යෙදුමෙන් කියවන්න

311. ආරක‍්ඛදායකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

311. ආරක‍්ඛදායකත්‍ථෙරාපදානං.

311. ආරක්ඛදායක ස්ථවිරාවදානය

2768. ධම‍්මදස‍්සිස‍්ස මුනිනො වති කාරාපිතා මයා, ආරක‍්ඛො ච මයා දින‍්නො දිපදින්‍දස‍්ස තාදිනො.

2768. ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරණ ලදී. තාදී ගුණ ඇති ද්විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්‍ෂාව ද දෙන ලදි.

2769. අට‍්ඨාරසෙ කප‍්පසතෙ යං කම‍්මමකරිං තදා, තෙන කම‍්මවිසෙසෙන පත‍්තො මෙ ආසවක‍්ඛයො.

2769. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙණ මා විසින් රහත්බව ලබන ලදි.

2770. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2770. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ආරක‍්ඛදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ආරක‍්ඛදායකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

ආරක්ඛදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.

312. භොජනදායකත්‍ථෙරාපදානං.

312. භෝජනදායක ස්ථවිරාවදානය

2771. සුජාතො සාලලට‍්ඨීව සොභඤ‍්ජනමිවුග‍්ගතො, ඉන්‍දලට‍්ඨිරිවාකාසෙ විරොචති සදා ජිනො.

2771. මැනවින් වැඩුන තරුණ සල්ගසක් මෙන් ද උස්ව නැගුනා වූ ශෝභනකවෘක්‍ෂයක් මෙන් ද, අහසෙහි දේදුන්නක් මෙන් ද බුදුරජතෙම හැම කල්හි බබළයි.

2772. තස‍්ස දෙවාතිදෙවස‍්ස වෙස‍්සභුස‍්ස මහෙසිනො, අදාසිං භොජනමහං විප‍්පසන‍්නෙන චෙතසා.

2772. මහර්ෂි වූ දේවාතිදේව වූ ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිතින් බොජුනක් දිනිමි.

2773. තං මෙ බුද‍්ධො අනුමොදි සයම‍්භූ අපරාජිතො, ‘භවෙ නිබ‍්බත‍්තමානම‍්හි ඵලං නිබ‍්බත‍්තතූ තව.’

2773. එය (පිළිගත්) සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම “භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්‍ය ඵලය නිපදේවා” යි මට අනුමෙවෙනි බණ දෙසීය.

2774. එකතිංසෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භොජනස‍්ස ඉදං ඵලං.

2774. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භොජනදානයාගේ මේ විපාක යි.

2775. පඤ‍්චවීසෙ ඉතො කප‍්පෙ එකො ආසිං අමිත‍්තභො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2775. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත්තභ නම් සක්විති රජෙක් වීමි.

2776. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2776. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා භොජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් භෝජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

භොජනදායකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

භෝජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.

313. ගතසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

313. ගතසඤ්ඤක ස්ථවිරාවදානය

2777. ආකාසෙ ච පදං නත්‍ථි අම‍්බරෙ අනිලඤ‍්ජසෙ, සිද‍්ධත්‍ථං ජිනමදදක‍්ඛිං ගච‍්ඡන‍්තං තිදිවඞ‍්ගණෙ.

2777. ශබ්දය ඇදගන්නා බැවින් අම්බර නම් වූ වායුමාර්‍ගය වූ හෙයින් අනිලඤ්ජස නම් වු දෙව්ලොවට මිදුලක් බඳු හෙයින් ත්‍රිවිදිවාඞ්ගණ නම් වූ ගුවනෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි. (එහෙත්) ඒ අහස්හි (උන්වහන්සේගේ) පියවරක් ද නැත.

2778. අනිලෙනෙරිතං දිස‍්වා සම‍්මාසම‍්බුද‍්ධචීවරං, විත‍්ති මෙ තාවදෙ ජාතා දිස‍්වාන ගමනං මුනෙ.

2778. සුළඟින් සැලෙන සම්මාසම්බුදු සිවුර දැක උන්වහන්සේගේ ගමන ද දැක බුදුරජුන් කෙරෙහි එකෙණෙහි මට සතුට උපන.

2779. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධසඤ‍්ඤායිදං ඵලං.

2779. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ ගමන පිළිබඳ) සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධසංඥාවෙහි (=බුද්ධානුස්සතියෙහි) විපාක යි.

2780. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2780. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගතසඤ‍්ඤක ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ගතසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

ගතසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.

314. සත‍්තපදුමියත්‍ථෙරාපදානං.

314. සත්තපදුමිය ස්ථවිරාවදානය

2781. නදීකූලෙ මසාමහං නෙසාදො නාම බ්‍රාහ‍්මණො, සතපත‍්තෙහි පුප‍්ඵෙහි සම‍්මජ‍්ජිත්‍වාන අස‍්සමං.

2781. මම ගං ඉවුරෙහි නේසාද නම් බමුණෙක් ව පියුම්වලින් අසපුව හැමද වෙසෙමි.

2782. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං සිද‍්ධත්‍ථං ලොකනායකං, දිස‍්වා වනෙන ගච‍්ඡන‍්තං හාසො මෙ උපපජ‍්ජථ.

2782. වනහිසින් වඩින ලොවට ගුරු වූ රන්වන් වූ සිදුහත් බුදුරජුන් දැක මට ප්‍රීතිය පහළ විය.

2783. පච‍්චුග‍්ගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං ලොකජෙට‍්ඨං නරාසභං, අස‍්සමං අතිනාමෙත්‍වා ජලජග‍්ගෙහි ඔකිරිං.

2783. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත පෙරගමන් කොට අසපුව ද පිළිගන්වා උතුම් නෙළුඹුමලින් පිදීමි.

2784. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2784. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

2785. ඉතො තෙසත‍්තමෙ කප‍්පෙ චතුරො පාදපාවරා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

2785. මෙයින් එක්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පාදපාවර නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.

2786. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2786. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සත‍්තපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සත‍්තපදුමියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

සත්තපදුමිය ස්ථවිරාවදානය සිවුවැනි යි.

315. පුප‍්ඵාසනදායකත්‍ථෙරාපදානං.

315. පුප්ඵාසනදායක ස්ථවිරාවදානය

2787. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං සතරංසිං’ව භානුමං, අවිදූරෙන ගච‍්ඡන‍්තං සිද‍්ධත්‍ථං අපරාජිතං.

2787. නුදුරෙන් වඩින්නා වූ රන්වන් වූ සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නා වූ) පස්මරුන් දිනූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.

2788. තස‍්ස පච‍්චුග‍්ගමිත්‍වාන පවෙසෙත්‍වාන අස‍්සමං, පුප‍්ඵාසනං මයා දින‍්නං විප‍්පසන‍්නෙන චෙතසා.

2788. උන්වහන්සේට පෙරගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදි.

2789. අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන වෙදජාතො තදා අහං, බුද‍්ධෙ චිත‍්තං පසාදෙත්‍වා තං කම‍්මං පරිණාමයිං.

2789. එකල්හි මම හටගත් ප්‍රීති සිත් ඇත්තෙම් ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ඒ (ප්‍රසාදමය) පුණ්‍යකර්‍මය මුහුකුරුවා ලීමි.

2790. යං මෙ අත්‍ථි කතං පුඤ‍්ඤං සයම‍්භූම‍්හපරාජිතෙ, සබ‍්බෙ තෙන කුසලෙන විමලො හොමි සාසනෙ.

2790. පස්මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, ඒ සියලු ම කුශලය හේතු කොට ගෙණ ශාසනයෙහි පිරිසිදු (රහත්) වූවෙක් වෙමි.

2791. චතුනවුතෙ ඉතො කප‍්පෙ පුප‍්ඵාසනමදං තදා, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵාසනස‍්සිදං ඵලං.

2791. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (යම්) පුෂ්පාසනදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පාසනදානයාගේ මේ විපාක යි.

2792. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2792. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුප‍්ඵාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුෂ්පාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පුප‍්ඵාසනදායකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

පුෂ්පාසනදායක ස්ථවිරාවදානය පස්වැනි යි.