41. මෙත්තෙය්යවග්ගො අට්ඨකථා
41. මෙත්තෙය්යවග්ගො
41. මෙත්තෙය්‍ය වර්ගය
තිස්සමෙත්තෙය්යත්ථෙරඅපදානවණ්ණනා
එකචත්තාලීසමෙ වග්ගෙ පඨමාපදානෙ පබ්භාරකූටං නිස්සායාතිආදිකං තිස්සමෙත්තෙය්යත්ථෙරස්ස අපදානං. තත්ථ තාපසපබ්බජ්ජං පබ්බජිත්වා පදුමුත්තරස්ස භගවතො අජිනචම්මං නිසීදනත්ථාය දින්නමෙව නානං. සෙසං අපදානපාළියා සුවිඤ්ඤෙය්යමෙවාති.
සතළිස් එක්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පබ්බතකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය තෙරුන් වහන්සේගේ අපදානයයි. තවුස් පැවිද්දෙන් පැවිදි ව පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට අඳුන්දිවිසම දන්දීම පමණක් වෙනස්ය. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
පුණ්ණකත්ථෙරඅපදානවණ්ණනා
දුතියාපදානෙ පබ්භාරකූටං නිස්සායාතිආදිකං ආයස්මතො පුණ්ණකත්ථෙරස්ස අපදානං. තත්ථ හිමවන්තෙ යක්ඛසෙනාපති හුත්වා පරිනිබ්බුතස්ස පච්චෙකබුද්ධස්ස ආළහනකරණමෙව නානත්තං. සෙසං පාඨානුසාරෙන සුවිඤ්ඤෙය්යමෙව.
දෙවැනි අපදානයෙහි පබ්භාරකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් පුණ්ණක තෙරුන් වහන්සේගේ අපදානයයි. එහි හිමවතෙහි යක්ෂ සේනාපතියකු වී පිරිනිවි බුදුරජාණන් වහන්සේගේ ආදාහනය කිරීම පමණක් වෙනස්ය. සෙස්ස පෙළ අනුසාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.
තතියාපදානෙ හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො මෙත්තගුත්ථෙරස්ස අපදානං. තත්ථ හිමවන්තසමීපෙ අසොකපබ්බතෙ සො තාපසො හුත්වා පණ්ණසාලායං වසන්තො සුමෙධසම්බුද්ධං දිස්වා පත්තං ගහෙත්වා සප්පිපූරණං විසෙසො. සෙසං පුඤ්ඤඵලානි ච සුවිඤ්ඤෙය්යානෙව. අපදානගාථානං අත්ථො ච පාකටොයෙව.
තෙවැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් මෙත්තගුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. හිමවත සමීපයෙහි අශෝක පර්වතයෙහි හේ තවුසෙක් ව පන්සලෙහි වසන්නේ සුමෙධ සම්බුදුරජාණන් වහන්සේ දැක පාත්‍රය ගෙන ගිතෙලින් පුරවා දුන්නේය. එය විශේෂයයි. පින්පල ආදී සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය. අපදාන ගාථාවන්ගේ අර්ථයද ප්‍රකට ම ය.
චතුත්ථාපදානෙ ගඞ්ගා භාගීරථී නාමාතිආදිකං ආයස්මතො ධොතකත්ථෙරස්ස අපදානං. තත්රාපි බ්රාහ්මණො හුත්වා භාගීරථීගඞ්ගාය තරමානෙ භික්ඛූ දිස්වා පසන්නමානසො සෙතුං කාරාපෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිය්යාදිතභාවොයෙව විසෙසො. පුඤ්ඤඵලපරිදීපනගාථානං අත්ථො නයානුසාරෙන සුවිඤ්ඤෙය්යොව.
සිව්වැනි අපදානයෙහි ගඞ්ගාභාගීරථීනාම යනාදි වශයෙන් ආයුෂ්මත් ගොධක තෙරුන් වහන්සේගේ අපදානයයි. එහිද බමුණෙක් ව භාගීරථී ගංගාව තරණය කරන්නේ භික්ෂූන් දැක පහන් සිතැත්තේ ඒදඬුවක් කරවා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට පවරාදුන් බව පමණක් විශේෂයි. පින්පල දක්වන ගාථාවල අර්ථය නියමානුසාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.
පඤ්චමාපදානෙ හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො උපසිවත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ පදුමුත්තරං භගවන්තං දිස්වා තිණසන්ථරං සන්ථරිත්වා තත්ථ නිසින්නස්ස භගවතො සාලපුප්ඵපූජං අකාසීති අයං විසෙසො, සෙසමුත්තානමෙව.
පස්වැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් උපසීව තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතුමා ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක තණ ඇතිරියක් අතුරා සත්ථු වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට සල්මල් පූජාවක් කළේය යන්න මේ විශේෂයයි. සෙස්ස නොගැඹුරු ම ය.
ඡට්ඨාපදානෙ මිගලුද්දො පුරෙ ආසින්තිආදිකං ආයස්මතො නන්දකත්ථෙරස්ස අපදානං. අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ කරවිකසකුණො හුත්වා මධුරකූජිතං කරොන්තො සත්ථාරං පදක්ඛිණං අකාසි. අපරභාගෙ මයූරො හුත්වා අඤ්ඤතරස්ස පච්චෙකබුද්ධස්ස වසනගුහාද්වාරෙ පසන්නමානසො දිවසස්ස තික්ඛත්තුං මධුරෙන වස්සිතං වස්සි. එවං තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි කත්වා අම්හාකං භගවතො කාලෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තො නන්දකොති ලද්ධනාමො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො මිගලුද්දො පුරෙ ආසින්තිආදිමාහ. තත්ථ පච්චෙකබුද්ධස්ස මණ්ඩපං කත්වා පදුමපුප්ඵෙහි ඡදනමෙව විසෙසො.
සවැනි අපදානයෙහි මිගලුද්දොපුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් නන්දක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතුමාද වනාහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කාලයෙහි කරවීක පක්ෂියෙක් ව මිහිරි හඬින් නාද කරමින් ශාස්තෲන් වහන්සේ ප්රදක්ෂිණා කළේය. පසුකලෙක මොනරෙක් ව එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වසන ලෙන්දොර පහන් සිතැත්තේ දවසට තෙවරක් මිහිරිහඬින් (නද කරනවිට) වැස්සක් වැස්සේය. මෙසේ භවයෙහි තැනින් තැන පින්කොට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද නන්දකයයි ලද නම් ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි දහම් අසා පැවිදි ව විදසුන් වඩා රහත් බවට පැමිණියේය. උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘මිගලුද්දොපුරෙ ආසිං’ යානදිය කීහ. එහි පසේ බුදුරජාණන් වහන්සේට මණ්ඩපයක් කොට නෙළුම්මලින් වැසීම පමණක් විශේෂයකි.
සත්තමාපදානෙ පබ්භාරකූටං නිස්සායාතිආදිකං ආයස්මතො හෙමකත්ථෙරස්ස අපදානං. තත්ථාපි ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ වසන්තො පියදස්සිං භගවන්තං උපගතං දිස්වා රතනමයං පීඨං අත්ථරිත්වා අට්ඨාසි. තත්ථ නිසින්නස්ස කුම්භමත්තං ජම්බුඵලං ආහරිත්වා අදාසි. භගවා තස්ස චිත්තප්පසාදත්ථාය තං ඵලං පරිභුඤ්ජි. එත්තකමෙව විසෙසො.
සත්වැනි අපදානයෙහි පබ්භාරකූටං නිස්සාය යනාදි වශයෙන් ආයුෂ්මත් හෙමක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද සෘෂි පැවිද්දෙන් පැවිදි ව හිමවතෙහි වසන්නේ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ පැමිණි බව දැක රන්මුවා පුටුවක් පනවා දුන්නේ ය. එහි වැඩහුන් බුදුරජාණන් වහන්සේට කළයක් තරම් දඹපලයක් ගෙනවුත් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත්පහන්වීම පිණිස ඒ ඵලය වැළඳූ සේක. විශේෂය මෙපමණය.
අට්ඨමාපදානෙ රාජාසි විජයො නාමාතිආදිකං ආයස්මතො තොදෙය්යත්ථෙරස්ස අපදානං. තත්ථ රාජාසි විජයො නාමාති දහරකාලතො පට්ඨාය සබ්බසඞ්ගාමෙසු ජිනතො, චතූහි සඞ්ගහවත්ථූහි ජනං රඤ්ජනතො අල්ලීයනතො විජයො නාම රාජා අහොසීති අත්ථො. කෙතුමතීපුරුත්තමෙති කෙතු වුච්චන්ති ධජපටාකා. අථ වා නගරසොභනත්ථාය නගරමජ්ඣෙ උස්සාපිතරතනතොරණානි, තෙ කෙතූ නිච්චං උස්සාපිතා සොභයමානා අස්සා අත්ථීති කෙතුමතී. පූරෙති ධනධඤ්ඤෙහි සබ්බජනානං මනන්ති පුරං. කෙතුමතී ච සා පුරඤ්ච සෙට්ඨට්ඨෙන උත්තමඤ්චෙති කෙතුමතීපුරුත්තමං, තස්මිං කෙතුමතීපුරුත්තමෙ. සූරො වික්කමසම්පන්නොති අභීතො වීරියසම්පන්නො විජයො නාම රාජා අජ්ඣාවසීති සම්බන්ධො. ඉත්ථං භූතං පුරඤ්ච සබ්බවත්ථුවාහනඤ්ච ඡඩ්ඩෙත්වා හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා වසන්තො සුමෙධභගවන්තං දිස්වා සොමනස්සං උප්පාදෙත්වා චන්දනෙන පූජාකරණමෙව විසෙසො.
අටවැනි අපදානයෙහි රාජාසි විජයො නාම යනාදි වශයෙන් ආයුෂ්මත් තොදෙය්‍ය තෙරුන් වහන්සේගේ අපදානයයි. එහිද රාජාසි විජයො නාම යනු තරුණ කාලයෙහි පටන් සියලු සංග්රාමයන්හි ජයගන්නා බැවින් සතරසංග්‍රහ වස්තූන්ගෙන් ජනයා රංජනය කරන හෙයින් ඇලෙන බැවින් විජයනම් රජ වීය යන අර්ථයි. කෙතුමතී පුරුත්තමෙ යනු කේතු යනු ධ්වජපතාකය. නැතහොත් නගරයෙහි සිට පාලනය සඳහා නුවරමැද ඔසවන ලද රුවන් තොරන් ය. ඒ කේතු නිතරම ඔසවනලදුව බබලමින් ඇතැයි කේතුමතී, සියලු ජනයාගේ සිත් ධනධාන්‍යයෙන් පිරේනුයි පුරං. කේතුමතිය ද නගරය ද ශ්‍රේෂ්ඨ අර්ථයෙන් උත්තම ද වේනුයි කේතුමතී පුරුත්තම ඒ උතුම් පුරයෙහි. සුරො වික්කම සම්පන්නො යනු අභීත වූ වීර්ය සම්පන්න වූ විජය නම් රජතෙමේ වාසය කරයි යනු සම්බන්ධයි. මෙබඳු වූ පුරය ද සියලු වස්තු වාහන ද හැරදමා හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදි ව වසන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේ දැක සොම්නස් උපදවා සඳුන් පූජා කිරීම පමණක් විශේෂයි.
නවමාපදානෙ නගරෙ හංසවතියාතිආදිකං ආයස්මතො ජතුකණ්ණිත්ථෙරස්ස අපදානං. තත්ථ සෙට්ඨිපුත්තො හුත්වා සුවණ්ණපාසාදෙ වසනභාවො ච පඤ්චහි කාමගුණෙහි සමඞ්ගී හුත්වා වසනභාවො ච සබ්බදෙසවාසීනං සබ්බසිප්පවිඤ්ඤූනඤ්ච ආගන්ත්වා සෙවනභාවො ච විසෙසො.
නවවැනි අපදානයෙහි නගරෙ හංසවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් ඡතුකණ්ණිය තෙරුන් වහන්සේගේ අපදානයයි. එහි සිටුපුත්‍රයෙක් ව රන්පහයෙහි වසන බව ආදිය කියන ලද්දේමය. [missing trans]
දසමාපදානෙ හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො උදෙනත්ථෙරස්ස අපදානං. තත්ථ හිමවන්තසමීපෙ පදුමපබ්බතං නිස්සාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා වසන්තෙන පදුමුත්තරස්ස භගවතො පදුමපුප්ඵං ගහෙත්වා පූජිතභාවොව විසෙසො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දසවැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් උදෙන තෙරුන් වහන්සේගේ අපදානයයි. එහි හිමවත සමීපයෙහි පදුම පර්වතය නිසා තවුස් පැවිද්දෙන් පැවිදි ව වසන්නහු විසින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට නෙළුම් මල්ගෙන පුදන ලද බවම විශේෂයයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරුමය.
එකචත්තාලීසමවග්ගවණ්ණනා සමත්තා.
සතළිස් එක්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.