ඉතො කප‍්පෙ යමාරාමං දදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ආරාමස‍්ස ඉදං ඵලං.

2752. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආරාමදානයාගේ මේ විපාක යි.

2753. සත‍්තතිංසෙ ඉතො කප‍්පෙ සත‍්තාසුං මුදුසීතලා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

2753. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මුදුසීතල නම් සත් සක්විති රජකෙනෙක් වූහ.

2754. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2754. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ආරාමදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරාමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ආරාමදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

ආරාමදායක ස්ථවිරාවදානය සත්වැන්න යි.