381. අවණ්ටඵලදායකත්ථෙරාපදානං
381. අවණ්ටඵලදායකත්ථෙරාපදානං.
381. අවණ්ටඵලදායක ස්ථවිරාවදානය
3278. සතරංසී නාම භගවා සයම්භු අපරාජිතො, විවෙකකාමො සම්බුද්ධො ගොචරායා’භිනික්ඛමි.
3278. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ භාග්‍යවත් වූ සතරංසි නම් සම්බුදුරජ තෙමේ විවේකය කැමැතිවන්නේ පිඬු පිණිස නික්මියේ ය.
3279. ඵලහත්ථො අහං දිස්වා උපගච්ඡිං නරාසභං, පසන්නචිත්තො සුමනො අවණ්ටං අදදිං ඵලං.
3279. මම බුදුරජුන් දැක ඵල ගත් අත් ඇත්තෙම් (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නැටි රහිත පල දිනිමි.
3280. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං අහං, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
3280. මෙයින් සිවුඅනූවන කපෙහි මම යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3281. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
3281. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3282. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
3282. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3283. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3283. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අවණ්ටඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අවණ්ටඵලදායකත්ථෙරස්ස අපදානං පඨමං.
අවණ්ටඵලදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.