යෙදුමෙන් කියවන්න

39. අවටඵලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

39. අවණ්ටඵල වර්‍ගය

එකූනචත‍්තාලීසමවග‍්ගෙපි පඨමාපදානාදීනි අට‍්ඨමාපදානන‍්තානි උත‍්තානානෙවාති.

තිස්නවවැනි වර්ගයෙහිද පළමු අපදාන ආදිය නොගැඹුරුමය.

389. සොණකොටිවීසත්‍ථෙරඅපදානවණ‍්ණනා

389. සෝණකෝටිවීස ථේර අපදාන වර්ණනාව

නවමාපදානෙ පන විපස‍්සිනො පාවචනෙතිආදිකං ආයස‍්මතො සොණස‍්ස කොටිවීසත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ මහාවිභවෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සෙට‍්ඨි හුත්‍වා උපාසකෙහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො භගවතො චඞ‍්කමනට‍්ඨානෙ සුධාය පරිකම‍්මං කාරෙත්‍වා එකඤ‍්ච ලෙණං කාරෙත්‍වා නානාවිරාගවත්‍ථෙහි ලෙණභූමියා සන්‍ථරිත්‍වා උපරි විතානඤ‍්ච කත්‍වා චාතුද‍්දිසස‍්ස සඞ‍්ඝස‍්ස නිය්‍යාදෙත්‍වා සත‍්තාහං මහාදානං දත්‍වා පණිධානං අකාසි. සත්‍ථා අනුමොදනං අකාසි. සො තෙන කුසලකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං කප‍්පෙ පරිනිබ‍්බුතෙ කස‍්සපදසබලෙ අනුප‍්පන‍්නෙ අම‍්හාකං භගවති බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො ගඞ‍්ගාතීරෙ පණ‍්ණසාලං කරිත්‍වා වසන‍්තං එකං පච‍්චෙකබුද‍්ධං තෙමාසං චතූහි පච‍්චයෙහි සක‍්කච‍්චං උපට‍්ඨහි. පච‍්චෙකබුද‍්ධො වුට‍්ඨවස‍්සො පරිපුණ‍්ණපරික‍්ඛාරො ගන්‍ධමාදනමෙව අගමාසි. සොපි කුලපුත‍්තො යාවජීවං තත්‍ථ පුඤ‍්ඤානි කත්‍වා තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං භගවතො කාලෙ චම‍්පානගරෙ අග‍්ගසෙට‍්ඨිස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස පටිසන්‍ධිග‍්ගහණකාලතො පට‍්ඨාය සෙට‍්ඨිස‍්ස මහාභොගක‍්ඛන්‍ධො අභිවඩ‍්ඪි. තස‍්ස මාතුකුච‍්ඡිතො නික‍්ඛමනදිවසෙ සකලනගරෙ මහාලාභසක‍්කාරසම‍්මානො අහොසි, තස‍්ස පුබ‍්බෙ පච‍්චෙකබුද‍්ධස‍්ස සතසහස‍්සග‍්ඝනිකරත‍්තකම‍්බලපරිච‍්චාගෙන සුවණ‍්ණවණ‍්ණො සුඛුමාලතරො ච අත‍්තභාවො අහොසි, තෙනස‍්ස සොණොති නාමං අකංසු. සො මහතා පරිවාරෙන අභිවඩ‍්ඪි. තස‍්ස හත්‍ථපාදතලානි බන්‍ධුජීවකපුප‍්ඵවණ‍්ණානි අහෙසුං, තෙසං සතවාරං විහතකප‍්පාසං විය මුදුසම‍්ඵස‍්සො අහොසි. පාදතලෙසු මණිකුණ‍්ඩලාවට‍්ටවණ‍්ණලොමානි ජායිංසු. වයප‍්පත‍්තස‍්ස තස‍්ස තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙ තයො පාසාදෙ කාරාපෙත්‍වා නාටකිත්‍ථියො උපට‍්ඨාපෙසුං. සො තත්‍ථ මහතිං සම‍්පත‍්තිං අනුභවන‍්තො දෙවකුමාරො විය පටිවසති.

නවවැනි අපදානයෙහි විපස්සිනො පාවචනෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සොණ කොළිවිස තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙර නමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මහාවිභව සම්පත් ඇති සිටුකුලයක ඉපිද වැඩිවිය පත්වූයේ සිටුවරයෙක් ව උපාසකයෙකු සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන ස්ථානයෙහි සුණුපිරියම් කරවා එක් ලෙනක්ද කරවා නොයෙක් වර්ණ නැති වස්ත්‍රවලින් ලෙන්බිම අතුරා මතුයෙහි වියනක්ද කොට සිව්දිගින් වඩනා සංඝයාට පවරා සත්දිනක් මහදන් පවත්වා ප්‍රාර්ථනාවක් කෙළේය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කළ සේක. හේ ඒ පින්කමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට ඉන්පසු කාශ්‍යප දසබලයන් වහන්සේ පිරිනිවි කල්හි භාග්‍යවතුන් වහන්සේ නොපැමිණ තිබියදී බරණැස කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ගංගා නදීතෙර පන්සලක් කරවා වසන්නේ එක් පසේබුදු කෙනකුන් වහන්සේ නමකට තුන්මසක් සිව්පසයෙන් සකසා උපස්ථාන කළේය. පසේ බුදුරජාණන් වහන්සේ විසූවස් ඇත්තේ පිරිපුන් පිරිවර ඇත්තේ ගන්ධමාදනයටම වැඩි සේක. ඒ කුලපුත්‍රයා දිවි ඇතිතාක් එහි පින්කොට එයින් චුතවී දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි චම්පා නුවර අගසිටුවරයාගේ ගෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගන්නා කාලයෙහි පටන් සිටුවරයාට මහාභෝග රැසක් වැඩිවිය. ඔහු මව්කුසින් නික්මෙන දවසෙහි මුළු නුවරම මහා ලාභසත්කාර සම්මාන ඇතිවිය. උපන්නා වූ ඔහුට පෙර පසේ බුදුරජාණන් වහන්සේට සියදහසක් අගනා රතුපලසක් පරිත්‍යාග කිරීමෙන් සුවඳ වූ ද රතුවූ ද රන්වන් වූ ද ආත්මභාවයක් විය. ඒ නිසා ඔහුට සෝණ යැයි නමක් විය. ඔහුගේ පියා ඔහුට කෝටියක් අගනා කන් පළඳනාවක් කරවීය. ඒ උදෙසා පසුකලෙක සෝණ කෝටිකණ්ණ යයි නාමයක් විය. හේ මහත් පිරිවරින් වැඩුණේය. ඔහුගේ අතුල්පතුල් බඳුවදමල් පැහැ විය. ඒ අතුල්පතුල්වල සියවරක් නෙළූ කපුපුළුන් මෙන් මුදුපහසක් විය. පතුල්වල මිණිකොඬොල් වැනි ලෝම ඇතිවිය. වැඩිවිය පත් ඔහුට තුන් සෘතුන්ට ගැළපෙන ප්‍රාසාද තුනක් කරවා නාටක ස්ත්‍රීන් ලවා උපස්ථාන කරවීය. හෙතෙමේ එහි මහත් වූ සම්පත් අනුභව කරන්නේ දෙව් කුමරකු මෙන් වාසය කරයි.

අථ අම‍්හාකං භගවති සබ‍්බඤ‍්ඤුතං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ රාජගහං උපනිස‍්සාය විහරන‍්තෙ බිම‍්බිසාරරඤ‍්ඤා පක‍්කොසාපිතො තෙහි අසීතියා ගාමිකසහස‍්සෙහි සද‍්ධිං රාජගහං ආගතො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො මාතාපිතරො අනුජානාපෙත්‍වා භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ජනසංසග‍්ගපරිහරණත්‍ථං සීතවනෙ විහාසි. සො තත්‍ථ වසන‍්තො “මම සරීරං සුඛුමාලං, න ච සක‍්කා සුඛෙනෙව සුඛං අධිගන‍්තුං, කායං කිලමෙත්‍වාපි සමණධම‍්මං කාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා ඨානචඞ‍්කමමෙව අධිට‍්ඨාය පධානමනුයුඤ‍්ජන‍්තො පාදතලෙසු ඵොටෙසු උට‍්ඨිතෙසුපි වෙදනං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා දළ‍්හං වීරියං කරොන‍්තො අච‍්චාරද‍්ධවීරියතාය විසෙසං නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො “එවං අහං වායමන‍්තොපි මග‍්ගඵලානි නිබ‍්බත‍්තෙතුං න සක‍්කොමි, කිං මෙ පබ‍්බජ‍්ජාය, හීනායාවත‍්තිත්‍වා භොගෙ ච භුඤ‍්ජාමි, පුඤ‍්ඤානි ච කරිස‍්සාමී”ති චින‍්තෙසි. අථ සත්‍ථා තස‍්ස චිත‍්තාචාරං ඤත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා වීණොපමොවාදෙන (මහාව· 243) ඔවදිත්‍වා වීරියසමතායොජනවිධිං දස‍්සෙන‍්තො කම‍්මට‍්ඨානං සොධෙත්‍වා ගිජ‍්ඣකූටං ගතො. සොණොපි ඛො සත්‍ථු සන‍්තිකා ඔවාදං ලභිත්‍වා වීරියසමතං යොජෙත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාසි.

ඉක්බිතිව අපගේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥ භාවයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් රජගහනුවර නිසා වාසය කරන සේක් බිම්බිසාර රජු විසින් කැඳවන ලදුව අසූදහසක් ගැමියන් සමග රජගහ නුවරට පැමිණියේ ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ මව්පියන් අනුදන්වා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව ලද උපසම්පදා ඇත්තේ ශාස්තෲන් වහන්සේ හමුවෙහි කමටහන් ගෙන ජනආශ්‍රය ලබනු පිණිස සීත වනයෙහි විසුවේය. හේ එහි වසන්නේ මාගේ සිරුර සියුමැලිය. සැපයෙන් සැපය අවබෝධ කරගත නොහැකියයි. කය වෙහෙසවා හෝ මහණදම් පුරනුවට වටී යයි සිතා හිටි සක්මන අධිෂ්ඨාන කොට ප්‍රධන්වීර්යයෙහි යෙදෙන්නේ පතුල්වල බිබිලි නැගුණුවිට වේදනාව උපේක්‍ෂාවෙන් සලකා දැඩි වීර්යය කරන්නේ අතිශයින් අරඹන ලද වීර්යය ඇති බැවින් විශේෂයක් උපදවා ගන්නට නොහැක්කෙමි. පැවිද්දෙන් මා හට කවර ප්‍රයෝජනයක්දැයි සිවුරුහැර භෝගයන් අනුභවකරමි. පින්ද කරන්නෙමියි සිතීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ සිත් හැසිරීම් දැන එහි වැඩමවා වීණා උපමාවාදයෙන් අවවාදකොට වීර්යය සමකිරීම පිණිස යෙදෙන ආකාරය දක්වා කමටහන් යොදා ගිජුකුළු පව්වට වැඩි සේක. සෝණද ශාස්තෲන් වහන්සේ සමීපයෙන් අවවාද ලැබ වීර්ය සමථය යොදා විදර්ශනාව උත්සාහවත් කොට රහත්බැව්හි පිහිටියේය.

සො අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො විපස‍්සිනො පාවචනෙතිආදිමාහ. තත්‍ථ විපස‍්සීති විසෙසෙන, විවිධං වා පස‍්සතීති විපස‍්සී. පාවචනෙති පකාරෙන වුච‍්චතීති පාවචනං, පිටකත‍්තයං. තස‍්ස විපස‍්සිනො තස‍්මිං පාවචනෙති අත්‍ථො. ලෙණන‍්ති ලිනන‍්තෙ නිලීයන‍්තෙ එත්‍ථාති ලෙණං විහාරං. බන්‍ධුමාරාජධානියාති බන්‍ධන‍්ති කුලපරම‍්පරාය වසෙන අඤ‍්ඤමඤ‍්ඤං සම‍්බජ‍්ඣන‍්තීති බන්‍ධූ, ඤාතකා. තෙ එත්‍ථ පටිවසන‍්තීති බන්‍ධුමා, බන්‍ධු අස‍්ස අත්‍ථීති වා බන්‍ධුමා. රාජූනං වසනට‍්ඨානන‍්ති රාජධානී, බන්‍ධුමා ච සා රාජධානී චෙති බන්‍ධුමාරාජධානී, තස‍්සා බන්‍ධුමාරාජධානියා, ලෙණං මයා කතන‍්ති සම‍්බන්‍ධො. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සෝණ රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘විපස්සිනො පාවචනෙ’ යනාදිය කීය. එහි විපස්සී යනු විශේෂයෙන් හෝ විවිධ ලෙස බලානුයි විපස්සී. පාවචනෙ පිළිවෙලින් කියනු ලැබේනුයි පාවචන නමි. පිටකත්‍රයයි. ඒ විපස්සි බුදුරජාණන් වහන්සේගේ ඒ පිටකත්‍රයෙහි යන අර්ථයි. ලෙණං යනු සත්ත්වයෝ මෙහි ඇලෙත්නුයි ලෙණ නමි. විහාරයයි. බන්‍ධුමා රාජධානියා යනු කුල පරම්පරා වශයෙන් ඔවුනොවුන් හමුවෙත්නුයි බැඳෙත්නුයි බන්ධු නමි. නෑයෝ. ඔවුහු මෙහි වසත්නුයි බන්‍ධුමා නමි. ඔහුට බන්‍ධූහු ඇතැයි හෝ බන්‍ධුමා නමි. රජවරුන්ගේ වසනස්ථානයනුයි රාජධානි. බන්ධුම වූයේද රාජධානි වූයේද බන්‍ධුමා රාජධානි. එයට ලෙණක් මා විසින් කරන ලදි යනු සම්බන්ධයි. මෙහි සෙස්ස නොගැඹුරුමය.

සොණකොටිවීසත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සොණකොලිවිස තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

390. පුබ‍්බකම‍්මපිලොතිකබුද‍්ධඅපදානවණ‍්ණනා

390. පුබ්බකම්මපිලෝතිකාවදාන වර්ණනාව

දසමාපදානෙ අනොතත‍්තසරාසන‍්නෙති පබ‍්බතකූටෙහි පටිච‍්ඡන‍්නත‍්තා චන්‍දිමසූරියානං සන‍්තාපෙහි ඔතත‍්තං උණ‍්හං උදකං එත්‍ථ නත්‍ථීති අනොතත‍්තො. සරන‍්ති ගච‍්ඡන‍්ති පභවන‍්ති සන්‍දන‍්ති එතස‍්මා මහානදියොති සරො. සීහමුඛාදීහි නික‍්ඛන‍්තා මහානදියො තික‍්ඛත‍්තුං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා නික‍්ඛන‍්තනික‍්ඛන‍්තදිසාභාගෙන සරන‍්ති ගච‍්ඡන‍්තීති අත්‍ථො. අනොතත‍්තො ච සො සරො චාති අනොතත‍්තසරො . තස‍්ස ආසන‍්නං සමීපට‍්ඨානන‍්ති අනොතත‍්තසරාසන‍්නං, තස‍්මිං අනොතත‍්තසරාසන‍්නෙ, සමීපෙති අත්‍ථො. රමණීයෙති දෙවදානවගන්‍ධබ‍්බකින‍්නරොරගබුද‍්ධපච‍්චෙකබුද‍්ධාදීහි රමිතබ‍්බං අල‍්ලීයිතබ‍්බන‍්ති රමණීයං, තස‍්මිං රමණීයෙ. සිලාතලෙති එකග‍්ඝනපබ‍්බතසිලාතලෙති අත්‍ථො. නානාරතනපජ‍්ජොතෙති පදුමරාගවෙළුරියාදිනානාඅනෙකෙහි රතනෙහි පජ‍්ජොතෙ පකාරෙන ජොතමානෙ. නානාගන්‍ධවනන‍්තරෙති නානප‍්පකාරෙහි චන්‍දනාගරුකප‍්පූරතමාලතිලකාසොකනාගපුන‍්නාගකෙතකාදීහි අනෙකෙහි සුගන්‍ධපුප‍්ඵෙහි ගහනීභූතවනන‍්තරෙ සිලාතලෙති සම‍්බන්‍ධො.

දසවැනි අපදානයෙහි අනොතත්තඝරාසනෙන යනු පර්වත කූටයන්ගෙන් වැසුණු බැවින් චන්ද්‍ර සූර්යයන්ගේ තැවීමෙන් උණුසුම් බවක් මෙහි නැතැයි අනොතත්ත නමි. සරන්ති මහා නදීහු මෙතැනින් යත්නුයි හටගනිත්නුයි ගලාබසිත්නුයි ඝරො නමි. සිංහමුඛ ආදියෙන් නික්මුණු මහානදීහු තුන් තුන් වරක් පැදකුණුකොට නික්මුණු නික්මුණු දිසාභාගයෙන් සරන්ති යත්නුයි සරො. එයට ආසන්න සමීප ස්ථානයනුයි අනොතත්ත සරාසන්නං. තස්මිං අනෝතත්ත විලට ආසන්නයෙහි සමීපයෙහි යන අර්ථයි. රමණීයෙ යනු දේවඅසුර ගාන්ධර්ව කින්නර උරග බුදු පසේබුදු ආදීන් විසින් රමිතබ්බං ඇලිය යුතු රමණීය නමි. තස්මිං ඒ රමණීය වූ සිලාතලෙ යනු එකට ඝන වූ පර්වත ශිලාතලයෙහි යන අර්ථයි. නානාරතන පජ්ජොතෙ යනු පද්මරාග වේළුරිය ආදි නොයෙක් රත්නයන්ගෙන් පජ්ජොතෙ පිළිවෙලින් බබළන නානාගන්‍ධ වනත්තරෙ යනු නානාප්‍රකාර වූ සඳුන් අගිල් කපුරු කොල්ලන් අසෝක නා පුවක් කේතක ආදී නොයෙක් සුවඳ මලින් ගහණ වූ වනාන්තරයෙහි [missing trans]

ගුණමහන‍්තතාය සඞ‍්ඛ්‍යාමහන‍්තතාය ච මහතා භික‍්ඛුසඞ‍්ඝෙන, පරෙතො පරිවුතො ලොකනායකො ලොකත‍්තයසාමිසම‍්මාසම‍්බුද‍්ධො තත්‍ථ සිලාසනෙ නිසින‍්නො අත‍්තනො පුබ‍්බානි කම‍්මානි බ්‍යාකරී විසෙසෙන පාකටමකාසීති අත්‍ථො. සෙසමෙත්‍ථ හෙට‍්ඨා බුද‍්ධාපදානෙ (අප· ථෙර 1.1.1 ආදයො) වුත‍්තත‍්තා උත‍්තානත්‍ථත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යමෙව. බුද‍්ධාපදානෙ අන‍්තොගධම‍්පි ඉධාපදානෙ කුසලාකුසලං කම‍්මසංසූචකත‍්තා වග‍්ගසඞ‍්ගහවසෙන ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරා සඞ‍්ගායිංසූති.

ගුණමහත් බැවින් ද සංඛ්‍යා මහත් බැවින් ද මහත් භික්‍ෂු සංඝයා විසින් පරෙතො පිරිවරන ලද්දේ ලොකනායකො තුන්ලොවට ස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සිලාසනයෙහි වැඩ හුන්සේක් තමාගේ පූර්වකර්මයන් ප්‍රකාශ කළ සේක. විශේෂයෙන් ප්‍රකට කළ සේක යන අර්ථයි. බුද්ධ අපදානයෙහි ඇතුළත් වුවද මෙහි අපදානයෙහි කුසල අකුසල කර්ම කියැවෙන බැවින් වර්ග සංග්‍රහ වශයෙන් ධර්ම සංග්‍රාහක තෙරුන් වහන්සේලා සංගායනා කළාහුය.

පුබ‍්බකම‍්මපිලොතිකබුද‍්ධඅපදානවණ‍්ණනා සමත‍්තා.

පුබ්බකම්ම පිලොතිකගේ අපදාන අටුවාවයි.

එකූනචත‍්තාලීසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

තිස්නවවැනි වර්ග වර්ණනාව සමාප්තයි.