යෙදුමෙන් කියවන්න

32. ආරක‍්ඛදායකවග‍්ගො අට‍්ඨකථා

32. ආරක‍්ඛදායකවග‍්ගො

32. ආරක්ඛදායක වර්‍ගය

ආරක‍්ඛදායකත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

බාත‍්තිංසතිමවග‍්ගෙ පඨමදුතියතතියාපදානානි සුවිඤ‍්ඤෙය්‍යානෙව.

තිස්දෙවැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි තෙවැනි අපදාන පහසුවෙන් දතහැක්කේමය.

චතුත්‍ථාපදානෙ ජලජග‍්ගෙහි ඔකිරින‍්ති ජලජෙහි උත‍්තමෙහි උප‍්පලපදුමාදීහි පුප‍්ඵෙහි ඔකිරිං පූජෙසින‍්ති අත්‍ථො.

සිව්වැනි අපදානයෙහි ජලජග්ගෙහි ඔකිරිං යනු ජලයෙහි හටගත් උතුම් මහනෙල් නෙළුම් මලින් ඔකිරිං පිදුවෙමි යන අර්ථයි.

පඤ‍්චමාපදානං උත‍්තානමෙව.

පස්වැනි අපදානය නොගැඹුරුමය.

ඡට‍්ඨාපදානෙ චෙතියං උත‍්තමං නාම, සිඛිනො ලොකබන්‍ධුනොති සකලලොකත‍්තයස‍්ස බන්‍ධුනො ඤාතකස‍්ස සිඛිස‍්ස භගවතො උත‍්තමං චෙතියං. ඉරීණෙ ජනසඤ‍්චරවිරහිතෙ වනෙ මනුස‍්සානං කොලාහලවිරහිතෙ මහාඅරඤ‍්ඤෙ අහොසීති සම‍්බන්‍ධො. අන්‍ධාහිණ‍්ඩාමහං තදාති තස‍්මිං කාලෙ වනෙ මග‍්ගමූළ‍්හභාවෙන අන්‍ධො, න චක‍්ඛුනා අන්‍ධො, අහං ආහිණ‍්ඩාමි මග‍්ගං පරියෙසාමීති අත්‍ථො. පවනා නික‍්ඛමන‍්තෙනාති මහාවනතො නික‍්ඛමන‍්තෙන මයා සීහාසනං උත‍්තමාසනං, සීහස‍්ස වා භගවතො ආසනං දිට‍්ඨන‍්ති අත්‍ථො. එකංසං අඤ‍්ජලිං කත්‍වාති එකංසං උත‍්තරාසඞ‍්ගං කත්‍වා සිරසි අඤ‍්ජලිං ඨපෙත්‍වාති අත්‍ථො. සන්‍ථවිං ලොකනායකන‍්ති සකලලොකත‍්තයනයං තං නිබ‍්බානං පාපෙන‍්තං ථොමිතං ථුතිං අකාසින‍්ති අත්‍ථො.

සවැනි අපදානයෙහි චෙතියං උත්තමං නාම සිඛිනො ලොක බන්‍ධුනො යනු සියලු තුන්ලොවට බන්‍ධුනො ඥාතී වූ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ උත්තම චෛත්‍යය ඉරිනෙ ජනයාගේ හැසිරීමෙන් විරහිත. විවනෙ මිනිසුන්ගේ කෝලාහල රහිත මහා අරණ්‍යයෙහි විය යනු සම්බන්ධයි. අන්‍ධාභිණ්ඩාමහං තදා යනු ඒ කාලයෙහි වනයෙහි මංමුළා වූ බැවින් අන්ධ වූ ඇසින් අන්ධ නොවූයේ අහං මම ආහිණ්ඩාමි මාර්ගය සොයමි යන අර්ථයි. පවනා නික්ඛමන්තෙන යනු මහා වනයෙන් නික්මෙන මා විසින්. සීහාසනං උතුම් අසුන. සිංහයාගේ අසුන හෝ භාග්‍යවතුන් වහන්සේගේ අසුන දුටුවෙමි යන අර්ථයි. එකංසං අඤ්ජලිංකත්‍වා යනු උතුරුසළුව එකස්කොට හිසෙහි අඤ්ජලිය තබා යන අර්ථයි. ථොමිස්සං ලොකනායකං යනු සියලු තුන්ලොව නයන්තං නිවනට පමුණුවන ලෝකනාථයන් වහන්සේට ථොමිස්සං ස්තුති කෙළෙමි යන අර්ථයි.

සත‍්තමාපදානෙ සුදස‍්සනො මහාවීරොති සුන්‍දරදස‍්සනො ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණසම‍්පන‍්නසරීරත‍්තා මනොහරදස‍්සනො මහාවීරියො සිද‍්ධත්‍ථො භගවාති සම‍්බන්‍ධො. වසතිඝරමුත‍්තමෙති උත‍්තමෙ විහාරෙ වසතීති අත්‍ථො.

සත්වැනි අපදානයෙහි සුදස්සනො මහාවීරො යනු සොඳුරු දසුන් ඇති දෙතිස් සංවර මහා පුරුෂ ලක්‍ෂණ ඇති ශරීරයක් ඇති බැවින් මනහර දසුන් ඇති මහාවීර්ය ඇති සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. වසතී ඝර මුත්තමෙ යනු උතුම් වෙහෙරෙහි වසන සේක යන අර්ථයි.

අට‍්ඨමනවමදසමාපදානානි උත‍්තානානෙවාති.

අටවැනි නවවැනි දසවැනි අපදාන නොගැඹුරු ම ය.

බාත‍්තිංසතිමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

තිස්දෙවැනි වර්ග වර්ණනාවයි.