යෙදුමෙන් කියවන්න

382. ලබුජදායකත්‍ථෙරාපදානං

382. ලබුජදායකත්‍ථෙරාපදානං.

382. ලබුජදායක ස්ථවිරාවදානය

3284. නගරෙ බන්‍ධුමතියා ආසිං ආරාමිකො තදා, අද‍්දසං විරජං බුද‍්ධං ගච‍්ඡන‍්තං අනිලඤ‍්ජසෙ.

3284. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස් රජස් රහිත බුදුරජුන් දිටිමි.

3285. ලබුජස‍්ස ඵලං ගය‍්හ බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං, ආකාසෙ ඨිතකො සන‍්තො පටිගණ‍්හි මහායසො.

3285. මම දෙල්ගෙඩි ගෙණ බුදුරජුන්හට දිනිමි. මහත් යශස් ඇති සර්‍වඥ තෙම අහසෙහි වැඩසිටියේ ම එය පිළිගත්තේ ය.

3286. විත‍්තිසඤ‍්ජනනං මය‍්හං දිට‍්ඨධම‍්මසුඛාවහං, ඵලං බුද‍්ධස‍්ස දත්‍වාන විප‍්පසන‍්නෙන චෙතසා.

3286. මට සතුට උපදවන මෙලොවදී ම සුව එළවන එ පලදන පැහැදි සිතින් බුදුරජුන්හට දී,

3287. අධිගච‍්ඡිං තදා පීතිං විපුලඤ‍්ච සුඛුත‍්තමං, උප‍්පජ‍්ජතෙව රතනං නිබ‍්බත‍්තස‍්ස තහිං තහිං.

3287. එකල්හි මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ තමන්හට රුවන් නිපයේ ම ය.

3288. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3288. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

3289. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3289. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3290. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3290. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3291. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3291. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ලබුජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

ලබුජදායකථෙරස‍්ස අපදානං දුතියං.

ලබුජදායක ස්‍ථවිරාවදානය දෙවෙනි යි.