370. සලලපුප්ඵියත්ථෙරාපදානං
370. සලලපුප්ඵියත්ථෙරාපදානං.
370. සලලපුප්ඵිය ස්ථවිරාවදානය
3214. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, තත්ථද්දසං දෙවදෙවං චඞ්කමන්තං නරාසභං.
3214. එකල්හි මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. එහි සක්මණෙහි යෙදෙන දෙවියනට දෙවි වූ බුදුරජුන් දිටිමි.
3215. ඔචිනිත්වාන සලලං පුප්ඵං බුද්ධස්ස’දාසහං, උපසිඞ්ඝි මහාවීරො සලලං දෙවගන්ධිකං.
3215. මම සලලමල් නෙලා එම බුදුරජුන්හට දිනිමි. බුදුරජ තෙමේ දිව්‍යමය සුවඳ ඇති ඒ සලල මල් ආඝ්‍රාණය කෙළේය.
3216. පටිග්ගහෙත්වා සම්බුද්ධො විපස්සී ලොකනායකො, උපසිඞ්ඝි මහාවීරො පෙක්ඛමානස්ස මෙ සතො.
3216. ලෝකනායක වූ මහාවීර වූ විපස්සී සම්බුදුරජතෙමේ මා බලා සිටියදී ම එය ආඝ්‍රාණය කෙළේ ය.
3217. පසන්නචිත්තො සුමනො වන්දිත්වා දිපදුත්තමං, අඤ්ජලිම්පග්ගහෙත්වාන පුන පබ්බතමාරුහිං.
3217. (ඉක්බිති) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැඳ නැවත ද ඇඳිලි බැඳ පර්වතයට නැංගෙමි.
3218. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
3218. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3219. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3219. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සලලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
සලලපුප්ඵියස්ථවිරාවදානය දසවැනියි.
උද්දානං:
උද්දානය:
මන්දාරවඤ්ච කක්කාරු භිස කෙසරපුප්ඵියො අඞ්කොලකො කදමබී ච උද්දාල එකචම්පකො තිමිරං සලලඤ්චෙව ගාථා තාළීස එව ච.
මන්දාරව කක්කාරු භිස කේසරපුප්ඵිය අඞ්කෝලක කදම්බී උද්දාලී ඒකචම්පක තිමිර සලල යයි ගී සාළිසෙක් ම වන්නේ.
මන්දාරවපුප්ඵියවග්ගො සත්තතිංසතිමො.
සත්තිස්වැනි මන්දාරවපුප්ඵිය වර්ගය යි.