28. සුවණ්ණබිබ්බොහනවග්ගො අට්ඨකථා
28. සුවණ්ණබිබ්බොහනවග්ගො
28. ස්වර්‍ණබිම්බොහන වර්ගය
සුවණ්ණබිබ්බොහනියත්ථෙරඅපදානාදිවණ්ණනා
අට්ඨවීසතිමෙ වග්ගෙ පඨමාපදානං උත්තානමෙව.
විසිඅටවැනි වර්ගයෙහි පළමුවන අපදානය නොගැඹුරු ම ය.
දුතියාපදානෙ මනොමයෙන කායෙනාති යථා චිත්තවසෙන පවත්තකායෙනාති අත්ථො.
දෙවැනි අපදානයෙහි මනොමයෙන කායෙන යනු සිතට අනුරූප වශයෙන් පැවති කය යන අර්ථයි.
තතියාපදානෙ මහාසමුද්දං නිස්සායාති මහාසාගරාසන්නෙ ඨිතස්ස පබ්බතස්ස අන්තරෙ පබ්බතලෙණෙති අත්ථො. සිද්ධත්ථො භගවා විවෙකකාමතාය වසති පටිවසතීති අත්ථො. පච්චුග්ගන්ත්වානකාසහන්ති අහං තස්ස භගවතො පටිඋග්ගන්ත්වා සමීපං ගන්ත්වා වන්දනාදිපුඤ්ඤං අකාසින්ති අත්ථො. චඞ්කොටකමදාසහන්ති සිද්ධත්ථස්ස භගවතො අහං පුප්ඵභරිතං චඞ්කොටකං කදම්බං අදාසිං පූජෙසින්ති අත්ථො.
තෙවැනි අපදානයෙහි මහා සමුද්දං නිස්සාය යනු මහා සාගරය ආසන්නයෙහි සිටි පර්වතය අතරෙහි පර්වත ලෙනෙහි යන අර්ථයි. සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ විවේක කැමැත්තෙන් වසති වාසය කරන සේක යන අර්ථයි. පච්චුග්ගනත්වාන කාසාහං යනු මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ පටිඋග්ගනත්වා පෙරමගට සමීපයට ගොස් වැඳීම් ආදී පින් කෙළෙමි යන අර්ථයි. චඞ්ගොටක මදාසහං යනු සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේට මම මුලින් බර වූ චඞ්ගොටකං කලඹක් ගොටුවක් ආදාසිං පූජා කෙළෙමි යන අර්ථයි.
චතුත්ථාපදානෙ අකක්කසචිත්තස්සාථාති අඵරුසචිත්තස්ස, අථ-සද්දො පදපූරණෙ.
සිව්වැනි අපදානයෙහි අකක්කස චිත්තස්ස යනු පරුෂ නොවූ සිතට. අථ ශබ්දය පදපූරණයෙහිය.
පඤ්චමාපදානෙ උදුම්බරෙ වසන්තස්සාති උදුම්බරරුක්ඛමූලෙ රුක්ඛච්ඡායාය වසන්තස්ස තිස්සස්ස භගවතො. නියතෙ පණ්ණසන්ථරෙති නියාමිතෙ පටිබද්ධෙ පණ්ණසන්ථරෙ සාඛාභඞ්ගාසනෙ නිසින්නස්ස. වුත්ථොකාසො මයා දින්නොති විවිත්තොකාසෙ මණ්ඩපද්වාරාදීහි පිහිතොකාසො මයා දින්නො සම්පාදිතොති අත්ථො.
පස්වැනි අපදානයෙහි උදුම්බරෙ වසන්තස්ස යනු අත්තික්කා ගස මුල රුක් සෙවනෙහි වසන්නා වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේට, නියතෙ පණ්ණ සත්ථරෙ යනු නියාමිතෙ එකට බැඳුණු පණ්ණාසන්ථරෙ අතුකැබලි අසුනෙහි වැඩසිටියා වූ. ඵුත්ථොකාසො මයා දින්නො යනු විවිත්තො මණ්ඩපද්වාර ආදියෙන් වසන ලද අවකාශ ඇති එය මයා දින්නො සම්පාදනය කරන ලද්දේය යන අර්ථයි.
ඡට්ඨාපදානෙ පොත්ථදානං මයා දින්නන්ති පොත්ථවට්ටිං පොත්ථඡල්ලිං තාළෙත්වා කතං සාටකං විසමං ගොඵාසුකෙන ඝංසිත්වා නිම්මිතං සුත්තං ගහෙත්වා කන්තිත්වා තෙන සුත්තෙන නිසීදනත්ථාය වා භූමත්ථරණත්ථාය වා සාටකං වායාපෙත්වා තං සාටකං මයා රතනත්තයස්ස දින්නන්ති අත්ථො.
සවැනි අපදානයෙහි පොත්ථදානං මයා දින්නං යනු පොත්ථපට්ට පොත්ථජලී හණපට්ට තලා කරන ලද සළුව විසම ගොඵාසුකෙන ගටා නිමවන ලද නූල් ගෙන කපා ඒ නූලින් හිඳිනු පිණිස හෝ බුමුතුරුණු සඳහා හෝ සළුවක් වියවා ඒ සළුව මා විසින් තෙරුවනට දෙන ලදී යන අර්ථයි.
සත්තමාපදානෙ චන්දභාගානදීතීරෙති චන්දභාගාය නාම නදියා තීරතො, නිස්සක්කෙ භුම්මවචනං . අනුසොතන්ති සොතස්ස අනු හෙට්ඨාගඞ්ගං වජාමි ගච්ඡාමි අහන්ති අත්ථො. සත්ත මාලුවපුප්ඵානි, චිතමාරොපයිං අහන්ති අහං මාලුවපුප්ඵානි සත්ත පත්තානි ගහෙත්වා චිතකෙ වාලුකරාසිම්හි වාලුකාහි ථූපං කත්වා පූජෙසින්ති අත්ථො.
සත්වැනි අපදානයෙහි චන්දභාගා නදීතීරෙ යනු චන්ද්රභාගා නම් නදියෙහි තෙරින් වෙන්වීමෙහි ආධාර විබතයි. අනුසොතං යනු එහි යටිගං බලා වජාමි මම යමි යන අර්ථයි. සත්තමාලුව පුප්ඵානි චිතක මාරොපයිං අහං යනු පෙති සතක් ඇති මාලුව මල්ගෙන චිතකෙ වැලිගොඩෙහි වැල්ලෙන් ස්තූපයක් කොට පූජා කෙළෙමි යන අර්ථයි.
අට්ඨමාපදානෙ මහාසින්ධු සුදස්සනාති සුන්දරදස්සනසුන්දරොදකධවලපුලිනොපසොභිතත්තා සුට්ඨු මනොහරා මහාසින්ධු නාම වාරිනදී අහොසි. තත්ථ තිස්සං සින්ධුවාරිනදියං සප්පභාසං පභාය සහිතං සුදස්සනං සුන්දරරූපං පරමොපසමෙ යුත්තං උත්තමෙ උපසමෙ යුත්තං සමඞ්ගීභූතං වීතරාගං අහං අද්දසන්ති අත්ථො. දිස්වාහං විම්හිතාසයොති “එවරූපං භයානකං හිමවන්තං කථං සම්පත්තො”ති විම්හිතඅජ්ඣාසයො අච්ඡරියබ්භුතචිත්තොති අත්ථො. ආලුවං තස්ස පාදාසින්ති තස්ස අරහතො අහං පසන්නමානසො ආලුවකන්දං පාදාසිං ආදරෙන අදාසින්ති අත්ථො.
අටවැනි අපදානයෙහි මහාසින්ධු සුදස්සනා යනු සොඳුරු දසුන් සොඳුරු ජලය සුදුවැල්ලෙන් ශෝභමාන වූ බැවින් මනාසේ සිත් ඇදගන්නා මහාසින්ධු නමැති ජලනදියක් විය. තත්ථ ඒ සින්ධු ජලනදියෙහි. සප්පභාසං ප්‍රභාවෙන් යුක්ත. සුදස්සනං සුන්දර රූප ඇති පරමොපසමෙ යුත්තං උත්තම වූ උපසමයෙහි යෙදුණු හමුවුණු රහතන් වහන්සේ මම දුටුවෙමි යන අර්ථයි. දිස්වාහං විම්හිතාසයො යනු මෙබඳු භයානක වූ හිමවතට කෙසේ පැමිණියේදැයි විම්හිත අජ්ඣාසයො ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ යන අර්ථයි. ආලුවං තස්ස පදාසිං ඒ රහතන් වහන්සේට මම පහන් සිතැත්තේ අල කැබැල්ලක් ආදරයෙන් දුනිමි යන අර්ථයි.
නවමදසමාපදානානි උත්තානානෙවාති.
නවවැනි දසවැනි අපදාන නොගැඹුරුම ය.
අට්ඨවීසතිමවග්ගවණ්ණනා සමත්තා.
විසිඅටවැනි වර්ග වර්ණනාවයි.