යෙදුමෙන් කියවන්න

389. සොණකොටිවීසත්‍ථෙරාපදානං

389. සොණකොටිවීසත්‍ථෙරාපදානං.

389. සෝණකෝටිවීස ස්ථවිරාවදානය

3326. විපස‍්සිනො පාවචනෙ එකං ලෙණං මයා කතං, චාතුද‍්දිසස‍්ස සඞ‍්ඝස‍්ස බන්‍ධුමාරාජධානියා.

3326. විපස්සී බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි සිවුදිගින් වඩින සඞ්ඝයාට බන්‍ධුම රාජධානියෙහි මා විසින් ලෙණක් කරවන ලදි.

3327. දුස‍්සෙහි භූමිං ලෙණස‍්ස සන්‍ථරිත්‍වා පරිච‍්චජිං, උදග‍්ගචිත‍්තො සුමනො අකාසිං පණිධිං තදා.

3327. ලෙණෙහි බිම වස්ත්‍රවලින් අතුරා (සඞ්ඝයාට) පිදීමි. එකල්හි ඔදවැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මෙබඳු) ප්‍රාර්‍ත්‍ථනාවක් ද කෙළෙමි.

3328. ආරාධයෙය්‍යං සම‍්බුද‍්ධං පබ‍්බජ‍්ජඤ‍්ච ලභෙය්‍යහං, අනුත‍්තරඤ‍්ච නිබ‍්බානං ඵුසෙය්‍යං සන‍්තිමුත‍්තමං.

3328. මම බුදුරජුන් සතුටු කරන්නෙමි. පැවිද්ද ද ලබන්නෙමි. අනුත්තර වූ උත්තම ශාන්තිසඞ්ඛ්‍යාත නිවන ද ස්පර්‍ශ කරන්නෙමි.

3329. තෙනෙව සුක‍්කමූලෙන කප‍්පං නවුති සංසරිං, දෙවභූතො මනුස‍්සො වා කතපුඤ‍්ඤො විරොචහං.

3329. කුශලමූලයෙන් ම අනූකල්පයක් සැරිසැරීමි. කරණ ලද පින් ඇති මම දෙවි වූයෙම් හෝ මිනිස් වූයෙම් හෝ බැබළීමි.

3330. තතො කම‍්මාවසෙසෙන ඉධ පච‍්ඡිමකෙ භවෙ, චම‍්පායං අග‍්ගසෙට‍්ඨිස‍්ස ජාතොම‍්හි එකපුත‍්තකො.

3330. ඉක්බිති අවශේෂ කර්‍මවිපාකයෙන් අන්තිම භවයෙහි මේ චම්පා නගරයෙහි අගසිටුහුගේ එක ම පුත්‍රව උපන්නෙම් වෙමි.

3331. ජාතමත‍්තස‍්ස මෙ සුත්‍වා පිතු ඡන්‍දො අයං අහු, දදාමහං කුමාරස‍්ස වීසකොටි අනූනකා.

3331. මා උපන් පමණක් ම අසා පියතුමාහට මෙ බඳු අදහසෙක් විය. “මම කුමරුන්ට නො අඩුව විසිකෙළක් (ධනය) දෙමැයි” (කියා යි).

3332. චතුරඞ‍්ගුලා ච මෙ ලොමා ජාතා පාදතලෙ උභො, සුඛුමා මුදුසම‍්ඵස‍්සා තූලපිචුසමා සුභා.

3332. මාගේ දෙපතුල්හි සියුම් වූ මොළොක් පහස් ඇති පුලුන් කෙඳි බඳු හොබනා සිවු අගුල් දිගු ලෝමයෝ හටගත්හුය.

3333. අතීතා නවුතී කප‍්පා අයමෙකොව උත‍්තරි, නාභිජානාමි නික‍්ඛිත‍්තෙ පාදෙ භූම්‍යා අසන්‍ථතෙ.

3333. අනූකපක් ඉක්මින. මේ ඉතිරි කල්පය යි. (මේ අනූඑක්කපතුළ) නො අතුළ බිමෙහි පා තැබූ බවක් නො දනිමි.

3334. ආරාධිතො මෙ සම‍්බුද‍්ධො පබ‍්බජිං අනගාරියං, අරහත‍්තඤ‍්ච මෙ පත‍්තං සීතිභූතොම‍්භි නිබ‍්බුතො.

3334. මා විසින් සම්බුදුරජතෙම තුටු කරණ ලදි. අනගාරිය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. මා විසින් රහත්බව ලබනලදී. ක්ලේශදාහයෙන් නිවුනෙම් සිසිල් වූයෙම් වෙමි.

3335. අග‍්ගො ආරද‍්ධවිරියානං නිද‍්දිට‍්ඨො සබ‍්බදස‍්සිනා, ඛීණාසවො ච අරහා ඡළභිඤ‍්ඤො මහිද‍්ධිකො.

3335. ආරබ්ධ වීර්‍ය්‍ය ඇති මහණුන් අතුරෙන් මම අග්‍රය යි බුදුරජුන් විසින් දක්වන ලදුයෙම් වෙමි. මහත් ඍද්ධි ඇති ෂඩභිඥා ඇති ආස්‍රව ක්‍ෂය කළ රහත් නමක් ද වෙමි.

3336. එකනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ලෙනදානස‍්සිදං ඵලං.

3336. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලෙනක් දීමෙහි මේ විපාක යි.

3337. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3337. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ ශුභගමනෙක් ම විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදු සසුන කරණ ලදි.

3338. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3338. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

3339. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3339. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදු සසුන කරණ ලදි.

3340. ථෙරො කොටිවිසො සොණො භික‍්ඛුසඞ‍්ඝස‍්ස අග‍්ගතො, පඤ‍්චහං පුට‍්ඨො වියාකාසි අනොතත‍්තෙ මහාසරෙති.

3340. අනවතප්ත මහවිල් තෙර දී පැණ විචාරණ ලද සෝණකෝටිවිස ස්ථවිර තෙමේ බික්සඟන ඉදිරියෙහි විසඳීය.

ඉත්‍ථං සුදං ආයස‍්මා සොණො කොටිවීසො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝණකෝටිවීස ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සොණකොටිවීසත්‍ථෙරස‍්ස අපදානං නවමං.

සෝණකෝටිවීස ස්ථවිරාවදානය නවවැනියි.