යෙදුමෙන් කියවන්න

372. පාටලිපුප‍්ඵියත්‍ථෙරාපදානං

372. පාටලිපුප‍්ඵියත්‍ථෙරාපදානං.

372. පාටලියපුප්ඵිය ස්ථවිරාවදානය

3225. විපස‍්සී නාම භගවා සයම‍්භූ අග‍්ගපුග‍්ගලො, පුරක‍්ඛතො සසිස‍්සෙහි බන්‍ධුමං පාවිසි ජිනො.

3225. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පස්මරුන් දිනූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරන ලද සේක් බන්‍ධුම නගරයට පිවිසි සේක.

3226. තීණි පාටලිපුප‍්ඵානි උච‍්ඡඞ‍්ගෙ ඨපිතානි මෙ, සීසං නහාතුකාමොව නදීතිත්‍ථං අගච‍්ඡ’හං.

3226. මා විසින් පළොල් මල් තුණත් හිඟෙහි තබන ලද්දේ ය. මම හිස නහනු කැමැත්තෙම් ගංතෙරට ගියෙමි.

3227. නික‍්ඛම‍්ම බන්‍ධුමතියා අද‍්දසං ලොකනායකං, ඉන්‍දීවරංව ජලිතං ආදිත‍්තංව හුතාසනං.

3227-3228. බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නා වූ මහනිල් මලක් මෙන් බබලන ඇවිළගත් ගින්නක් බඳු වූ ව්‍යාඝ්‍රරාජයකු මෙන් වූ උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති සිංහරාජයකු බඳු වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.

3228. ව්‍යග‍්ඝූසභංව පවරං අභිජාතංව කෙසරිං, ගච‍්ඡන‍්තං සමණාන’ග‍්ගං භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතං.

3229. තස‍්මිං පසන‍්නො සුගතෙ කිලෙසමලධොවනෙ, ගහෙත්‍වා තීණි පුප‍්ඵානි බුද‍්ධසෙට‍්ඨමපූජයිං.

3229. කෙලෙස්මල දෝනා වූ ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් පළොල් මල් තුණ ගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.

3230. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3230. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3231. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3231. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පාටලිපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.

පාටලිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

දෙවෙනි පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය යි.