යෙදුමෙන් කියවන්න

361. මන්‍දාරවපුප‍්ඵියත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

361. මන්‍දාරවපුප‍්ඵියත්‍ථෙරාපදානං.

361. මන්‍දාරවපුප්ඵිය ස්ථවිරාවදානය

3180. තාවතිංසා ඉධාගන‍්ත්‍වා මඞ‍්ගලො නාම මාණවො, මන්‍දාරවං ගහෙත්‍වාන විපස‍්සිස‍්ස මහෙසිනො.

3180-3181. මඞ්ගල නම් මාණවක වූ මම මදාරා මල් ගෙණ තව්තිසා දෙව්ලොව සිට මෙහි පැමිණ සමාධියෙන් වැඩ හුන් විපස්සී බුදුරජුන්ගේ මස්තකයෙහි දැරීමි. (එය බුදුරජුන්හට මල්කුඩයක් මෙන්) සතියක් දරා සිට නැවත දෙව්ලොව ගියෙමි.

3181. සමාධිනා නිසින‍්නස‍්ස මත්‍ථකෙ ධාරයිං අහං, සත‍්තාහං ධාරයිත්‍වාන දෙවලොකං පුනාගමිං.

3182. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3182. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3183. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3183. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මන්‍දාරවපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

මන්‍දාරවපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

මන්‍දාරවපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.

362. කක‍්කාරුපුප‍්ඵියත්‍ථෙරාපදානං.

362. කක්කාරුපුප්ඵිය ස්ථවිරාවදානය

3184. යාමා දෙවා ඉධාගන‍්ත්‍වා ගොතමං සිරිවච‍්ඡසං, කක‍්කාරුපුප‍්ඵං පග‍්ගය‍්හ බුද‍්ධස‍්ස අභිරොපයිං.

3184. (මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණ ශ්‍රීමත් වූ ගෞතමයන් වහන්සේ දැක) කැකිරිමල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.

3185. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3185. මෙයින් දෙයානූවන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3186. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3186. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කක‍්කාරුපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කක‍්කාරුපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

කක්කාරුපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.

363. භිසමුළාලදායකත්‍ථෙරාපදානං

363. භිසමුළාලදායක ස්ථවිරාවදානය

3187. ඵුස‍්සො නාමාසි සම‍්බුද‍්ධො සබ‍්බධම‍්මානපාරගූ, විවෙකකාමො සප‍්පඤ‍්ඤො ආගච‍්ඡි මම සන‍්තිකෙ.

3187. සියලු ධර්‍මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්‍වඥවරයෙක් විය. විවේකය කැමැති සප්‍රාඥ වූ උන්වහන්සේ මාගේ සමීපයට පැමිණිසේක.

3188. තස‍්මිං චිත‍්තං පසාදෙත්‍වා මහාකාරුණිකෙ ජිනෙ, භිසං මුළාලං පග‍්ගය‍්හ බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

3188. පස්මරුන් ජයගත් මහාකාරුණික වූ ඒ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම නෙළුඹුඅල හා දඬු ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.

3189. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං භිසමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භිසදානස‍්සිදං ඵලං.

3189. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් නෙළුඹල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹල දනෙහි මේ විපාක යි.

3190. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3190. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා භිසමුළාලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසමුළාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

භිසමුළාලදායකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

භිසමුළාලදායකස්ථවිරාවදානය තෙවෙනියි.

364. කෙසරපුප‍්ඵියත්‍ථෙරාපදානං

364. කේසරපුප්ඵිය ස්ථවිරාවදානය

3191. විජ‍්ජාධරො තදා අසිං හිමවන‍්තම‍්භි පබ‍්බතෙ, අද‍්දසං විරජං බුද‍්ධං චඞ‍්කමන‍්තං මහායසං.

3191. එකල්හි (මම) හිමවත් පව්වෙහි විද්‍යාධරයෙක් වීමි. (එහිදී) මහත් යශස් ඇති කෙලෙස් රජස් නැති සක්මන් කරන්නා වූ බුදුරජුන් දිටිමි.

3192. තීණි කෙසරිපුප‍්ඵානි සීසෙ කත්‍වානහං තදා, උපසඞ‍්කම‍්ම සම‍්බුද‍්ධං වෙස‍්සභුං අභිපූජයිං.

3192. දොඹමල් තුණක් හිස මත තබාගෙණ වෙස්සභූ බුදුරජුන් වෙත එළඹ පිදීමි.

3193. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3193. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3194. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3194. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කෙසරපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කේසරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කෙසරපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

කේසරපුප්ඵියස්ථවිරාවදානය සිවුවැනියි.

365. අඞ‍්කොලපුප‍්ඵියත්‍ථෙරාපදානං

365. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය

3195. පදුමො නාම සම‍්බුද‍්ධො චිත‍්තකූටෙ වසී තදා, දිස‍්වාන තමහං බුද‍්ධං සයම‍්භුං අපරාජිතං.

3195. එකල්හි චිත්‍රකූට පර්‍වතයෙහි පදුම නම් බුදුරජතෙමේ වැඩ විසී ය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අපරාජිත වූ බුදුරජානන් වහන්සේ දැක-

3196. අඞ‍්කොලං පුප‍්ඵිතං දිස‍්වා ඔචිනිත්‍වානහං තදා, උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං පූජෙසිං පදුමං ජිනං.

3196. එකල්හි පිපුණු රුකඟුන ගසක් දැක මම ඒ මල් නෙලා පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ පිදීමි.

3197. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3197. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3198. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3198. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අඞ‍්කොලපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අඞ‍්කොලපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

අඞ්කෝලපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.

366. කදම‍්බපුප‍්ඵියත්‍ථෙරාපදානං.

366. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය

3199. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ගච‍්ඡන‍්තං අන‍්තරාපණෙ, කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසං බත‍්තිංසවරලක‍්ඛණං.

3199-3200. මම උතුම් පහයෙක හිඳ ඇතුල් වීථියෙහි වඩනා වූ ස්වර්‍ණවර්‍ණ වූ දෙතිස් ලකුණෙන් විසිතුරු වූ කසුන් ඇගෑයක් බඳු ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. ඒ විපස්සී බුදුරජුන්හට කොළොම් මල් ගෙණ පිදීමි.

3200. නිසජ‍්ජ පාසාදවරෙ අද‍්දසං ලොකනායකං, කදම‍්බපුප‍්ඵං පග‍්ගය‍්හ විපස‍්සිං අභිපූජයිං.

3201. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3201. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ (හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3202. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3202. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කදම‍්බපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කදම‍්බපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

කදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනියි.

367. උද‍්දාලපුප‍්ඵියත්‍ථෙරාපදානං.

367. උද්දාලපුප්ඵිය ස්ථවිරාවදානය

3203. අනොමො නාම සම‍්බුද‍්ධො ගඞ‍්ගාකූලෙ වසී තදා, උද‍්දාලකං ගහෙත්‍වාන පූජයිං අපරාජිතං.

3203. අනෝම නම් සම්බුදුරජ තෙමේ ගංඉවුරෙහි වැඩ විසීය. මම එකල්හි ඇසල මල් ගෙණ පස්මරුන් දිනූ උන්වහන්සේට පිදීමි.

3204. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3204. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3205. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3205. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උද‍්දාලපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

උද‍්දාලපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

උද්දාලපුප්ඵියස්ථවිරාවදානය සත්වැනියි.

368. එකචම‍්පකපුප‍්ඵියත්‍ථෙරාපදානං

368. ඒකචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය

3206. උපසන‍්තො ච සම‍්බුද‍්ධො වසතී පබ‍්බතන‍්තරෙ, එකං චම‍්පකමාදාය උපගච‍්ඡිං නරුත‍්තමං.

3206. උපසන්ත නම් සම්බුදු රජ තෙමේ කඳු අතුරෙහි වෙසේ. (මම) එක් සපුමලක් ගෙණ නරෝත්තම වූ ඒ බුදුරජුන් වෙත එළඹියෙමි.

3207. පසන‍්නචිත‍්තො සුමනො පච‍්චෙකමුනිමුත‍්තමං, උභොහත්‍ථෙහි පග‍්ගය‍්හ පූජයිං අපරාජිතං.

3207. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පස්මරුන් දිනූ පසේ බුදුරජුන්හට (ඒ මල්) දොහොතින් ගෙණ පිදීමි.

3208. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3208. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3209. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3209. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකචම‍්පකපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකචම‍්පකපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

ඒකචම්පකපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.

369. තිමිරපුප‍්ඵියත්‍ථෙරාපදානං.

369. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය

3210. චන්‍දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, අද‍්දසං විරජං බුද‍්ධං සාලරාජංව ඵුල‍්ලිතං.

3210. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි යටිහොයට යමි. (එකල්හි) මම පිපුනු සල්රුකක් බඳු ව බබලන්නා වූ බුදුරජුන් දිටිමි.

3211. පසන‍්නචිත‍්තො සුමනො පච‍්චෙකමුනිමුත‍්තමං, ගහෙත්‍වා තිමිරං පුප‍්ඵං මත්‍ථකෙ ඔකිරිං අහං.

3211. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම තිමිරමල් ගෙණ පසේබුදුරජුන්හට මස්තකයෙහි විසුරුවා පිදීමි.

3212. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3212. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3213. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3213. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිමිරපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තිමිරපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං නවමං.

තිමිරපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.