යෙදුමෙන් කියවන්න

373. තිඋප‍්පලමාලියත්‍ථෙරාපදානං

373. තිඋප‍්පලමාලියත්‍ථෙරාපදානං.

373. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය

3232. චන්‍දභාගානදීතීරෙ අහොසිං වානරො තදා, අද‍්දසං විරජං බුද‍්ධං නිසින‍්නං පබ‍්බතන‍්තරෙ.

3232. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වානරයෙක් වීමි. එකල්හි කඳු අතුරෙහි වැඩහුන්නා වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.

3233. ඔභාසෙන‍්තං දිසා සබ‍්බා සාලරාජංව ඵුල‍්ලිතං, ලක‍්ඛණබ්‍යඤ‍්ජනූපෙතං දිස‍්වා අත‍්තමනො අහං.

3233. සියලු දිගුන් බබුළුවන්නා වූ පිපුණු සල්රුකකට බඳු වූ (දෙතිස්මහපුරිස්) ලකුණින් හා අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් (උන්වහන්සේ) දැක සොම්නස් වූ මම-

3234. උදග‍්ගචිත‍්තො සුමනො පීතියා හට‍්ඨමානසො, තීණි උප‍්පලපුප‍්ඵානි මත්‍ථකෙ අභිරොපයිං.

3234. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිණාගිය සිත් ඇත්තෙම් උපුල් මල් තුණක් අහස්හි විසුරුවා පිදීමි.

3235. පූජයිත්‍වාන පුප‍්ඵානි ඵුස‍්සස‍්සාහං මහෙසිනො, සගාරවො භවිත්‍වාන පක‍්කාමිං උත‍්තරාමුඛො.

3235. මම ඵුස්ස බුදුරජුන්හට ඒ මල් පුදා ගෞරව සහිතව උතුරු දෙසට මුහුණ ලා ගියෙමි.

3236. ගච‍්ඡන‍්තො පටිකුටිකො විප‍්පසන‍්නෙන චෙතසා, සෙලන‍්තරෙ පතිත්‍වාන පාපුණිං ජීවිතක‍්ඛයං.

3236. පැහැදි සිතින් හැකිළී (බුදුනට පිටු නොපා) යන්නෙම් කඳු අතුරෙහි වැටී ජීවිතක්‍ෂයට පත්වීමි.

3237. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා පුරිමං ජාතිං තාවතිංසමගච‍්ඡහං.

3237. ඒ සුකෘත කර්‍මය හේතු කොට ගෙණ මම පළමු ජාතිය - එම ආත්මභාවය හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

3238. සතානං තීණික‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජමකාරයිං, සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොස’හං.

3238. මම තුන්සියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.

3239. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3239. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3240. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිඋප‍්පලමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තිඋප‍්පලමාලියත්‍ථෙරස‍්ස අපදානං තතියං.

තිඋප්පලමාලිය ස්ථවිරාවදානය තෙවෙනි යි.