27. පදුමුක්ඛිපවග්ගො අට්ඨකථා
27. පදුමුක්ඛිපවග්ගො
27. ආකාසුක්ඛිපිය වර්ගය
ආකාසුක්ඛිපියත්ථෙරඅපදානාදිවණ්ණනා
සත්තවීසතිමෙ වග්ගෙ පඨමාපදානෙ ජලජග්ගෙ දුවෙ ගය්හාති ජලෙ උදකෙ ජාතෙ අග්ගෙ උප්පලාදයො ද්වෙ පුප්ඵෙ ගහෙත්වා බුද්ධස්ස සමීපං ගන්ත්වා එකං පුප්ඵං පාදෙසු නික්ඛිපිං පූජෙසිං, එකං පුප්ඵං ආකාසෙ ඛිපින්ති අත්ථො.
විසිහත්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ජලජග්ගෙ දුවෙ ගය්හ යනු ජලෙ ජලයෙහි හටගත් අග්ර වූ උත්පල ආදී මල් දෙකක් ගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් එක් මලක් පාමුල නික්ඛිපිං පූජා කෙළෙමි. එක් මලක් අහසට දැමීමි යන අර්ථයි.
දුතියාපදානං පාකටමෙව.
දෙවැනි අපදානය ප්රකට ම ය.
තතියාපදානෙ බොධියා පාදපුත්තමෙති උත්තමෙ බොධිපාදපෙ. අඩ්ඪචන්දං මයා දින්නන්ති තස්මිං බොධිමූලෙ අඩ්ඪචන්දාකාරෙන මයා අනෙකපුප්ඵානි පූජිතානීති අත්ථො. ධරණීරුහපාදපෙති රුක්ඛපබ්බතරතනාදයො ධාරෙතීති ධරණී, පථවී, ධරණියා රුහති පතිට්ඨහතීති ධරණීරුහො, පාදසඞ්ඛාතෙන මූලෙන උදකං පිවති ඛන්ධවිටපාදීසු පත්ථරියතීති පාදපො, ධරණීරුහො ච සො පාදපො චෙති ධරණීරුහපාදපො, තස්මිං ධරණීරුහපාදපෙ පුප්ඵං මයා පූජිතන්ති අත්ථො.
තෙවැනි අපදානයෙහි බොධියාපාදපුත්තමෙ යනු උතුම් වූ බෝධි වෘක්ෂයෙහි. අඩ්ඪචාදං මයා දින්නං යනු ඒ බෝධිමූලයෙහි අර්ධ චන්ද්රාකාරයෙන් මා විසින් නොයෙක් මල් පූජාකරන ලද්දේය යන අර්ථයි. ධරණීරුහාපාදපෙ යනු වෘක්ෂ පර්වත රත්න ආදී දරානුයි ධරණී, පෘථුවියයි. ධරණියෙහි රුහති පිහිටානුයි ධරණීරුහ නමි. පාදසංඛ්යාත වූ මුලින් ජලය පානය කෙරේනුයි කඳ අතු ආදියෙහි පැතිරේනුයි පාදප නමි. ධරණීරුහ වූයේ ද හෙම පාදප වූයේ ද ධරණීරුහපාදප නමි. ඒ ධරණීරුහ පාදපයෙහි මා විසින් මලක් පූජා කරන ලද්දේය යන අර්ථයි.
චතුත්ථාපදානං උත්තානත්ථමෙව.
සිව්වැනි අපදානය නො ගැඹුරු ම ය.
පඤ්චමාපදානෙ හිමවන්තස්සාවිදූරෙති හිමවන්තස්ස ආසන්නෙ. රොමසො නාම පබ්බතොති රුක්ඛලතාගුම්බාභාවා කෙවලං දබ්බතිණාදිසඤ්ඡන්නත්තා රොමසො නාම පබ්බතො අහොසි. තම්හි පබ්බතපාදම්හීති තස්මිං පබ්බතපරියන්තෙ. සමණො භාවිතින්ද්රියොති සමිතපාපො වූපසන්තකිලෙසො සමණො වඩ්ඪිතඉන්ද්රියො, රක්ඛිතචක්ඛුන්ද්රියාදිඉන්ද්රියොති අත්ථො. අථ වා වඩ්ඪිතඉන්ද්රියො වඩ්ඪිතසද්ධින්ද්රියාදිඉන්ද්රියොති අත්ථො. තස්ස සමණස්ස අහං බිළාලිආලුවෙ ගහෙත්වා අදාසින්ති අත්ථො.
පස්වැනි අපදානයෙහි හිමවන්තස්සාවිදුරෙ යනු හිමවතට ආසන්නයෙහි රොමසො නාම පබ්බජිතො යනු රුක්ලිය ගැබින් හෝ හුදෙක් කුසතණ ආදියෙන් ගැවසුණු බැවින් රොමසො නම් පර්වතයක් විය. තස්මිං පබ්බත පාදම්හි යනු ඒ පර්වතය කෙළවර සමණො භාවිතින්ද්රියො පව් නැසූ සන්සුන් කළ කෙලෙස් ඇති සමණො වඩන ලද ඉන්ද්රිය ඇති රැකි චක්ෂු ඉන්ද්රිය ඇති යන අර්ථයි. නැතහොත් වඩන ලද ඉන්ද්රිය ඇත්තේ වඩන ලද ශ්රද්ධා ඉන්ද්රිය ඇත්තේ යන අර්ථයි. ඒ ශ්රමණයන් වහන්සේට මම බිළාලි ආලුවෙ-නෙළුම් අල ගෙන දුනිමි යන අර්ථයි.
ඡට්ඨසත්තමට්ඨමනවමදසමාපදානානි උත්තානත්ථානෙවාති.
සවැනි - සත්වැනි - අටවැනි - නවවැනි - දසවැනි අපදාන නොගැඹුරුමය.
සත්තවීසතිමවග්ගවණ්ණනා සමත්තා.
විසිහත්වෙනි වර්ග වර්ණනාවයි.