යෙදුමෙන් කියවන්න

383. උදුම‍්බරඵලදායකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

383. උදුම‍්බරඵලදායකත්‍ථෙරාපදානං

383. උදුම්බරඵලදායක ස්ථවිරාවදානය

3292. වින‍්තානදියා තීරෙ විහාසි පුරිසුත‍්තමො, අද‍්දසං විරජං බුද‍්ධං එකග‍්ගං සුසමාහිතං.

3292. පුරුෂෝත්තම වූ බුදුරජතෙම විනතා ගංතෙරෙහි වැඩ විසී ය. සන්හුන් වූ කෙලෙස්රජස් විරහිත එකඟ වූ බුදුරජුන් දිටිමි.

3293. තස‍්මිං පසන‍්නමනසො කිලෙසමලධොවනෙ, උදුම‍්බරඵලං ගය‍්හ බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

3293. කෙලෙස්මල දෝනා වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් මම දිඹුල් පල ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.

3294. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3294. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.

3295. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3295. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3296. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3296. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3297. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3297. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උදුම‍්බරඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදුම්බරඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

උදුම‍්බරඵලදායකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

උදුම්බරඵලදායක ස්‍ථවිරාවදානය තෙවෙනි යි.

384. පිලක‍්ඛඵලදායකත්‍ථෙරාපදානං

384. පිලක්ඛඵලදායක ස්ථවිරාවදානය

3298. වනන‍්තෙ බුද‍්ධං දිස‍්වාන අත්‍ථදස‍්සිං මහායසං, පසන‍්නචිත‍්තො සුමනො පිලක‍්ඛස‍්ස ඵලං අදං.

3298. වනයෙහි දී මහත් කීර්ති ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පුලිලගෙඩි දුනිමි.

3299. අට‍්ඨාරසෙ කප‍්පසතෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3299. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

3300. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3300. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3301. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3301. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3302. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3302. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පිලක‍්ඛඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්‍ඛදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

පිලක‍්ඛඵලදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

පිලක්‍ඛදායක ස්‍ථවිරාවදානය සිවුවැනි යි.

385. ඵාරුසඵලදායකත්‍ථෙරාපදානං

385. ඵාරුසඵලදායක ස්ථවිරාවදානය

3303. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, රථියං පටිපජ‍්ජන‍්තං ඵාරුසඵලමදාසහං.

3303. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ මාර්‍ගයෙහි වඩින්නා වූ බුදුරජුන් දැක මම උන්වහන්සේට බොරළුදමුනු (=උගුරැස්ස) ගෙඩි දිනිමි.

3304. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලමදදිං අහං, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3304. මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

3305. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3305. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.

3306. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3306. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3307. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3307. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඵාරුසඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵාරුසඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

ඵාරුසඵලදායකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

ඵාරුසඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.

386. වල‍්ලිඵලදායකත්‍ථෙරාපදානං.

386. වල්ලිඵලදායක ස්ථවිරාවදානය

3308. සබ‍්බෙ ජනා සමාගම‍්ම අගමිංසු වනං තදා, ඵලමන්‍වෙසමානා තෙ අලභිංසු ඵලං තදා.

3308. සියලු ජනයෝ එක්ව එකල්හි වනයට ගියාහු ය. එකල්හි ඵල සොයන්නා වූ ඔවුහු ඵල ලැබුවාහු ය.

3309. තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං සයම‍්භුං අපරාජිතං, පසන‍්නචිත‍්තො සුමනො වල‍්ලිඵලමදාසහං.

3309. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කර ගත්තා වූ පස්මරුන් දිනූ සම්බුදුරජුන් දිටිමි. (දැක) උන්වහන්සේට මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලියපලක් දිනිමි.

3310. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3310. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

3311. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3311. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3312. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3312. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3313. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3313. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වල‍්ලිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

වල‍්ලිඵලදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

වල්ලිඵලදායක ස්ථවිරාවදානය සවැනි යි.

387. කදලිඵලදායකත්‍ථෙරාපදානං

387. කදලිඵලදායක ස්ථවිරාවදානය

3314. කණිකාරංව ජලිතං පුණ‍්ණමාසෙව චන්‍දිමං, ජලන‍්තං දීපරුක‍්ඛංව අද‍්දසං ලොකනායකං.

3314. කිණිහිරි රුකක් මෙන් ද පණු රැසි සඳු මෙන් ද බබලන ඇවිළගත් ප්‍රදීපවෘක්‍ෂයක් බඳු වූ බුදුරජුන් දිටිමි.

3315. කදලිඵලං පග‍්ගය‍්හ අදාසිං සත්‍ථුනො අහං, පසන‍්නචිත‍්තො සුමනො වන්‍දිවත්‍වාන අපක‍්කමිං.

3315. මම කෙසෙල්පලයක් ගෙන පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට දුනිමි. (ඉක්බිති) වැඳ ඉවත්ව ගියෙමි.

3316. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3316. මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

3317. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3317. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3318. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3318. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3319. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3319. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කදලිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කදලිඵලදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

කදලිඵලදායක ස්ථවිරාවදානය සත්වැනි යි.

388. පනසඵලදායකත්‍ථෙරාපදානං.

388. පනසඵලදායක ස්ථවිරාවදානය

3320. අජ‍්ජුනො නාම සම‍්බුද‍්ධො හිමවන‍්තෙ වසී තදා, චරණෙන ච සම‍්පන‍්නො සමාධිකුසලො මුනි.

3320. එකල්හි අර්ජුන නම් සම්බුද්ධ තෙමේ හිමවතෙහි විසීය. ඒ මුනි තෙමේ (පසළොස්) චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ සමාධියෙහි දක්‍ෂවූයේ ද වේ.

3321. කුම‍්භමත‍්තං ගහෙත්‍වාන පනසං ජීවජීවකං, ඡත‍්තපණ‍්ණෙ ඨපෙත්‍වාන අදාසිං සත්‍ථුනො අහං.

3321. කුඹ පමණ වූ ජීවජීවක නම් පනාපලක් ගෙණවුත් පර්‍ණචඡත්‍රයෙහි තබා මම ශාස්තෲන් වහන්සේට දුනිමි.

3322. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3322. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

3323. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3323. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3324. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3324. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

3325. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3325. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පනසඵලදාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පනසඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පනසඵලදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

පනසඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.