යෙදුමෙන් කියවන්න

30. චිතකපූජකවග‍්ගො අට‍්ඨකථා

30. චිතකපූජකවග‍්ගො

30. චිතකපූජක වර්‍ගය

චිතකපූජකත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

තිංසතිමෙ වග‍්ගෙ පඨමාපදානෙ ආහුතිං යිට‍්ඨුකාමොහන‍්ති පූජාසක‍්කාරං කාරෙතුකාමො අහං. නානාපුප‍්ඵං සමානයින‍්ති නානා අනෙකවිධං චම‍්පකසලලාදිපුප‍්ඵං සං සුට‍්ඨු ආනයිං, රාසිං අකාසින‍්ති අත්‍ථො. සිඛිනො ලොකබන්‍ධුනොති සකලලොකත‍්තයබන්‍ධුස‍්ස ඤාතකස‍්ස සිඛිස‍්ස භගවතො පරිනිබ‍්බුතස‍්ස චිතකං ආළාහනචිතකං දාරුරාසිං ජලන‍්තං ආදිත‍්තං දිස‍්වා තඤ‍්ච මයා රාසීකතං පුප‍්ඵං ඔකිරිං පූජෙසින‍්ති අත්‍ථො.

තිස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ආහුතිං යිට්ඨුකාමොහං යනු පූජා සත්කාර කරවනු කැමැත්තේ මම නානාපුප්ඵං සමානයිං යනු අනේකප්‍රකාර සපුසල් ආදී මල් සං මැනවින් ආනයිං රැස් කෙළෙමි යන අර්ථයි. සිඛිනො ලොක බන්‍ධුනො යනු සියලු තුන්ලොවෙහි බන්‍ධුස්ස ඥාතී වූ පිරිනිවන්පෑ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ චිතකං ආදාහන චිතකය දර සෑය ජලන්නං දැල්වෙද්දී මා විසින් රැස්කරන ලද මල් ඔකිරිං පූජා කෙළෙමි යන අර්ථයි.

දුතියාපදානෙ අජිනුත‍්තරවාසනොති අජිනමිගචම‍්මං උත‍්තරාසඞ‍්ගං කත්‍වා නිවාසිනො අච‍්ඡාදනොති අත්‍ථො. අභිඤ‍්ඤා පඤ‍්ච නිබ‍්බත‍්තාති ඉද‍්ධිවිධාදයො පඤ‍්ච අභිඤ‍්ඤායො පඤ‍්ච ඤාණානි නිබ‍්බත‍්තා උප‍්පාදිතා නිප‍්ඵාදිතා. චන්‍දස‍්ස පරිමජ‍්ජකොති චන්‍දමණ‍්ඩලස‍්ස සමන‍්තතො මජ‍්ජකො, ඵුට‍්ඨො අහොසින‍්ති අත්‍ථො. විපස‍්සිං ලොකපජ‍්ජොතන‍්ති සකලලොකත‍්තයෙ පදීපසදිසං විපස‍්සිං භගවන‍්තං මම සන‍්තිකං අභිගතං විසෙසෙන සම‍්පත‍්තං ආගතං. දිස‍්වා පාරිච‍්ඡත‍්තකපුප‍්ඵානීති දෙවලොකතො පාරිච‍්ඡත‍්තකපුප‍්ඵානි ආහරිත්‍වා විපස‍්සිස‍්ස සත්‍ථුනො මත්‍ථකෙ ඡත‍්තාකාරෙන අහං ධාරෙසින‍්ති අත්‍ථො.

දෙවැනි අපදානයෙහි අජිනුත්තරවාසිනො යනු අඳුන් දිවිසම උතුරු සළුවක් කොට නිවාසිනො හඳින්නහුගේ යන අර්ථයි. අභිඤ්ඤා පඤ්ච නිබ්බත්තා යනු ඉද්ධිවිධ ආදී පඤ්චඅභිඤ්ඤායෝ නැණපස නිබ්බත්තා උත්පාදනය කරන ලද්දේය. නිෂ්පාදනය කරන ලද්දේය. චන්‍දස්ස පරිමජ්ජකො යනු චන්ද්‍ර මණ්ඩලය වටා මජ්ජකො ස්පර්ශ කරන්නේ වීමි යන අර්ථයි. විපස්සිං ලොක පජ්ජොතං යනු සියලු තුන්ලොව පහනක් බඳු විපස්සි භාග්‍යවතුන් වහන්සේ මාගේ සමීපයට අභිගතං විශේෂයෙන් සපැමිණෙනු දැක, පාරිච්ඡත්තක පුප්ඵානි යනු දෙව්ලොවින් පරසතු මල් ගෙනවුත් විපස්සි ශාස්තෲන් වහන්සේගේ මතුයෙහි ඡත්‍රයක ආකාරයෙන් මම දුනිමි යන අර්ථයි.

තතියාපදානෙ පුත‍්තො මම පබ‍්බජිතොති මය‍්හං පුත‍්තො සද‍්ධාය පබ‍්බජිතො. කාසායවසනො තදාති තස‍්මිං පබ‍්බජිතකාලෙ කාසායනිවත්‍ථො , න බාහිරකපබ‍්බජ‍්ජාය පබ‍්බජිතොති අත්‍ථො. සො ච බුද‍්ධත‍්තං සම‍්පත‍්තොති සො මය‍්හං පුත‍්තො චතූසු බුද‍්ධෙසු සාවකබුද‍්ධභාවං සං සුට‍්ඨු පත‍්තො, අරහත‍්තං පත‍්තොති අත්‍ථො. නිබ‍්බුතො ලොකපූජිතොති සකලලොකෙහි කතසක‍්කාරො ඛන්‍ධපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතොති අත්‍ථො. විචිනන‍්තො සකං පුත‍්තන‍්ති අහං තස‍්ස ගතදෙසං පුච‍්ඡිත්‍වා සකං පුත‍්තං විචිනන‍්තො පච‍්ඡතො අගමං, අනුගතො අස‍්මීති අත්‍ථො. නිබ‍්බුතස‍්ස මහන‍්තස‍්සාති මහන‍්තෙහි සීලක‍්ඛන්‍ධාදීහි යුත‍්තත‍්තා මහන‍්තස‍්ස තස‍්ස මම පුත‍්තස‍්ස අරහතො ආදහනට‍්ඨානෙ චිතකං චිතකට‍්ඨානං අහං අගමාසින‍්ති අත්‍ථො. පග‍්ගය‍්හ අඤ‍්ජලිං තත්‍ථාති තස‍්මිං ආදහනට‍්ඨානෙ අඤ‍්ජලිං දසඞ‍්ගුලිසමොධානං පග‍්ගහෙත්‍වා සිරසි කත්‍වා අහං චිතකං දහනදාරුරාසිං වන්‍දිත්‍වා පණාමං කත්‍වා සෙතච‍්ඡත‍්තඤ‍්ච පග‍්ගය‍්හාති න කෙවලමෙව වන්‍දිත්‍වා ධවලච‍්ඡත‍්තඤ‍්ච පග‍්ගය‍්හ උක‍්ඛිපිත්‍වා අහං ආරොපෙසිං පතිට‍්ඨපෙසින‍්ති අත්‍ථො.

තෙවැනි අපදානයෙහි පුත්තො මම පබ්බජිතො යනු මාගේ පුත්‍රයා සැදැහැයෙන් පැවිදිවූයේ. කාසාය වසනො තදා යනු ඔහු පැවිදිවුණු කල්හි කාසාය නිවත්‍ථො බාහිරක පැවිද්දෙන් පැවිදි වූයේ යන අර්ථයි. සොව බුද්ධත්තං පත්තො ඒ මාගේ පුත්‍රයා බුදුවරුන් සතරනම අතුරින් ශ්‍රාවක බුද්ධ භාවයට සං මනාසේ පත්තො අර්හත්වයට පැමිණියේ යන අර්ථයි. නිබ්බුතො ලොකපූජිතො යනු සකල ලෝකයා විසින් කරන ලද සත්කාර ඇත්තේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන්පෑය යන අර්ථයි. විචිනන්තො සකංපුත්තං යනු මම ඔහු ගිය අත විචාරා තමාගේ පුත්‍රයා සොයා යන්නේ. පච්ඡතො අගමං අනුව ගියේ වෙමි යන අර්ථයි. නිබ්බුතස්ස මහන්තස්ස යනු මහත් වූ ශීල ස්කන්ධාදියෙන් යුතු බැවින් මහත්වූ ඒ මාගේ ඒ රහත් වූ පුත්‍රයාගේ ආදාහනට්ඨානං දරසෑය තිබුණු තැනට මම ගියෙමි යන අර්ථයි. පග්ගය්හ අඤ්ජලිංතත්‍ථ යනු ඒ ආදාහන ස්ථානයෙහි අඤ්ජලිං දසැඟිලි එක්කොට බැඳගෙන හිස් මුදුනෙහි තබා මම චිතකං දැවෙන දරසෑය වන්‍දිත්‍වා ප්‍රණාමකොට. සෙතච්ඡත්තඤ්ච පග්ගය්හ යනු හුදෙක් වැඳීම පමණක් නොකොට සේසතද පග්ගය්හ ඔසවා මම ආරොපෙසිං පිහිටුවීමි යන අර්ථයි.

චතුත්‍ථාපදානෙ අනුග‍්ගතම‍්හි ආදිච‍්චෙති සූරියෙ අනුග‍්ගතෙ අනුට‍්ඨිතෙ පච‍්චූසකාලෙති අත්‍ථො. පසාදො විපුලො අහූති රොගපීළිතස‍්ස මය‍්හං චිත‍්තප‍්පසාදො විපුලො අතිරෙකො බුද‍්ධානුස‍්සරණෙන අහු අහොසි. මහෙසිනො බුද‍්ධසෙට‍්ඨස‍්ස ලොකම‍්හි පාතුභාවො පාකටභාවො අහොසීති සම‍්බන්‍ධො. ඝොසමස‍්සොසහං තත්‍ථාති තස‍්මිං පාතුභාවෙ සති “අහං ගිලානො බුද‍්ධො උප‍්පන‍්නො”ති ඝොසං අස‍්සොසිං. න ච පස‍්සාමි තං ජිනන‍්ති තං ජිතපඤ‍්චමාරං සම‍්මාසම‍්බුද‍්ධං න පස‍්සාමි, බාළ‍්හගිලානත‍්තා ගන‍්ත්‍වා පස‍්සිතුං න සක‍්කොමීති අත්‍ථො. මරණඤ‍්ච අනුප‍්පත‍්තොති මරණාසන‍්නකාලං අනුප‍්පත‍්තො, ආසන‍්නමරණො හුත්‍වාති අත්‍ථො. බුද‍්ධසඤ‍්ඤමනුස‍්සරින‍්ති බුද‍්ධොතිනාමං අනුස‍්සරිං, බුද‍්ධාරම‍්මණං මනසි අකාසින‍්ති අත්‍ථො.

සිව්වැනි අපදානයෙහි අනුග්ගතම්හි ආදිච්චෙ යනු සූර්යයා අනුග්ගතෙ නොනැගුණු අළුයම් කාලයෙහි යන අර්ථයි. පසාදො විපුලො අහු යනු රෝගයෙන් පීඩිත වූ මාගේ චිත්තප්‍රසාදය විපුලො බුදුන් සිහිකිරීමෙන් අතිරේක වූයේ අහු විය. මහෙසිනො ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ ලෝකයෙහි පාතුභාවො ප්‍රකටවීම සිදුවිය යනු සම්බන්ධයි. සද්දමස්සොසහං තස්ස යනු උන්වහන්සේගේ පහළවීම ඇතිකල්හි මම ගිලන්වූයේ බුදුරජාණන් වහන්සේ උපන් සේකැයි යන ඝෝෂාව ඇසුවෙමි. නචපස්සාමි තංජිනං යනු ඒ පස්මරුන් දිනූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොදකිමි. දැඩිසේ ගිලන් බැවින් ගොස් බැලීමට නොහැක්කෙමි යන අර්ථයි. මරණඤ්ච අනුප්පත්තො යනු මරණාසන්න කාලය අනුප්පත්තො මරණාසන්න වී යන අර්ථයි. බුද්ධසඤ්ඤමනුස්සරිං බුද්ධ යන නම අනුස්සරිං බුද්ධාලම්භනය සිතෙහි ඇතිකර ගත්තෙමි යන අර්ථයි.

පඤ‍්චමාපදානෙ ආරාමද‍්වාරා නික‍්ඛම‍්මාති ආරාමද‍්වාරතො සඞ‍්ඝස‍්ස නික‍්ඛමනද‍්වාරමග‍්ගෙහි අත්‍ථො. ගොසීසං සන්‍ථතං මයාති තස‍්මිං නික‍්ඛමනද‍්වාරමග‍්ගෙ “භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච පාදා මා කද‍්දමං අක‍්කමන‍්තූ”ති අක‍්කමනත්‍ථාය ගොසීසට‍්ඨිං මයා සන්‍ථරිතන‍්ති අත්‍ථො. අනුභොමි සකං කම‍්මන‍්ති අත‍්තනො ගොසීසඅත්‍ථරණකම‍්මස‍්ස බලෙන ආජානීයා වාතජවා සින්‍ධවා සීඝවාහනාදීනි විපාකඵලානි අනුභොමීති අත්‍ථො. අහො කාරං පරමකාරන‍්ති සුඛෙත‍්තෙ සඞ‍්ඝෙ මයා සුට‍්ඨු කතං කාරං අප‍්පකම‍්පි කිච‍්චං මහප‍්ඵලදානතො පරමකාරං උත‍්තමකිච‍්චං අහො විම‍්හයන‍්ති අත්‍ථො. යථා තිණදොසාදිවිරහිතෙසු ඛෙත‍්තෙසු වප‍්පිතං සාලිබීජං මහප‍්ඵලං දෙති, එවමෙව රාගදොසාදිදොසරහිතෙ පරිසුද‍්ධකායවචීසමාචාරෙ සඞ‍්ඝඛෙත‍්තෙ ගොසීසඅත්‍ථරණකම‍්මං මයා කතං, ඉදං මහප‍්ඵලං දෙතීති වුත‍්තං හොති. න අඤ‍්ඤං කලමග‍්ඝතීති අඤ‍්ඤං බාහිරසාසනෙ කතං කම‍්මං සඞ‍්ඝෙ කතස‍්ස කාරස‍්ස පූජාසක‍්කාරස‍්ස කලං සොළසිං කලං කොට‍්ඨාසං න අග‍්ඝතීති සම‍්බන්‍ධො.

පස්වැනි අපදානයෙහි ආරාමද්වාරා නික්ඛම්ම යනු ආරාමයේ දොරින් සංඝයා වහන්සේ නික්මෙන දොරටුවෙහි යන අර්ථයි. ගොසීසං සත්‍ථතං මයා යනු ඒ නික්මෙන දොරටුවෙහි භාග්‍යවතුන් වහන්සේගේ ද භික්‍ෂු සංඝයාගේද පාදයෝ මඩ නොපාගත්වායි නික්මයාම පිණිස උතුම් වූ සඳුන් ගැටයක් මා විසින් අතුරන ලදී යන අර්ථයි. අනුභොමි සකං කම්මං යනු තමාගේ කර්මයෙහි බලයෙන් ආජානීය වූ වාතවේග ඇත්තා වූ සෛන්ධවයන්ද සීඝ්‍ර වාහන ආදී විපාකඵල අනුභව කරමි යන අර්ථයි. අහොකාරං පරමකාරං යනු මනා කෙතක් වූ සංඝයා කෙරෙහි මා විසින් මනා සේ කරන ලද කාරං සුළු වූද කාර්යය මහත්ඵල දෙන බැවින් පරමකාරං උතුම් කාර්යයක් විය. විස්මයකි යන අර්ථයි. යම්සේ තෘණ ආදී දෝෂයන්ගෙන් විරහිත වූ මනා වූ කෙතෙහි වපුරවන ලද හැල්බිජු මහත්ඵල දේද එසේම රාග ද්වේශ ආදී දෝෂ රහිත පිරිසිදු කායවචී සමාචාර ඇති සංඝයා නමැති කෙතෙහි කරන ලද සඳුන් ගැටය ඇතිරීම නම් කර්මය මා විසින් කරන ලදි. මෙය මහත්ඵල දෙතියි කියන ලද්දේ වෙයි. නඅඤ්ඤං කලමග්ඝතී යනු අඤ්ඤං බාහිර සසුනෙක කරන ලද කර්මය සංඝයා කෙරෙහි කරන ලද කාරස්ස පූජා සත්කාරයාගේ කලං සොළොස් වැනි කලං කොටසක්වත් නොඅගී යනු සම්බන්ධයි.

ඡට‍්ඨසත‍්තමට‍්ඨමනවමදසමාපදානානි උත‍්තානානෙවාති.

සවැනි-සත්වැනි-අටවැනි-නවවැනි-දසවැනි අපදාන නොගැඹුරු මැ යි.

තිංසතිමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

තිස්වැනි වර්ග වර්ණනාවයි.