316. ආසනත්ථවිකත්ථෙරාපදානං
316. ආසනත්ථවිකත්ථෙරාපදානං.
316. ආසනත්‍ථවික ස්ථවිරාවදානය
2793. චෙතියං උත්තමං නාම සිඛිනො ලොකබන්ධුනො, අරඤ්ඤෙ ඉරිනෙ වනෙ අන්ධාහිණ්ඩාමහං තදා.
2793. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් පිළිබඳ උත්තම නම් සෑයක් විය. එකල්හි මම ජනසඤ්චාර විරහිත (පාළු) මහවෙනෙහි මංමුළා වූයෙම් (ඒ මේ අත) ඇවිදීමි.
2794. පවනා නික්ඛමිත්වාන දිට්ඨං සීහාසනං මයා, එකංසං අඤ්ජලිං කත්වා ථවිස්සං ලොකනායකං.
2794. වනයෙන් නික්ම (යන) මා විසින් ශ්‍රේෂ්ඨ (=බුද්ධ) ආසනය දක්නා ලදි. (උතුරුසළුව) සකස් කොට ඇඳිලි බැඳ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙමි.
2795. දිවසභාගං ථවිත්වාන බුද්ධං ලොකග්ගනායකං, හට්ඨො හට්ඨෙන චිත්තෙන ඉමං වාචමුදීරයිං.
2795. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන්හට දවහල මුළුල්ලෙහි ස්තුති කොට සොම්නස් වූයෙම් සොම්නස් වූ සිතින් ම මේ වචන කීමි:
2796. “නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, සබ්බඤ්ඤූසි මහාවීර ලොකජෙට්ඨ නරාසභ”.
2796. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, මහාවීරයන් වහන්ස, මුබත් සර්වඥ වෙහු ය” කියා යි.
2797. අභිත්ථවිත්ථා සිඛිනං නිමිත්තකරණෙනහං, ආසනං අභිවාදෙත්වා පක්කාමි උත්තරාමුඛො.
2797. මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සිඛී බුදුරජුන්හට ස්තුති කොට බුද්ධාසනය වැඳ උතුරුදිගට මුහුණ ලා නික්මුනෙමි.
2798. එකතිංසෙ ඉතො කප්පෙ සන්ථවිං වදතං වරං, දුග්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.
2798. මෙයින් එක්තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තුති කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තුති කිරීමෙහි මේ විපාක යි.
2799. සත්තවීසෙ ඉතො කප්පෙ අතුල්යා සත්ත අස්සු තෙ, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2799. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අතුල්‍ය නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2800. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2800. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ආසනත්ථවිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආසනත්ථවිකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
ආසනත්‍ථවික ස්ථවිරාවදානය සවැනි යි.