යෙදුමෙන් කියවන්න

374. පටටිපුප‍්ඵියත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

374. පටටිපුප‍්ඵියත්‍ථෙරාපදානං.

374. පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය

3241. යදා නිබ‍්බාසි සම‍්බුද‍්ධො මහෙසී පදුමුත‍්තරො, සමාගම‍්ම ජනා සබ‍්බෙ සරීරං නීහරන‍්ති තෙ.

3241. යම් කලෙක්හි මහර්ෂී වූ පදුමුත්තර බුදුරජ තෙම පිරිනිවන් පෑයේ ද, (එකල්හි) සියලු ජනයෝ එකතුව උන්වහන්සේගේ දේහය ගෙණ යත්.

3242. නීහරන‍්තෙ සරීරම‍්හි වජ‍්ජමානාසු භෙරිසු, පසන‍්නචිත‍්තො සුමනො පට‍්ටිපුප‍්ඵං අපූජයිං.

3242. ශරීරය ගෙණ යද්දී බෙර වයද්දී පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම රතුලොත්මල් පිදීමි.

3243. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි සරීරපූජිතෙ ඵලං.

3243. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධදේහය පිදූ කල මේ විපාක යි.

3244. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3244. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3245. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3245. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3246. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3246. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පට‍්ටිපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පට්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

පට‍්ටිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.

375. සත‍්තපණ‍්ණියත්‍ථෙරාපදානං.

375. සත්තපණ්ණිය ස්ථවිරාවදානය

3247. සුමනො නාම සම‍්බුද‍්ධො උප‍්පජ‍්ජි ලොකනායකො, පසන‍්නචිත‍්තො සුමනො සත‍්තපණ‍්ණිමපූජයිං.

3247. ලෝකනායක වූ සුමන නම් සම්බුදුරජ තෙමේ ලොව පහළ විය. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රුක්අත්තන මල් පිදීමි.

3248. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ සත‍්තපණ‍්ණිමපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි සත‍්තපණ‍්ණිස‍්සිදං ඵලං.

3248. මෙයින් සියක් දහස්වන කපෙහි යම් රුක්අත්තන මල් පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රුක්අත්තන මල් පිදීමෙහි මේ විපාක යි.

3249. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3249. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු වෙති. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

3250. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3250. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3251. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3251. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සත‍්තපණ‍්ණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපණ්ණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

සත‍්තපණ‍්ණියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

සත්තපණ්ණිය ස්ථවිරාවදානය පස්වැනි යි.

376. ගන්‍ධමුට‍්ඨියත්‍ථෙරාපදානං.

376. ගන්‍ධමුට්ඨිය ස්ථවිරාවදානය

3252. චිතකෙ කරීයමානෙ නානාගන්‍ධෙ සමාහටෙ, පසන‍්නචිත‍්තො සුමනො ගන්‍ධමුට‍්ඨිමපූජයිං.

3252. නොයෙක් සුවඳ වර්‍ග රැස් කොට සෑයක් (=චිතකයක්) කරණු ලබන කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.

3253. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ චිතකං යං අපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.

3253. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.

3254. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3254. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3255. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3255. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3256. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3256. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගන්‍ධමුට‍්ඨියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමුට්ඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

ගන්‍ධමුට‍්ඨියත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

ගන්‍ධමුට්ඨිය ස්ථවිරාවදානය සවැනි යි.

377. චිතකපූජකත්‍ථෙරාපදානං.

377. චිතකපූජක ස්ථවිරාවදානය

3257. පරිනිබ‍්බුතෙ භගවති ජලජුත‍්තම නාමකෙ, ආරොපිතම‍්භි චිතකෙ සාලපුප‍්ඵමපූජයිං.

3257. පදුමුත්තර නම් බුදුරජුන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැගූ විට මම සල්මල් පිදීමි.

3258. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.

3258. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.

3259. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3259. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3260. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3261. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3261. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

චිතකපූජකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

චිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.

378. සුමනතාලවණ‍්ටියත්‍ථෙරාපදානං.

378. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය

3262. සිද‍්ධත්‍ථස‍්ස භගවතො තාලවණ‍්ටමදාසහං, සුමනෙහි පටිච‍්ඡන‍්නං ධාරයාමි මහාරහං.

3262. මම සමන්මලින් වසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම ඒ විජිනිපත සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට දුනිමි.

3263. චතුනවුතෙ ඉතො කප‍්පෙ තාලවණ‍්ටමදාසහං, දුග‍්ගතිං නාභිජානාමි තාලවණ‍්ටස‍්සිදං ඵලං.

3263. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් විජිනිපතක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විජිනිපත් දනෙහි මේ විපාක යි.

3264. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3264. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3265. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3266. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3266. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුමනතාලවණ‍්ටියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

සුමනතාලවණ‍්ටියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය අටවැනි යි.

379. සුමනදාමියත්‍ථෙරාපදානං.

379. සුමනදාමිය ස්ථවිරාවදානය

3267. සිද‍්ධත්‍ථස‍්ස භගවතො න‍්හාතකස‍්ස තපස‍්සිනො, කත්‍වාන සුමනදාමං ධාරයිං පුරතො ඨිතො.

3267. (චතුර්මාර්‍ගඥාන ජලයෙන් කෙලෙස් කසට සේදී යන සේ) ස්නානය කළා වූ තපෝගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පෙරටව සිටියෙම් සමන්මල් දමක් කොට දැරීමි.

3268. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං දාමමභිධාරයිං, දුග‍්ගතිං නාභිජානාමි සුමනාධාරණෙ ඵලං.

3268. මෙයින් සිවුඅනූවන කපෙහි යම් (සමන්මල්) දමක් දැරූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුමන මල්දම දැරීමෙහි මේ විපාක යි.

3269. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3269. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3270. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

3271. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3271. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුමනදාමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනදාමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

සුමනදාමියත්‍ථෙරස‍්ස අපදානං නවමං.

සුමනදාමිය ස්ථවිරාවදානය නවවැනි යි.