318. තිරංසියත්‍ථෙරාපදානං
318. තිරංසියත්‍ථෙරාපදානං.
318. තිරංසිය ස්ථවිරාවදානය
2806. කෙසරිං අභිජාතංව අග‍්ගික‍්ඛන්‍ධංව පබ‍්බතෙ, ඔභාසෙන‍්තං දිසා සබ‍්බා සිද‍්ධත්‍ථං පබ‍්බතන‍්තරෙ.
2806. ශ්‍රේෂ්ඨජන්ම ඇති කේශරසිංහයකු වැනි වූ ද, පර්‍වතයෙහි (දිලියෙන) ගිනිකඳක් වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන්නා වූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දිටිමි.)
2807. සුරියස‍්ස ච ආලොකං චන්‍දාලොකං තථෙව ච, බුද‍්ධාලොකඤ‍්ච දිස‍්වාන විත‍්ති මෙ උදපජ‍්ජථ.
2807. බුද්ධාලොකය ද, සූර්‍ය්‍යාලෝකය ද එසේ ම චන්‍ද්‍රාලෝකය ද, දැක මට ප්‍රීතිය පහළ විය.
2808. තයො ආලොකෙ දිස‍්වාන බුද‍්ධඤ‍්ච සාවකුත‍්තමං, එකංසං අජිනං කත්‍වා සන්‍ථවිං ලොකනායකං.
2808. මේ තුන් එළිය දැක අඳුන් දිවිසම එකස් කොට ශ්‍රාවකොත්තම වූ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙම්.
2809. තයො හි ආලොකකරා ලොකෙ ලොකතමොනුදා, චන්‍දො ච සුරියො චාපි බුද‍්ධො ච ලොකනායකො.
2809. ලොව්හි ලොවඳුරු දුරු කරන්නා වූ එළිය පතුරුවන්නෝ තිදෙනෙක් වෙති: චන්‍ද්‍රයා ද සූර්‍ය්‍යයා ද ලෝකනායක වූ බුදුරජ ද යන මේ තිදෙනා යි.
2810. ඔපම‍්මමුපදස‍්සෙත්‍වා කිත‍්තිතො මෙ මහාමුනි, බුද‍්ධස‍්ස වණ‍්ණං කිත‍්තෙත්‍වා කප‍්පං සග‍්ගම‍්හි මොදහං.
2810. මා විසින් (මෙසේ) උපමා දක්වා මහාමුනි වූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2811. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං බුද‍්ධමභිකිත‍්තයිං, දුග‍්ගතිං නාභිජානාමි කිත‍්තනාය ඉදං ඵලං.
2811. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බුදුගුණ වැණුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදු ගුණ පැවසීමෙහි මේ විපාක යි.
2812. එකසට‍්ඨිම‍්භිතො කප‍්පෙ එකො ඤාණධරො අහු, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.
2812. මෙයින් එක්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඤාණධර නම් සක්විති රජෙක් වීමි.
2813. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
2813. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා තිරංසියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිරංසිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිරංසියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.
තිරංසිය ස්ථවිරාවදානය අටවැනි යි.