යෙදුමෙන් කියවන්න

40. පිලින්‍දවච‍්ඡවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

40. පිළින්‍දවච්ඡ වර්‍ගය

391. පිලින්‍දවච‍්ඡත්‍ථෙරඅපදානවණ‍්ණනා

391. පිළින්‍දිවච්ඡ ථේර අපදාන වර්ණනාව

චත‍්තාලීසමවග‍්ගෙ අපදානෙ නගරෙ හංසවතියාතිආදිකං ආයස‍්මතො පිලින්‍දවච‍්ඡත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ දොවාරිකකුලෙ නිබ‍්බත‍්තො මහද‍්ධනො මහාභොගො අහොසි. සො කොටිසන‍්නිචිතධනරාසිං ඔලොකෙත්‍වා රහො නිසින‍්නො “ඉමං සබ‍්බධනං මයා සම‍්මා ගහෙත්‍වා ගන‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා “බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සබ‍්බපරික‍්ඛාරදානං දාතුං වට‍්ටතී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා ඡත‍්තසතසහස‍්සං ආදිං කත්‍වා සබ‍්බපරිභොගපරික‍්ඛාරානිපි සතසහස‍්සවසෙන කාරෙත්‍වා පදුමුත‍්තරං භගවන‍්තං නිමන‍්තෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදාසි. එවං සත‍්තාහං දානං දත්‍වා පරියොසානදිවසෙ නිබ‍්බානාධිගමං පත්‍ථෙත්‍වා යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා ජීවිතපරියොසානෙ දෙවලොකෙ නිබ‍්බත‍්තො ඡ කාමාවචරෙ දිබ‍්බසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සෙසු ච චක‍්කවත‍්තිආදිසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තො ගොත‍්තවසෙන පිලින්‍දවච‍්ඡොති පාකටො අහොසි.

සතළිස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි නගරෙ හංසවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් පිළිදිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර දොරටුපාල පවුලක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ විය. හේ කෝටි ගණනින් උපයන ලද ධනරාශිය බලා රහසිගතව හුන්නේ මේ සියලු ධනය මා විසින් මැනවින් ගෙන යන්නට වටීයයි සිතා බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සියලු පිරිකර සහිත මහා දානයක් දෙන්නට සනිටුහන් කොට සියලු පරිභෝග පරිෂ්කාර සියදහසක් වශයෙන් කරවා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට ආරාධනාකොට බුද්ධප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්නේ ය. මෙසේ සත්දිනක් දන් දී අවසන් දවසෙහි නිවන් අවබෝධය පතා දිවි ඇති තෙක් පින්කොට ජීවිතය කෙළවර දෙව්ලොව උපන්නේ ස කාමාවචර දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදි සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ ගෝත්‍ර වශයෙන් පිළින්‍දිවච්ඡ යයි ප්‍රකට විය.

සො එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො උදානවසෙන තං පකාසෙන‍්තො නගරෙ හංසවතියාතිආදිමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොව. ආසිං දොවාරිකො අහන‍්ති අහං හංසවතීනගරෙ රඤ‍්ඤො ගෙහද‍්වාරෙ ද‍්වාරපාලකො ආසිං අහොසින‍්ති අත්‍ථො. අක‍්ඛොභං අමිතං භොගන‍්ති රඤ‍්ඤො වල‍්ලභත‍්තා අඤ‍්ඤෙහි ඛොභෙතුං චාලෙතුං අසක‍්කුණෙය්‍යං අමිතං අපරිමාණභොගං ධනං මම ඝරෙ සන‍්නිචිතං රාසීකතං අහොසීති අත්‍ථො.

හේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි වූ නොබෝකලකින් රහත් වී තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ උදාන වශයෙන් එය ප්‍රකාශ කරන්නේ නගරෙහංසවතියා යනාදිය කීය. එහි අර්ථය යට කියන ලදි. ආසිං දොවාරිකො ආසිං යනු හංසවතී නුවර රජුගේ ගෘහපාලකයා ආසිං වීමි යන අර්ථයි. අක්ඛොහං අමිතං භොගං යනු රජුට වල්ලභ හෙයින් අනුන් විසින් ඛොහෙතුං සොලවන්නට නොහැකි අමිතං අප්‍රමාණ භොගං ධනය මාගේ ගෙහි සන්නිචිතං රැස්කරන ලද්දේ විය යන අර්ථයි.

බහූ මෙධිගතා භොගාති අනෙකා භොගා මෙ මයා අධිගතා පත‍්තා පටිලද‍්ධාති අත්‍ථො . සත්‍ථවාසිආදීනං පරික‍්ඛාරානං නාමානි නයානුයොගෙන සුවිඤ‍්ඤෙය්‍යානි. පරික‍්ඛාරදානානිසංසානි ච සුවිඤ‍්ඤෙය්‍යානෙවාති.

බහුමෙධිගතා භොගා යනු මෙ මා විසින් අධිගතා පැමිණෙන ලද්දේ ලබන ලද්දේ යන අර්ථයි. කුඩ දැලි පිහි ආදී පිරිකරවල නම්ද පහසුවෙන් දතහැකිය. පිරිකර දන්දීමේ ආනිසංසද නියමානුකාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.

පිලින්‍දවච‍්ඡත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පිළින්‍දිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

දුතියතතියචතුත්‍ථපඤ‍්චමාපදානානි උත‍්තානානෙවාති.

දෙවැනි, තෙවැනි, සිව්වැනි, පස්වැනි අපදාන නොගැඹුරුමය.

396. බාකුලත්‍ථෙරඅපදානවණ‍්ණනා

396. බක්කුල ථේර අපදාන වර්ණනාව

ඡට‍්ඨාපදානෙ හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිකං බාකුලත්‍ථෙරස‍්ස අපදානං. අයං කිර ථෙරො අතීතෙ ඉතො කප‍්පසතසහස‍්සාධිකස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යස‍්ස මත්‍ථකෙ අනොමදස‍්සිස‍්ස භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා තත්‍ථ සාරං අපස‍්සන‍්තො “සම‍්පරායිකත්‍ථං ගවෙසිස‍්සාමී”ති ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පබ‍්බතපාදෙ විහරන‍්තො පඤ‍්චාභිඤ‍්ඤාඅට‍්ඨසමාපත‍්තීනං ලාභී හුත්‍වා විහරන‍්තො බුද‍්ධුප‍්පාදං සුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා සරණෙසු පතිට‍්ඨිතො සත්‍ථු වාතාබාධෙ උප‍්පන‍්නෙ අරඤ‍්ඤතො භෙසජ‍්ජානි ආනෙත්‍වා තං වූපසමෙත්‍වා තං පුඤ‍්ඤං ආරොග්‍යත්‍ථාය පරිණාමෙත්‍වා තතො චුතො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සත්‍ථාරං එකං භික‍්ඛුං අප‍්පාබාධානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයං තං ඨානන‍්තරං ආකඞ‍්ඛන‍්තො පණිධානං කත්‍වා යාවජීවං කුසලකම‍්මං උපචිනිත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො විපස‍්සිස‍්ස භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව බන්‍ධුමතීනගරෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තො තත්‍ථ සාරං අපස‍්සන‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤාලාභී හුත්‍වා පබ‍්බතපාදෙ වසන‍්තො බුද‍්ධුප‍්පාදං සුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සරණෙසු පතිට‍්ඨාය භික‍්ඛූනං තිණපුප‍්ඵකරොගෙ උප‍්පන‍්නෙ තං වූපසමෙත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිත්‍වා තතො එකනවුතිකප‍්පෙ දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා ඝරාවාසං වසන‍්තො එකං ජිණ‍්ණං විනස‍්සමානං මහාවිහාරං දිස‍්වා තත්‍ථ උපොසථාගාරාදිකං සබ‍්බං ආවසථං කාරාපෙත්‍වා තත්‍ථ භික‍්ඛුසඞ‍්ඝස‍්ස සබ‍්බං භෙසජ‍්ජං පටියාදෙත්‍වා යාවජීවං කුසලං කත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව කොසම‍්බියං සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්ති.

දෙවැනි, තෙවැනි, සිව්වැනි, පස්වැනි අපදාන නොගැඹුරුමය. සවැනි අපදානයෙහි හිමවන්තස්ස අවිදුරෙ ආදි වශයෙන් ආයුෂ්මත් බක්කුල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද අතීතයෙහි මෙයින් අසංඛ්‍ය කල්ප සියදහසකට අධික කලකට පෙර අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ තුන්වේදයන් ඉගෙන එහි හරයක් නොදක්නේ පරලොව දියුණුව සොයා යන්නෙමියි සෘෂි පැවිද්දෙන් පැවිදි ව පර්වත පාදයෙහි වාසය කරන්නේ පංචඅභිඥා අෂ්ට සමාපත්තිලාභීව බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා සරණයන්හි පිහිටියේ ශාස්තෲන් වහන්සේට වාතාබාධ ඇතිවූ කල්හි වනයෙන් බෙහෙත් ගෙනවුත් එය සුව කළේය. හේ එයින් චුතව බඹලොව ඉපිද එක් අසංඛෙය්‍යයක් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක අල්පාබාධ ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක තමා ද ඒ තනතුර අපේක්‍ෂා කරන්නේ ප්‍රාර්ථනාවක් කොට දිවි ඇති තෙක් කුසල කර්මයන් රැස්කොට සුගතීන්හිම සැරිසරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බන්‍ධුමතී නුවර බමුණු කුලයෙහි උපන්නේ ය. හේ සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පත්වූයේ එහි හරයක් නොදක්නේ සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්‍යානලාභී වී පර්වත පාදයෙහි වසන්නේ බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා සරණයන්හි පිහිටා භික්‍ෂූන්ට පීනස් රෝගය වැළඳුණු කල්හි එය සුවපත්කොට දිවි ඇතිතෙක් සිට එයින් චුතවූයේ බඹලොව ඉපිද අනූඑක්වැනි කල්පයෙහි දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක ඉපිද ගෘහවාසයෙහි වසන්නේ එක් දිරාගිය විනාශයට යන විහාරයක් දැක එහි පොහොය ගෙය ආදී සියල්ල වාසස්ථානයක් කරවා, එහි භික්‍සු සංඝයාට සියලු බෙහෙත් පිළියෙලකොට දිවි ඇතිතෙක් කුසල්කොට බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම කොසඹෑනුවර සිටු කුලයක උපන්නේය.

සො මාතුකුච‍්ඡිතො නික‍්ඛමිත්‍වා ධාතීහි අරොගභාවාය යමුනායං න‍්හාපියමානො තාසං හත්‍ථතො මුච‍්චිත්‍වා මච‍්ඡෙන ගිලිතො අහොසි. කෙවට‍්ටා තං මච‍්ඡං ජාලාය ගහෙත්‍වා බාරාණසියං සෙට‍්ඨිභරියාය වික‍්කිණිංසු. සා තං ගහෙත්‍වා ඵාලයමානා පුබ‍්බෙ කතපුඤ‍්ඤඵලෙන අරොගං දාරකං දිස‍්වා “පුත‍්තො මෙ ලද‍්ධො”ති ගහෙත්‍වා පොසෙසි. සො ජනකෙහි මාතාපිතූහි තං පවත‍්තිං සුත්‍වා ආගන‍්ත්‍වා “අයං අම‍්හාකං පුත‍්තො, දෙථ නො පුත‍්ත”න‍්ති අනුයොගෙ කතෙ රඤ‍්ඤා “උභයෙසම‍්පි සාධාරණො හොතූ”ති ද‍්වින‍්නං කුලානං දායාදභාවෙන විනිච‍්ඡයං කත්‍වා ඨපිතත‍්තා බාකුලොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො මහාසම‍්පත‍්තිං අනුභවන‍්තො ද‍්වීසු සෙට‍්ඨිකුලෙසු එකෙකස‍්මිං ඡමාසං ඡමාසං වසති. තෙ අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ නාවාසඞ‍්ඝාටං බන්‍ධිත්‍වා තත්‍රූපරි රතනමණ‍්ඩපං කාරෙත්‍වා පඤ‍්චඞ‍්ගිකතූරියෙ නිප‍්ඵාදෙත්‍වා කුමාරං තත්‍ථ නිසීදාපෙත්‍වා උභයනගරමජ‍්ඣට‍්ඨානං ගඞ‍්ගාය ආගච‍්ඡන‍්ති, අපරසෙට‍්ඨිමනුස‍්සාපි එවමෙව සජ‍්ජෙත්‍වා තං ඨානං ගන‍්ත්‍වා කුමාරං තත්‍ථ ආරොපෙත්‍වා ගච‍්ඡන‍්ති. සො එවං වඩ‍්ඪමානො ආසීතිකො හුත්‍වා උභයසෙට‍්ඨිපුත‍්තොති පාකටො. සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සත‍්තාහං වායමන‍්තො අට‍්ඨමෙ දිවසෙ සහ පටිසම‍්භිදාය අරහත‍්තං පාපුණි.

හේ මව්කුසින් නික්ම කිරිමවුන් විසින් නීරෝගී බව පිණිස යමුනා නදියෙහි නහවනු ලබන්නේ ඔවුන්ගේ අතින් මිදුණේය. එකල්හි එක් මසකු විසින් ගිලින ලද්දේ විය. කෙවුලෝ ඒ මත්ස්‍යයා දැලින් ගෙන බරණැස සිටුවරයාගේ බිරිඳට වික්කාහුය. ඇය ඌ ගෙන පලන්නී පෙර කරන ලද පින් බලයෙන් නීරෝගී දරුවා දැක ‘මට පුතෙක් ලැබුණේයයි ගෙන පෝෂණය කළාය. ජාතක මව්පියන් විසින් ඒ පුවත අසා ගොස් ‘මේ අපගේ පුත්‍රයාය. ඔහු අපට දෙව’යි බලකළ කල්හි රජු විසින් දෙදෙනටම සාධාරණයක් වේවා’යි කුල දෙකටම දායාදයක් ලෙස විනිශ්චයකොට තැබූ බැවින් බක්කුලයයි ලද නම් ඇත්තේ වැඩිවිය පත්වූයේ මහා සම්පත් අනුභව කරන්නේ සිටුකුල දෙකෙහි එකින්එක සමසක් සමසක් වාසය කරයි. ඔවුහු තමතමන්ගේ වාරය පැමිණි කල්හි පහුරක් බැඳ ඒ මත රුවන් මණ්ඩපයක් කරවා පසඟතුරු දී කුමාරයා එහි හිඳුවා නගර දෙක මැද ගඟෙහි එක් තැනකට එති. අනිත් සිටුවරයාගේ මිනිස්සුද එසේම සදා එසේ ඒ ස්ථානයට ගොස් කුමාරයා ඒ අයුරින්ම ගෙන යති. හේ මෙසේ වැඩෙන්නේ දෙපිරිසේම ආශිර්වාදය ලබමින් සිටුවරුන් දෙදෙනාගේ පුත්‍රයා යයි ප්‍රකට වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව සත්දිනයක් වෑයම් කරන්නේ අටවැනි දවසෙහි පිළිසිඹියා සහිත රහත්බවට පත්විය.

සො අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොව. අපදානපාළිඅත්‍ථොපි සුවිඤ‍්ඤෙය්‍යොව. සො අරහත‍්තං පත්‍වා විමුත‍්තිසුඛෙන විහරන‍්තො සට‍්ඨිවස‍්සසතායුකො හුත්‍වා පරිනිබ‍්බායීති.

රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්ස අවිදූරෙ’ යනාදිය කීය. එහි අර්ථය යට කියන ලද්දේමය. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය. ඉන්පසු උන්වහන්සේ රහත්බවට පත්ව විමුක්ති සුඛයෙන් වාසය කරන්නාහු සැටදහසක් ආයුෂ ඇත්තේව පිරිනිවන් පෑ සේක.

බාකුලත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

බක්කුල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

397. ගිරිමානන්‍දත්‍ථෙරඅපදානවණ‍්ණනා

397. ගිරිමානන්‍ද ථේර අපදාන වර්ණනාව

සත‍්තමාපදානෙ භරියා මෙ කාලඞ‍්කතාතිආදිකං ආයස‍්මතො ගිරිමානන්‍දත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වයප‍්පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා වසන‍්තො අත‍්තනො භරියාය ච පුත‍්තෙ ච කාලඞ‍්කතෙ සොකසල‍්ලසමප‍්පිතො අරඤ‍්ඤං පවිසිත්‍වා පවත‍්තඵලභොජනො රුක‍්ඛමූලෙ විහාසි. තදා සුමෙධො භගවා තස‍්සානුකම‍්පාය තත්‍ථ ගන‍්ත්‍වා ධම‍්මං දෙසෙත්‍වා සොකසල‍්ලං අබ‍්බූළ‍්හෙසි . සො ධම‍්මං සුත්‍වා පසන‍්නමානසො සුගන්‍ධපුප‍්ඵෙහි භගවන‍්තං පූජෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා සිරසි අඤ‍්ජලිං කත්‍වා අභිත්‍ථවි.

සත්වැනි අපදානයෙහි භරියා මෙ කාලකතා යනාදි වශයෙන් ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ සුමෙධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය තබා වසන්නේ භාර්යාව ද දරුවන් ද කලුරිය කළකල්හි සෝහුලින් අනනා ලද්දේ අරණ්‍යයට පිවිස වැටුණු ඵල බොජුන් ඇත්තේ රුක්මුල්හි වාසය කළේය. එකල්හි සුමෙධ භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස එහි වැඩමකොට දහම් දෙසා සෝක නමැති හුල උගුලා දැමූ සේක. හේ දහම් අසා පහන් සිත් ඇත්තේ සුවඳමලින් භාග්‍යවතුන් වහන්සේ පුදා පසලා පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ ස්තුති කළේය.

සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයත්‍ථ සුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බිම‍්බිසාරරඤ‍්ඤො පුරොහිතස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ගිරිමානන්‍දොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු රාජගහාගමනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො කතිපයං දිවසං ගාමකාවාසෙ වසිත්‍වා සත්‍ථාරං වන්‍දිතුං රාජගහං අගමාසි. බිම‍්බිසාරමහාරාජා තස‍්ස ආගමනං සුත්‍වා තං උපසඞ‍්කමිත්‍වා “ඉධෙව, භන‍්තෙ, වසථ, අහං චතූහි පච‍්චයෙහි උපට‍්ඨහාමී”ති සම‍්පවාරෙත්‍වා ගතොපි බහුකිච‍්චත‍්තා තං න සරි. “ථෙරො අබ‍්භොකාසෙයෙව වසතී”ති. දෙවතා ථෙරස‍්ස තෙමනභයෙන වස‍්සධාරං වාරෙසුං. රාජා අවස‍්සනකාරණං උපධාරෙත්‍වා ඤත්‍වා ථෙරස‍්ස කුටිකං කාරාපෙසි. ථෙරො කුටිකායං වසන‍්තො සෙනාසනසප‍්පායලාභෙන චිත‍්තසමාධානං ලභිත්‍වා වීරියසමතං යොජෙත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි.

හේ ඒ පින්කමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ දෙතැනම සුව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර බිම්බිසාර රජුගේ පුරෝහිතයාට පුත් ව උපන්නේ ය. ඔහුට ගිරිමානන්ද යයි නමක් විය. හේ දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේ රජගහ නුවරට වැඩි ගමනේදී බුද්ධානුභාවය දැක ලද සැදැහැ ඇත්තේ පැවිදි ව මහණදම් පුරන්නේ කීපදවසක් ගම් අසපුවක වසා ශාස්තෲන් වහන්සේ වඳින්නට රජගහ නුවරට ගියේය. බිම්බිසාර මහරජ උන්වහන්සේගේ පැමිණීම අසා උන්වහන්සේ කරා එළඹ ස්වාමීනි මෙහිම වසනු මැනව. මම සිව්පසයෙන් උපස්ථාන කරමියි පවරා ගියේ නමුදු බොහෝ කළයුතු දෑ ඇති බැවින් එය සිහි නො කළේය. තෙරුන් වහන්සේ අවකාශ ස්ථානයක ම විසූ සේක. දෙවිවරු තෙරුන් වහන්සේ තෙමෙතියි යන බියෙන් වැසිදහර වැළකූහ. රජ තෙමේ වැසි නොවැසීමට කරුණ විමසා දැන තෙරුන්වහන්සේට කුඩා කුටියක් කරවීය. තෙරුන්වහන්සේ වසන්නාහු සේනාසන සප්‍රාය ලැබීමෙන් චිත්ත සමාධානය ලැබ වීර්ය මහත්වය යෙදූ විදසුන් උත්සුක කරවා රහත් බවට පැමිණියහ.

සො අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො භරියා මෙ කාලඞ‍්කතාතිආදිමාහ. තං භගවතො නිවෙදනඤ‍්ච භගවතා කතානුසාසනඤ‍්ච මග‍්ගං ඵලාධිගමාපදානඤ‍්ච පාඨානුසාරෙන සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ රහත්බවට පැමිණ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘භරියා මෙ කාලකතා’ යනාදිය කීහ. භාග්‍යවතුන් වහන්සේට කළ දැන්වීමද භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අනුශාසනාව ද මාර්ගඵල අධිගම අපදානය ද පෙළ අනුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.

ගිරිමානන්‍දත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ගිරිමානන්‍ද තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

අට‍්ඨමනවමදසමාපදානානි උත‍්තානත්‍ථානෙවාති.

අටවැනි නවවැනි දසවැනි අපදාන නොගැඹුරු අරුත් ඇත්තේමය.

චත‍්තාලීසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

සතළිස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.