යෙදුමෙන් කියවන්න

371. බොධිවන්‍දකත්‍ථෙරාපදානං

371. බොධිවන්‍දකත්‍ථෙරාපදානං

371. බෝධිවන්‍දක ස්ථවිරාවදානය

3220. පාටලිං හරිතං දිස‍්වා පාදපං ධරණීරුහං, එකංසං අඤ‍්ජලිං කත්‍වා අවන්‍දිං පාටලිං අහං.

3220. මම පලාවන් වූ පළොල් රුකක් දැක එකස් කොට ඇඳිලි බැඳ ඒ පළොල් බෝධියට වැන්දෙමි. (පළොල්රුක විපස්සී බුදුරජානන් වහන්සේගේ බෝධිය යි.)

3221. අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන ගරුං කත්‍වාන මානසං, අන‍්තොසුද‍්ධං බහිසුද‍්ධං සුවිමුත‍්තමනාසවං.

3221-3222. ඇඳිලි බැඳගෙණ සිතින් ද ගරු කොට ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ මැනවින් (සියලු කෙලෙසුන්ගෙන්) මිදුනා වූ ආස්‍රව රහිත වූ ලෝවැස්සන් විසින් පුදන ලද කරුණාවට හා ඥානයට සාගරයක් වැනි වූ විපස්සී බුදුරජුන් හමුයෙහි මෙන් (මම) ඒ පළොල් බෝධියට වැන්දෙමි.

3222. විපස‍්සිං ලොකමහිතං කරුණාඤාණසාගරං, සම‍්මුඛා විය සම‍්බුද‍්ධං අවන්‍දිං පාටලිං අහං.

3223. එකනවුතෙ ඉතො කප‍්පෙ යං බොධිමභිවන්‍ද’හං, දුග‍්ගතිං නාභිජානාමි වන්‍දනාය ඉදං ඵලං.

3223. මම මෙයින් එක් අනූවන කපෙහි යම් බෝධිවන්‍දනාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බොධිවන්‍දනාවෙහි මේ විපාක යි.

3224. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා බොධිවන්‍දකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිවන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

බොධිවන්‍දකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

පළමුවැනි බෝධිවන්‍දක ස්ථවිරාවදානය යි.