යෙදුමෙන් කියවන්න

310. පබභාරදායකත්‍ථෙරාපදානං

310. පබභාරදායකත්‍ථෙරාපදානං.

310. පබභාරදායක ස්ථවිරාවදානය

2763. පියදස‍්සිනො භගවතො පබ‍්භාරො සොධිතො මයා, ඝටකඤ‍්ච උපට‍්ඨාසිං පරිභොගාය තාදිනො.

2763. මා විසින් සිදුහත් බුදුරජුන්හට ගල්පාතෙක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභොගය පිණිස (පැන්) කළයක් ද එළවා තැබීමි.

2764. තං මෙ බුද‍්ධො වියාකාසි පියදස‍්සී මහාමුනි, සහස‍්සකණ‍්ඩො සතභෙණ‍්ඩු ධජාලූ හරිතාමයො.

2764-2765. මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළේය. (කෙසේ ද යත්?) “දහසක් කඬ (බෙදුම්) ඇති ගෝලාකාර වූ සියයක් මුදුන් ඇති ධජයන්ගෙන් යුත් වූ කොළවන් වූ ඒ මහාප්‍රාසාදය ද අපමණ වූ රුවන් ද නිපදින්නේ ය” කියා යි. (මෙසේ) මම පබ්භාර (=ගල්තලු) දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සුව වින්දෙමි.

2765. නිබ‍්බත‍්තිස‍්සති සො යූපො රතනඤ‍්ච අනප‍්පකං, පබ‍්භාරදානං දත්‍වාන කප‍්පං සග‍්ගම‍්හි මොදහං.

2766. ඉතො බත‍්තිංසකප‍්පම‍්භි සුසුද‍්ධො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2766. මෙයින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් සුසුද්ධ නම් සක්විති රජෙකිම් වීමි.

2767. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2767. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පබ‍්භාරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පබ‍්භාරදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පබ්භාරදායක ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

කෙසරං ගන්‍ධ මන‍්නඤ‍්ච ධම‍්මසඤ‍්ඤී ඵලෙන ච, පසාදාරාමදායී ච ලෙපකො බුද‍්ධසඤ‍්ඤකො, පබ‍්භාරදො ච ගාථායො එකපඤ‍්ඤාස කිත‍්තිතා.

කේසරගන්‍ධ ආනන්‍ද ධම්මසඤ්ඤී ඵලද පාසාදාරාමදායී ලේපක බුද්ධසඤ්ඤක පබ්භාරැදැයි දසවත් එක්පණස් ගයිනි බැඳියේ.

පදුමකෙසරියවග‍්ගො එකතිංසතිමො.

පදුමකේසරිය වර්‍ගය එක්තිස් වනු යි.