යෙදුමෙන් කියවන්න

380. කාසුමාරිඵලදායකත්‍ථෙරාපදානං

380. කාසුමාරිඵලදායකත්‍ථෙරාපදානං.

380. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය

3272. කණිකාරංව ජොතන‍්තං නිසින‍්නං පබ‍්බතන‍්තරෙ, අද‍්දසං විරජං බුද‍්ධං ලොකජෙට‍්ඨං නරාසභං.

3272. කඳු අතරෙහි වැඩ හුන් කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ කෙලෙස් රජස් විරහිත ලොවට දෙටු වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.

3273. පසන‍්නචිත‍්තො සුමනො සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, කාසුමාරිඵලං ගය‍්හ බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

3273. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ ඇත්දෙමට පල ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.

3274. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

3274. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

3275. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3275. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3276. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3276. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

3277. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3277. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කාසුමාරිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

කාසුමාරිඵලදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

බොධි පාටලි උප‍්පලී පට‍්ටි ච සත‍්තපණ‍්ණියො ගන්‍ධමුට‍්ඨී ච චිතකො තාලං සුමනදාමකො කාසුමාරිඵලී චෙව ගාථා එකූනසට‍්ඨිකා.

බෝධි පාටලී උප්පලී - පට්ටි සත්තපණ්ණිය ගන්‍ධමුට්ඨි චිතක - තාල සුමනදාමක කාසුමාරිඵලී දසවත් - එකුන්සැට ගී වනුයේ.

බොධිවන්‍දකවග‍්ගො අට‍්ඨතිංසතිමො.

බෝධිවන්‍දක වර්‍ගය අටතිස්වැනි යි.