308. අනුලෙපදායකත්ථෙරාපදානං
308. අනුලෙපදායකත්ථෙරාපදානං.
308. අනුලේපදායක ස්ථවිරාවදානය
2755. අත්ථදස්සිස්ස මුනිනො අද්දසං සාවකං අහං, කවකම්මං කරොන්තස්ස සීමාය උපගච්ඡහං.
2755. මම අත්ථදස්සී බුදුරජුන්ගේ ශ්‍රාවකයකු දිටිමි. සීමාවක නවකම් කරද්දී මම එතැනට එළඹියෙමි.
2756. නිට්ඨිතෙ නවකම්මෙ ච අනුලෙපමදාසහං, පසන්නචිත්තො සුමනො පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
2756. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර සඞ්ඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් නවකම් නිමි කල්හි මම එහි සුණු ආලේප කෙළෙමි.
2757. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි අනුලෙපස්සිදං ඵලං.
2757. මෙයින් එක්දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුධාලේපන) කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අනුලේප දානයාගේ මේ විපාක යි.
2758. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2758. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අනුලෙපදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුලෙපදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
අනුලේපදායක ස්ථවිරාවදානය අටවැනි යි.
309. බුද්ධසඤ්ඤකත්ථෙරාපදානං.
309. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
2759. උදෙන්තං සතරංසිං’ව පීතරංසිං’ව භානුමං, වනන්තරගතං සන්තං ලොකජෙට්ඨං නරාසභං.
2759-2760. සියක් රැස් ඇති රන්වන් රැසින් යුත් උදාවන හිරු වැනි වනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වු නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්ත්ථ බුදුරජුන් සිහිනෙන් දිටිමි. මම එහි (=බුද්ධාලම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
2760. අද්දසං සුපිනන්තෙන සිද්ධත්ථං ලොකනායකං, තත්ථ චිත්තං පසාදෙත්වා සුගතිං උපපජ්ජහං.
2761. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
2761. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි බුද්ධාරම්මණයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (=බුද්ධාලම්බන ප්‍රීතියෙහි) මේ විපාක යි.
2762. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2762. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා බුද්ධසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධසඤ්ඤකත්ථෙරස්ස අපදානං නවමං.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.