යෙදුමෙන් කියවන්න

317. සද‍්දසඤ‍්ඤකත්‍ථෙරාපදානං

317. සද‍්දසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

317. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය

2801. සුදස‍්සනො මහාවීරො දෙසෙන‍්තො අමතං පදං, පරිවුතො සාවකෙහි වසතී ඝරමුත‍්තමෙ.

2801. මනා දැකීම් ඇති මහාවීර වූ සිදුහත් බුදුරජතෙම අමාදහම් දෙසමින් ශ්‍රාවක සඞ්ඝයා විසින් පිරිවරණලදු ව උත්තම විහාරයෙහි වැඩ වෙසෙයි.

2802. තාය වාචාය මධුරාය සඞ‍්ගණ‍්හාති මහාජනං, ඝොසො ච විපුලො ආසි ආසංසො දෙවමානුසෙ.

2802. ඒ මිහිරි බසින් මහාජනයාට සඞ්ග්‍රහ කෙරෙයි. දෙවි මිනිසුන් අතුරෙහි පැතිරී ගිය දෙසුම් හඬ ද මහත් විය.

2803. නිග‍්ඝොසසසද‍්දං සුත්‍වාන සිද‍්ධත්‍ථස‍්ස මහෙසිනො, සද‍්දෙ චිත‍්තං පසාදෙත්‍වා අවන්‍දිං ලොකනායකං.

2803. මෙසේ සිදුහත් බුදුරජුන්ගේ මහත් ශබ්දයෙහි සිත පහදවා ලෝකනායක වූ බුදුරජුන් වැන්දෙමි.

2804. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධසඤ‍්ඤායිදං ඵලං.

2804. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ මිහිරි හඬෙහි) යම් ශබ්දසංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.

2805. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2805. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සද‍්දසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සද‍්දසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනි යි.