යෙදුමෙන් කියවන්න

29. පණ‍්ණදායකවග‍්ගො අට‍්ඨකථා

29. පණ‍්ණදායකවග‍්ගො

29. පණ්ණදායක වර්‍ගය

පණ‍්ණදායකත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

එකූනතිංසතිමෙ වග‍්ගෙ පඨමාපදානෙ පණ‍්ණභොජනභොජනොති ඛීරපණ‍්ණාදිභොජනස‍්ස භුඤ‍්ජනත්‍ථාය පණ‍්ණසාලාය නිසින‍්නො අම‍්හි භවාමීති අත්‍ථො. උපවිට‍්ඨඤ‍්ච මං සන‍්තන‍්ති පණ‍්ණසාලායං උපවිට‍්ඨං සන‍්තං විජ‍්ජමානං මං. උපාගච‍්ඡි මහාඉසීති මහන‍්තෙ සීලාදිඛන්‍ධෙ එසනතො මහාඉසි. ලොකපජ‍්ජොතො ලොකපදීපො සිද‍්ධත්‍ථො භගවා උපගච‍්ඡි, මම සමීපං අගමාසීති අත්‍ථො. නිසින‍්නස‍්ස පණ‍්ණසන්‍ථරෙති උපගන‍්ත්‍වා පණ‍්ණසන්‍ථරෙ නිසින‍්නස‍්ස ඛාදනත්‍ථාය සෙදිතං පණ‍්ණං මයා දින‍්නන‍්ති සම‍්බන්‍ධො.

විසිනවවැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පණ්ණභොජනභොජිනො යනු කිරි සහිත කොළ ආදී බොජුන් බුදිනු පිණිස පන්සලෙහි හුන්නේ අම්හි වෙමි යන අර්ථයි. උපවිට්ඨඤ්ච මං සන්තං යනු පන්සලට පිවිස මං සන්තං විද්‍යමාන වූ මා උපාගඤ්ජි මහා ඉසී යනු මහත් වූ ශීලාදී ස්කන්ධයන් සොයන බැවින් මහාඉසී. ලොක පජ්ජොතො ලෝකයට ප්‍රදීපයක් වූ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ උපගඤ්ජි මා සමීපයට පැමිණි සේක යනු අර්ථයි. නිසින්නං පණ්ණ සන්ථරෙ යනු පැමිණ කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට වැළඳීම පිණිස වාෂ්පයෙන් තැම්බූ කොළ මා විසින් දෙන ලදී යනු සම්බන්ධයි.

දුතියාපදානෙ සිනෙරුසමසන‍්තොසො ධරණීසමසාදිසො සිද‍්ධත්‍ථො භගවාති සම‍්බන්‍ධො. වුට‍්ඨහිත්‍වා සමාධිම‍්හාති නිරොධසමාපත‍්තිතො වුට‍්ඨහිත්‍වා විසුං හුත්‍වාති අත්‍ථො. භික‍්ඛාය මමුපට‍්ඨිතොති භික‍්ඛාචාරවෙලාය “අජ‍්ජ මම යො කොචි කිඤ‍්චි දානං දදාති, තස‍්ස මහප‍්ඵල”න‍්ති චින‍්තෙත්‍වා නිසින‍්නස‍්ස මම සන‍්තිකං සමීපං උපට‍්ඨිතො සමීපමාගතොති අත්‍ථො. හරීතකං…පෙ… ඵාරුසකඵලානි චාති එවං සබ‍්බං තං ඵලං සබ‍්බලොකානුකම‍්පිනො තස‍්ස සිද‍්ධත්‍ථස‍්ස මහෙසිස‍්ස මයා විප‍්පසන‍්නෙන චෙතසා දින‍්නන‍්ති අත්‍ථො.

දුතියාපදානෙ දෙවැනි අපදානයෙහි සිනෙරු සමසන්තො ඒ පර්වතයක් හා සමාන සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. වුට්ඨහිත්‍වා සමාධිම්හා යනු නිරෝධ සමාපත්තියෙන් නැගී වෙන්වූ යන අර්ථයි. භික්ඛායමමුපට්ඨිතො යනු පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි අද මට යමෙක් කිසියම් දානයක් දෙයිද ඔහුට මහත්ඵල වේයයි සිතා හුන් මාගේ සන්තිකං උපට්ඨිතො පැමිණි සේක යන අර්ථයි. හරීතකං -පෙ- ඵාරුසක ඵලානිච යනු මෙසේ සියලු ඒ පල සර්වලෝකයට හිතානුකම්පී වූ ඒ සිද්ධත්‍ථ මහර්ෂීන් වහන්සේට මා විසින් අතිශයින් පැහැදුණු සිතින් දෙන ලදී යන අර්ථයි.

තතියාපදානෙ සීහං යථා වනචරන‍්ති වනෙ චරමානං සීහරාජං ඉව චරමානං සිද‍්ධත්‍ථං භගවන‍්තන‍්ති සම‍්බන්‍ධො. නිසභාජානියං යථාති වසභො, නිසභො, විසභො, ආසභොති චත‍්තාරො ගවජෙට‍්ඨකා. තෙසු ගවසතස‍්ස ජෙට‍්ඨකො වසභො, ගවසහස‍්සස‍්ස ජෙට‍්ඨකො නිසභො, ගවසතසහස‍්සස‍්ස ජෙට‍්ඨකො විසභො, ගවකොටිසතසහස‍්සස‍්ස ජෙට‍්ඨකො ආසභො. ඉධ පන ආසභො “නිසභො”ති වුත‍්තො, ආජානීයං අභීතං නිච‍්චලං උසභරාජං ඉවාති අත්‍ථො. කකුධං විලසන‍්තංවාති පුප‍්ඵපල‍්ලවෙහි සොභමානං කකුධරුක‍්ඛං ඉව නරාසභං නරානං ආසභං උත‍්තමං ආගච‍්ඡන‍්තං සිද‍්ධත්‍ථං භගවන‍්තං දිස‍්වා සද‍්ධාය සම‍්පයුත‍්තත‍්තා විප‍්පසන‍්නෙන චෙතසා පච‍්චුග‍්ගමනං අකාසින‍්ති අත්‍ථො.

තෙවැනි අපදානයෙහි සීහංයථාවනචරං යනු වනයෙහි හැසිරෙන සිංහරාජයකු මෙන් හැසිරෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. නිසභාජානීයං යථා යනු උසභය, වසභය, නිසභය, ආසභය යන ගව ජ්‍යෙෂ්ඨයෝ සතරදෙන. ඔවුන්ගේ ආජානීය වූ අභීත වූ නිශ්ඵල වූ උසභ රාජයකු මෙන් යන අර්ථයි. කකුධං විලසන්තං විය යනු මල් පල්ලෙන් සෝභමාන වූ කුඹුක්ගසක් මෙන් නරාසභං නරයන්ට ආසභ වූ උත්තම වූ පැමිණෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක සැදැහැයෙන් යුක්ත බැවින් අතිශයින් පැහැදුණු සිතින් පෙරගමන් කෙළෙමි යන අර්ථයි.

චතුත්‍ථාපදානාදීනි දසමාවසානානි සුවිඤ‍්ඤෙය්‍යානෙවාති.

[missing trans]

එකූනතිංසතිමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

විසිනවවැනි වර්ග වර්ණනාවයි.