යෙදුමෙන් කියවන්න

31. පදුමකෙසරවග‍්ගො අට‍්ඨකථා

31. පදුමකෙසරවග‍්ගො

31. පදුමකේසර වර්‍ගය

පදුමකෙසරියත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

එකතිංසතිමෙ වග‍්ගෙ පඨමාපදානෙ ඉසිසඞ‍්ඝෙ අහං පුබ‍්බෙති අහං පුබ‍්බෙ බොධිසම‍්භාරපූරණකාලෙ ඉසිසඞ‍්ඝෙ පච‍්චෙකබුද‍්ධඉසිසමූහෙ තෙසං සමීපෙ හිමවන‍්තපබ‍්බතෙ මාතඞ‍්ගහත්‍ථිකුලෙ වාරණො චණ‍්ඩහත්‍ථී අහොසින‍්ති සම‍්බන්‍ධො. මනුස‍්සාදයො වාරෙතීති වාරණො, අථ වා වාචාය රවති කොඤ‍්චනාදං නදතීති වාරණො. මහෙසීනං පසාදෙනාති පච‍්චෙකබුද‍්ධමහෙසීනං පසාදෙන. පච‍්චෙකජිනසෙට‍්ඨෙසු, ධුතරාගෙසු තාදිසූති ලොකධම‍්මෙහි නිච‍්චලෙසු පච‍්චෙකබුද‍්ධෙසු පද‍්මකෙසරං පදුමරෙණුං ඔකිරිං අවසිඤ‍්චින‍්ති සම‍්බන්‍ධො.

තිස්එක්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ඉසිසඞ්ඝෙඅහං පුබ්බෙ යනු මම පෙර බෝධිසම්භාරයන් පුරනකල්හි ඉසි සඞ්ඝෙ පසේබුදු සෘෂි සමූහයෙහි, උන්වහන්සේලා සමීපයෙහි හිමවත් පව්වෙහි මාතංග ඇත් කුලයෙහි වාරණො චණ්ඩ හස්තියෙක් වීමි යන අර්ථයි. මනුෂ්‍ය ආදීන් වළක්වානුයි වාරණ නමි. නැතහොත් වචනයෙන් රවති කුංචනාද කරතියි වාරණ නමි. මහෙසිනං පසාදෙන යනු පසේබුදු මහර්ෂීන්ගේ ප්‍රසාදයෙන්. පච්චෙකජින සෙට්ඨෙසු ධුතරාගෙසු තාදිසු යනු ලෝක ධර්මයන්ගෙන් නොසෙල්වෙන පසේබුදුවරුන් කෙරෙහි. පදුමකෙසරං නෙළුම් රේණු. ඔකිරිං විසුරුවෙමි යන අර්ථයි.

දුතියතතියාපදානානි උත‍්තානානි.

දෙවැනි තෙවැනි අපදාන නොගැඹුරු ය.

චතුත්‍ථාපදානෙ මහාබොධිමහො අහූති විපස‍්සිස‍්ස භගවතො චතුමග‍්ගඤාණාධාරභාවතො “බොධී”ති ලද‍්ධනාමස‍්ස රුක‍්ඛස‍්ස පූජා අහොසීති අත්‍ථො. රුක‍්ඛට‍්ඨස‍්සෙව සම‍්බුද‍්ධොති අස‍්ස බොධිපූජාසමයෙ සන‍්නිපතිතස‍්ස මහාජනස‍්ස සම‍්බුද‍්ධො ලොකජෙට‍්ඨො නරාසභො රුක‍්ඛට‍්ඨො ඉව රුක‍්ඛෙ ඨිතො විය පඤ‍්ඤායතීති අත්‍ථො. භගවා තම‍්හි සමයෙති තස‍්මිං බොධිපූජාකරණකාලෙ භගවා භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො භික‍්ඛුසඞ‍්ඝෙන පරිවුතො. වාචාසභිමුදීරයන‍්ති මුදුසිලිට‍්ඨමධුරඋත‍්තමඝොසං උදීරයං කථයන‍්තො නිච‍්ඡාරෙන‍්තො චතුසච‍්චං පකාසෙසි, දෙසෙසීති අත්‍ථො. සංඛිත‍්තෙන ච දෙසෙන‍්තොති වෙනෙය්‍යපුග‍්ගලජ‍්ඣාසයානුරූපෙන දෙසෙන‍්තො සංඛිත‍්තෙන ච විත්‍ථාරෙන ච දෙසයීති අත්‍ථො. විවට‍්ටච‍්ඡදොති රාගො ඡදනං, දොසො ඡදනං, මොහො ඡදනං, සබ‍්බකිලෙසා ඡදනා”ති එවං වුත‍්තා ඡදනා විවටා උග‍්ඝාටිතා විද‍්ධංසිතා අනෙනාති විවට‍්ටච‍්ඡදො, සම‍්බුද‍්ධො. තං මහාජනං දෙසනාවසෙන නිබ‍්බාපෙසි පරිළාහං වූපසමෙසීති අත්‍ථො. තස‍්සාහං ධම‍්මං සුත්‍වානාති තස‍්ස භගවතො දෙසෙන‍්තස‍්ස ධම‍්මං සුත්‍වා.

සිව්වැනි අපදානයෙහි මහාබොධි මහො අහු යනු විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සිව්මග නැණ දරණ බැවින් බෝධි යන නම්ලද රුකට පූජාවක් විය යන අර්ථයි. රුක්ඛට්ඨො විය සම්බුද්ධො යනු මේ බෝධිපූජා පැවැත්වෙන කල්හි මහජනයාට ලෝකජ්‍යෙෂ්ඨ වූ නරාසභ වූ සම්බුදු රජාණන් වහන්සේ රුක්ඛට්ඨො ඉව රුකෙහි සිටියාක් මෙන් පෙනේ යන අර්ථයි. භගවා තම්හි සමයෙ එසමයෙහි පූජා පැවැත්වෙන කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පෙරටුකොට පිරිවරන ලද සේක. වාචාසහිමුදීරයං යනු මුදු සිලිටි මිහිරි උතුම් ගොස උදීරයං කියන්නේ නිකුත් කරන්නේ චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. දේශනා කළ සේක යන අර්ථයි. සඞ්ඛිත්තෙනව දෙසෙන්තො යනු හික්මවිය යුතු පුද්ගලයන්ගේ අධ්‍යාශ අනුරූපව දේශනා කරන්නේ සංක්‍ෂේපයෙන්ද විස්තර වශයෙන්ද දේශනා කරන සේක යන අර්ථයි. විවට්ටච්ඡදො යනු රාගය ආවරණයකි. දෝසය ආවරණයකි, මෝහය ආවරණයකි. සියලු කෙලෙස් ආවරණයෝය යනුවෙන් මෙසේ කියන ලද ආවරණ විවර කරන ලද්දේය පැහැදිලි කරන ලද්දේය. විනාශ කරන ලද්දේය යනුවෙන් විවට්ටච්ඡද සම්බුදුරජාණන් වහන්සේ ඒ මහජනයා දේශනා අවසානයෙහි නිවන ලද සේක. පරිදාහය නිවාලන ලද්දේය යන අර්ථයි. තස්සාහං ධම්මං සුත්‍වාන යනු ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනු අසා.

පඤ‍්චමාපදානෙ ඵලහත්‍ථො අපෙක‍්ඛවාති විපස‍්සිං භගවන‍්තං දිස‍්වා මධුරානි ඵලානි ගහෙත්‍වා අපෙක‍්ඛවා අතුරිතො සණිකං අස‍්සමං ගඤ‍්ඡින‍්ති අත්‍ථො.

පස්වැනි අපදානයෙහි ඵලහත්‍ථො අපෙබවා යනු විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක මිහිරිපල ගෙන අපෙබවා නොඉක්මවත් සෙමින් ආශ්‍රමයට යන අර්ථයි.

ඡට‍්ඨසත‍්තමාපදානානි උත‍්තානානෙව.

සවැනි - සත්වැනි අපදාන නොගැඹුරුමැයි.

අට‍්ඨමාපදානෙ නිට‍්ඨිතෙ නවකම‍්මෙ චාති සීමාය නවකම‍්මෙ නිට‍්ඨං ගතෙ සති. අනුලෙපමදාසහන‍්ති අනුපච‍්ඡා සුධාලෙපං අදාසිං, සුධාය ලෙපාපෙසින‍්ති අත්‍ථො.

අටවැනි අපදානයෙහි නිට්ඨිතෙ නවකම්මෙ ච යනු සීමාවෙහි නවකම් අවසන් වූ කල්හි. අනුපලෙපමදාසහං යනු අනු පසුව සුණු ආලේප කරවූයෙමි යන අර්ථයි.

නවමදසමාපදානානි උත‍්තානානියෙවාති.

නවවැනි දසවැනි අපදාන නොගැඹුරු මැ යි.

එකතිංසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

තිස්එක්වැනි වර්ග වර්ණනාවයි.